තවත් මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපති එක්ක සාකච්චා කරන්න..- රන්ජන් හිරේ සිට හඬා වැටේ…

April 21, 2021 at 9:20 am | lanka C news
තවත් මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපති එක්ක සාකච්චා කරන්න..- රන්ජන් හිරේ සිට හඬා වැටේ…

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නැයි රංජන් රාමනායක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම ඉටු කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කරමින් ජනාධිපති සමග ඒ ගැන සාකච්චා කරන ලද බව ද සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.

මෙම ක‍්‍රියාමාර්ගය ගැනීම සඳහා ජනබලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සියලුදෙනා එකග වූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇති බවත් ඒ සඳහා රංජන් රාමනායක ගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

පසුගියදා විපක්ෂනායකවරයා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමාව සිර දඬුවමින් මුදා ගැනීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නයි රංජන් රාමනායක ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

73,085 views

39 Comments to “තවත් මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපති එක්ක සාකච්චා කරන්න..- රන්ජන් හිරේ සිට හඬා වැටේ…”

  1. Sam says:

    නාමල් ගොස් ගොන්ජ හමූනාට පස්සෙ තමා කට්ටියම ගොන්ජ නිදහස් කිරීමේ සටන තීවර උනේ. මේකෙ පිටුපස සිටින්නෙත් වරාය නගරය කාඩාකප්පල් කරල ජනාධිපති අමාරුවේ දාන පිරිස .කොහොම උනත් ගොන්ජ නිදහස් කිරීමට සිදු වෙනවා .ජනාධිඔඅතිට වඩා ඒ කල්ලිය බලවත්. ජනාධිපති පබයෙක් කියල නැවතත් ඔප්පු කරනවා .

  2. ධර්ම ගවේශි says:

    කල වැරදි අභිසංකාර නොකර හිරේ සිට ධර්මය ඉගෙන ගන්න බලපං

    • RAJANGANE-GU-BOC-CHAMARA says:

      Apoo ehema koyanda epa…. Ranja mallita salli tiyenawa…
      Enda Ranja Malli Ape-gedara Akka oyawa hodata balagani…..
      Malli Api Ada Hawasata Bomuda, Gal Bottle 2 genda , endako

  3. Pradeep W says:

    He should not be Released. Otherwise this will set a bad example. And any criminal can get out from jail.

  4. නැමිලාවතී says:

    පව් අයියෝ. අනිත් සිරකරුවෝ අතවර කරනවද දන්නේ නැහැ.

    • ඥානසාර says:

      හිර ගේ පන්සලට වඩා ටිකක් වෙනස් බන්.

  5. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    රන්ජ දීපු සිංහ ටෝක් දැන් නෑ. දැන් නැටිට පස්සෙ ගහගත්තු බල්ලෙක් වගේ. මූ යුතුකමි නොදන්නා, කෙළෙහිගුණ නැති පාදඩයෙක්. රාජපක්ෂ පවුලට, රනිල්ට මූ තරමි අපහාස, උපහාස කළ අයෙක් නෑ. පාර්ලිමේන්තුවෙන් පඩි ගන්නෑ, වාහන පර්මිටි ගන්නෑ, දීමනා ගන්නෑ, නිළ නිවාස එපා කියල මූ කළේ පටිටපල් බොරැවක්. ඒ සියළු වරප්‍රසාද මූ ලබාගත්තා. තරැණ මාධ්‍යවෙිදීන් පිරිසකට මල්ලී කියමින් කතාකර, ඔවුන්ද රවටා මූ මාධ්‍ය මගින් උපරිම ප්‍රචාරය ලබාගත්තා. මිනිස්සු ඒවාට රැවටුනා. පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් මූ ගමිපහ දිස්ත්‍රික්කයට සත පහක සේවයක් කළේ නෑ. මිනිස්සුන්ට හමුවෙන්න බෑ. දුරකතන ඇමතුමිවලට කතාකළේ නෑ. නායකතුමාගේ මීටින්, අර සාකචිඡා, මෙි රැස්වීම්වලට යන්න තිබෙන බවට පටිටපල් බොරැකියා මාදිවෙල නිළ නිවාසෙට වෙලා ආතල්ගත්තා. දවල් වෙනකමි බුදියගත්තා. මෙහෙම එවුන් නිදහස්කර ඇති වැඩෙි කුමක්ද?

    දැන් සජිත් මූ බෙිරගන්න දැඟලුවාට සජිත්ටත් කිසිම Capacity එකක් නෑ කියා අපහාසකළේ මොහුයි.
    අධිකරණයෙන් තමයි මූට ඇඟට පතට දැනෙන පාඩමක් ඉගැන්නුවෙි. ජනාධිපතිතුමණි, මූට සමාව දෙන මෝඩවැඩෙි කරන්න එපා.

