තවත් යහපාලන දේශපාලන පළිගැනීමක් අහෝසියි… ලංකා බැංකු සාමාන්‍යාධිකාරී ධුරය සුගත් ගුණසේකරට….

March 2, 2020 at 6:27 am | lanka C news
තවත් යහපාලන දේශපාලන පළිගැනීමක් අහෝසියි… ලංකා බැංකු සාමාන්‍යාධිකාරී ධුරය සුගත් ගුණසේකරට….

යහපාලන ආණ්ඩුව සිදුකළ තවත් දේශපාලන පළිගැනීමක් නිවැරදි කරමින් ලංකා බැංකුවෙි ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ධුරයට විශිෂ්ට බැංකුකරඅවෙකු ලෙස කීර්තියට පත් සුගත් ගුණසේකර පත්කිරීමට පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කළේය.

2018 වසරේ මෙම ධුරය සඳහා නම් තුනක් යෝජනා වූ අතර එම තිදෙනාගෙන් තනතුර සඳහා ඉහළම සුදුසුකම් සපුරා තිබුණේ සුගත් ගුණසේකරය.

එහෙත් 2016 වසරේ පැවති ඔහුගේ දියණියගේ විවාහ උත්සවයට එවක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ඇරයුම් කිරීම සහ එම විවාහයේ සාක්ෂිකරු වශයෙන් ඔහු අත්සන් කිරීම නිසා අදාළ තනතරු සුගත් ගුණසේකරට ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට එවක විෂයභාර එජාප යහපාලන අමාත්‍යවරයා කටයුතු කළේය.

වඩාත් හාස්‍යයට කරුණ වන්නේ සියලු සුදුසුකම් සැපිරුවද සිය දේශපාලන විරුද්ධවාදියකු සමග හිතවත්කම් පැවැත් වූයෙි යැයි සුගත් ගුණසේකරට අදාළ තනතුර ලබා දීම ප්‍රතික්ෂේප කළ එජාප ඇමතිවරයා එජාප හිතවතෙකු වූ සෙනරත් බණ්ඩර එම ධුරයට පත්කිරීමය.

ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක් ජනතාව විසින් ජනාධිපති ධුරයට පත්කළේ මෙම ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටය.

පසුගිය වසර කිහිපය පුරා යහපාලන ආණ්ඩුවේ අනේක පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිලධාරීන්ට යුක්තිය ඉටුකිරීම සඳහාය. විකුණා දැමීමට නියමිතව තිබූ ලාභ ලබන රාජ්‍ය බැංකු පද්ධතිය සහ රාජ්‍ය ආයතන ජාලය ආරක්ෂා කරගැනීමටය.

එම ජනතා අපේක්ෂා අකුරටම ඉටුකිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව බොහෝ පාර්ශවල ඇගයුමට පාත්‍ර වී ඇත.

– emanisa

387 views

15 Comments to “තවත් යහපාලන දේශපාලන පළිගැනීමක් අහෝසියි… ලංකා බැංකු සාමාන්‍යාධිකාරී ධුරය සුගත් ගුණසේකරට….”

  1. යකෝ දේශපාලන ජඩ කම් සාදාරනය කරන්න එපා මහ බැන්කුව සුද්ද කරන්න බැරි නිසා ඔය අනිත් බැන්කු දෙකට සුද්දෙ දෙන්න හදන්නේ සෙනරත් බන්ඩාර මම දන්නව මිනිහට පක්ෂක් නැහැ අඅම්මට තාත්තා ට වත් විශෙශ්ෂයක් නැහැ පාන්දර ගෙදරින් ගියාම රැ දහයට ඇවිත් ආපහු පාන්දර යන්ව.

  2. Nilusha says:

    Mewa hodai nodanna minisunta…How media mislead the public. Good governance can not be expected from this Government also..

  3. කලවානේ මහානාම හිමි says:

    සුගත් ගුණසේකර මැතිතුමා ඉතා දක්ෂ කාර්යක්ෂම ඉතා ඉහළ සමාජ සම්බන්ධතාවන් ඇති බුද්ධිමත් නිළධාරියෙක්

  4. Hemantha says:

    Best wishes.Also Mr .Sumanaweera is a good officer in BOC

  5. Bakussa says:

    රාජ්‍ය ආයතන වලට සුපුරුදු දේශපාලන අතපෙවීම රාජපක්ෂවරුන් විසින් නැවතත් ආරම්භ කර ඇති බවට හොඳම උදාහරනයකි.

    කෙසේ වෙතත් සෙනරත් බණ්ඩාර මහතා මෙම තනතුරට පත්වූයේද මේ ආකාරයෙන් සුදුසුකම් ඇති තවත් නිලධාරියකු කපාදමමිනි. තවද මොහු බැංකුවට අවංකව සේවය කල, වඩා සුදුසුකම් ඇති නිලධාරීන්ට මොහුගේ පරිපාලනය යටතේ උසස්වීම් ලබා නොදෙමින් ඔහුට හිතවත් අයට උසස් වීම් ලබා දෙමින් කටයුතු කල අයෙකි. එම නිලදාරීන්ට කල අසාධාරනයන් දිට්ඨධම්මවේදන කර්මයක් ලෙසින් මොහුට ලැබී තිබේ. එම නිලධාරීන්ව ඇද දැමූ අසරණ භාවයට අද මොහු මුහුණ දෙමින් සිටී.

    සුගත් ගුණසේකර මහතාද සිතට ගත යුත්තේ සුදුසුකම් ඇති නිලධාරීන් අකටයුතුකම් නොකර සාධාරණ ලෙස තම පරිපාලන කටයුතු සිදුකිරීමයි. නැතහොත් එම කර්මයට තමන්ගේ දරු මුණුපුරන්ට හෝ මුහුණදීමට සිදුවන බව සිතට ගත යුතුය.