තවත් මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපති එක්ක සාකච්චා කරන්න..- රන්ජන් හිරේ සිට හඬා වැටේ…

April 21, 2021 at 9:20 am | lanka C news
තවත් මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපති එක්ක සාකච්චා කරන්න..- රන්ජන් හිරේ සිට හඬා වැටේ…

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නැයි රංජන් රාමනායක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම ඉටු කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කරමින් ජනාධිපති සමග ඒ ගැන සාකච්චා කරන ලද බව ද සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.

මෙම ක‍්‍රියාමාර්ගය ගැනීම සඳහා ජනබලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සියලුදෙනා එකග වූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇති බවත් ඒ සඳහා රංජන් රාමනායක ගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

පසුගියදා විපක්ෂනායකවරයා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමාව සිර දඬුවමින් මුදා ගැනීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නයි රංජන් රාමනායක ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

72,286 views

39 Comments to “තවත් මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපති එක්ක සාකච්චා කරන්න..- රන්ජන් හිරේ සිට හඬා වැටේ…”

  1. UNP-GALIBBA says:

    මාලුවා නහින්නේ කට නිසාලු මූටත් උනේ ඒකයි අර ඉඳියාවේ මෝඩචූන් ෆිල්ම් බලලා වීරයා වෙන්න ගොස් ඉල්ලගෙන කැවා ? මේ වගේ ගොඤන් කෙනෙක්ට ජනාදිපති සමාව දෙන්න ඕනමද කියා ලක්‍ෂවාරයක් විමසිල්ලෙන් බලන්න​??????????

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    දුමින්ද සිල්ව මැතිතුමා හිරේ සිටියදී ගොන්ජාව නිදහස් කලොත් මගේ චන්දය පොහොට්ටුවට නැත….නැත

    • kawinda says:

      ehema vishesha nidahasak dunnoth me rate neethiyen wedak thiyenawada..?

    • Maha sinhale says:

      රන්ජන් වැනි පුද්ගලයකුට නිදහස් දෙනවා නම් සුළු වරදක් කර සිර ගත කල සෑම පුද්ගලෙක්ම නිදහස් කල යුතුයි …රන්ජන්ට පමණක් ඇයි විශේෂත්වයක් ?

  3. PULATHISI says:

    රන්ජන් රාමනායක යනු ධනවත් දේශපාලනයේ නියුක්ත වෙමින් අපේ රටට එරෙහි වෙමින් ලිබරල් වාදීන් වෙනුවෙන් ක්‍රියා කළ කෙනෙකි. දේශපාලන බලය යොදාගනිමින් බොරු නඩුවක් මගින් විවිධ ආකාරයෙන් නිර්දෝසී පුද්ගලයන් හිරගත කිරීමට ක්‍රියා කළ දේශද්‍රෝහියෙකි. දුරාචාරය ජනගත කළ නීච පුද්ගලයෙකි. අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ ඒ නිසාම සිරගතව සිටින දුෂ්ඨයෙකි. එසේ නම් ජනාධිපති සමාව දීමට හෝ ඒ ගැන සාකච්ඡා කිරීමට හෝ ආණ්ඩුව සූදානම් වන්නේ නම්, ඒ හේතුවෙන් අතිශය බහුතර ජනතාවක් රජයේ විරුද්ධ කාරයන් වනු නියතය.

  4. John the baptice says:

    අනිවාරයෙන් මු එලියට ආපුගමන් නැවත පරණ පුරුද්ද පටන් ගන්නවා එලියට දාන්නේ ප්‍රවේසමෙන්.

  5. පාඨකයෙක් says:

    පක්ෂ පාට කල්ලි කණ්ඩායම් වලට බෙදුන ලාංකිකයාගේ මොලය කුරෝලු වී තිබෙන තරම ඉහත පොස්ටවලින් පෙනේ.

    • Jehan says:

      If president pardon this bastard I am. Never goint to vote him or Pohottuwa or any Rajapaksha

  6. Nimal R says:

    President should immediately pardon Duminda Silva and not this vulture. I can’t think why he is delaying it.

  7. laksman says:

    This is the guy who wanted to send lots of people to jail including GR with our any valid ground. Let him taste that for 4 years.

  8. Robin says:

    This guy must be castrated before releasing after 4 years.

  9. suresh olagama says:

    Bloody coward … where is his the heroism now… … braking under the pressure of Prison life…

Main News