  6. උපදේශක says:

    නිදහස් කරන්න නම් එපා. මූට කැමරා නැතිව ඉන්න බෑ . නිතරම Attention හොයන මානසික ලෙඩෙක්. ලෙඩේ හොඳ වෙන්න අවුරුදු 4 ම තියන්න ඕනේ… ජනාධිපති තුමනි මතකයි නේද මුන් ඔබලාට විරුද්ධව කටයුතු කල හැටි. නයින්ට කිරි පොවන්න එපා .

  7. Alapaluwa says:

    රංජන් මහත්මයාණෙනි ඇත්තටම අපි ඔබට හිතවත් ඒ වෙන දෙයකට නොවේ රංගන ශිල්පයෙක් විදියට පාටක් පක්ෂයක් නැතිව.නමුත් ඔබතුමා මෙතැනදී විශාල වරදක් කරගෙන තිබෙනවා සමහරවිට ඔබව නොමග යවා තිබෙනවා යම්කිසි කොටසක් එවුන්ගේ අභිමාර්ථයන් ඉස්තාපිත කරගැනීමට එයින් වුයේ ඔබේ නළුකමත්.දේශපාලනයත් දෙයාකාරයෙන් නොසිතා ඔබ නළුකමෙන්ම පාර්ලිමේන්තුවේත් හැසිරෙන්න පටන් ගත්තා.එයින් නොනැවතුණු ඔබ ප්‍රසිද්ද ඉස්තානවල පවා කතා නොකිරීමට පටන් ගත්තා අනවශ්‍ය කරනු මාද්‍ය ඉදිරිපිටද ප්‍රදර්ශණය කල සිනමාවේ රඟපාන විදියට එය බල ඔබගේ වටේ සිටින එවුන් තපුලන්න ගත්විට ඔබ තවතවත් උදම්වි එයම කිරීමට පෙළබුණා  අවසානයේදී කවුද අසරණවුයේ? ඔබම නේද? ඔබට සමාවක් ලැබේවි නුදුරු දිනයකදී එයින්පසුවත්  අනවශ්‍ය දේවල්වලින් බැහැරව තමන්ගේ කටයුතු කරන්න උත්සහා ගන්න එය ඔබගේ ඉදිරි පැවැත්මට ඉතාමත් හිතකරවේවි.Alapaluwa from SA.

  8. මැදමුලනෙ මුත්තා says:

    සිරගතව සිටින රංජන් සියදිවි හානි කරගන්නා බව කියමින් සහ ජනාධිපති සමාව ලබා ගැනීමට සාකච්ඡා කරන්නැයි යයි ඉල්ලා සජිත් ප්‍රේමදාස හමුවේ හඬා වැටී ඇත.
    මෙලෙස හඬා වැටී ඇත්තේ පසුගියදා සජිත් ප්‍රේමදාස අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය,

    ඒ අනුව රන්ජන් බේරා ගැනීම සඳහා ජනපතිගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට පක්ෂයක් ලෙස සාමූහික තීන්දුවට පැමිණි බව ජේ සී අලවතුවල කියයි.

    ජනතාව වෙනුවෙන් අරගල කොට ජීවිතයෙන් වන්දි ගෙවූ , සිර ගතවූ උදාර මිනිසුන් මිහිපිට නැත්තේ නොවේ.නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි, වැනි චරිත වලින් ගත යුතු පාඩම් බොහෝ
    නමුත් රන්ජන් වීරයෙකු වන්නේ සැලෝලයිට් පටවල ( බාල චිත්‍රපටි වල ) පමනි .සැබෑ වීරයෙකු යනු රට වෙනුවෙන් ජනයා වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට සූදානම් අයෙකි.
    හිරු නාලිකාව පසූගිය මැතිවරණයේදී ගෝඨාභයට සහාය දුන්නේ දුමින්ද නිදහස් කරගැනීමේ චේතනාවෙනි. රන්ජන් නිදහස් කළ හොත් දුමින්දට නිදහස ලැබීමද අනිවාර්ය වනු ඇත. ගෝඨාණ්ඩුව රන්ජන් නිදහස් කරන්නේ දුමින්දට හිලව්වක් ලෙසිනි

    විර පුරුෂයන් විසින් පූරණය කළ යුතු භූමිකා රන්ජන් වැනි නිවටයන් රඟදැක්වීමට යාම කෙළවර වන්නේ එක්කෝ කොමඩියක් ලෙසිනි නැත්නම් ඛේදවාචකයකිනි.

  9. චන්ද දායක says:

    වැඳලා හරි ජනාධිපති සමාවක් අරගෙන එලියට ඇවිත් කටයි,……..කයි වහගෙන කොමඩි ෆිල්ම් විතරක් තෝරගෙන නලුවෙක් වගේ ෂේප් එකේ හටපං මචං.
    මේ සිස්ටම් එක හදන්න කාටවත් බෑ. හදන්න ගිහින් බලුවුන හැටි පේනවනේ.

  10. ටකරමා says:

    Your excellency, where is your Army personality? Let the culprit to serve at least one year term, and then show him your pseudo mercy.