තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

May 2, 2021 at 8:40 am | lanka C news
තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

තවත් දිස්ත‍්‍රික්ක කිහිපයක ග‍්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

එම ප්‍රදේශයන්හි කොරෝනා ආසාදිතයන් ඉහල යාමත් සමග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එසේ හුදකලා කරන ලද ප්‍රදේශයන් මෙසේය.

කොළඹ දිස්ත්‍රික්කය
පිළියන්දල පොලිස් බල ප්‍රදේශය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම්

කළුතර දිස්ත‍්‍රික්කය
වෑකඩ උතුර, කිරිබේරිය සහ පාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම්

නුවරඑළිය දිස්ත්‍රික්කය
නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම

48,859 views

One Comment to “තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…”

  1. මෙත්තවිහාරී හිමි , ගම්පහ says:

    පින්වතුනි , සහෝදර භික්ෂූන් වහන්ස ..,
    “අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් වලින් පිරිත් සහ කවිබණ” උදේ හවස විකාශය කලාට අත්වෙන අමුතු සෙතක් ශාන්තියක් නැත. සිද්ධ වෙන්නෙ “ශබ්ද දූෂණය” පමණි. පිරිතේ අනුසස් ( අනුහස් නොවේ ) ලැබෙන්නෙ එහි වචනවල අර්ථය දැන් , ඒ අර්ථය මෙනෙහිකර ජීවතයට ආදේශ කරගෙන ඒ අනුව ජීවත් වීමෙනුයි. ඒ හැර ලවුඩ්ස්පිකර් වලින් පිරිත් දමා ආවාසයට ගොසින් කැරම් හෝ දාං ක්‍රීඩාව කලාට ඔබේ ගමේ හෝ රටේ ජනතාව සුවපත් වෙන්නෙ නැත. උදර පෝෂණය පිණිස කරණ “කවිබණ” විලාපද උතුම් දහමට එකඟ නැත. බුදු දහමේ එවැනි විකාර දේවල් නම් කොතනකවත් නැත. සිහිබුද්ධියෙන් තේරුම් ගනිත්වා !!!

Main News