තවත් රටම ලොක්ඩවුන් එපා.. ජනතාවට සිදුවන්නේ මහමග මියයාමටයි…

July 4, 2022 at 8:40 am | lanka C news
තවත් රටම ලොක්ඩවුන් එපා.. ජනතාවට සිදුවන්නේ මහමග මියයාමටයි…

වත්මන් ආර්ථික අර්බුදයෙන් එළියට ආ හැකි එකම විසඳුම පළමුව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා, එමගින් රට හමුවේ ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට ඊට මහජන විශ්වාසය ලබා ගැනීම බවත් එහිදී රනිල් වික්‍රමසිංහ වෙනුවට සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක අගමැති ධුරයට පත් කිරීමේ තනිපුද්ගල විසඳුම් වලංගු නොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

සර්වපාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාව රටම අකර්මණ්‍ය වී ඇති මේ මොහොතේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් යළි අවධාරණය කොට ඇතැයි පැවසූ ඒ මහතා, සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා එමඟින් ඉදිරිපත් කරනු ලබන ජාතික වැඩපිළිවෙළකට මහජන විශ්වාසය ලබාගත් පසු විදෙස්ගත ශ්‍රීලාංකිකයන් රටට ඩොලර් එවීම, ආයෝජකයන් යළි ආයෝජනය සිදුකිරීම, කර්මාන්තකරුවන් තවදුරටත් තම කර්මාන්ත පවත්වාගෙන යාම සිදුවනු ඇති බවට විශ්වාසය පළ කළේය. කවුරුන් කෙසේ කීවත් සජිත් හෝ අනුර පන්නයේ තනිපුද්ගල පාලනයකට ජාත්‍යන්තර විශ්වාසය හෝ මහජන විශ්වාසය ගොඩනැගීමට නොහැකි වනු ඇති බවටත් එමගින් ‘රනිල් වික්‍රමසිංහ පන්නයේ’ රටම අකර්මණ්‍ය වීමක් යළි සිදු වනු ඇති බවටත් මුසම්මිල් මහතා අනතුරු ඇඟවූයේය.

ඒ නිසා තවදුරටත් රටම ලොක්ඩවුන් වන ආකාරයේ විසඳුම් ලබා නොදී වහාම ජාත්‍යන්තර සහ මහජන විශ්වාසය ගොඩනැගිය හැකි සර්වපාක්ෂික පාලනයක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂ හා බලවේගවලට ඇරියුම් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බල කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

අධ්‍යාපන, සෞඛ්‍ය ක්ෂේත්‍ර බිඳ වට්ටවා, ධීවරයා, ගොවියා, තේ ඇතුළු අපනයන බෝග වගාකරුවන් අසරණ කොට මුළු රටම අකර්මණ්‍ය කර ඇති ආණ්ඩුවක් දෙස තවදුරටත් නිහඩව බලා සිටිය නොහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට, ‘පව් නොදී වහාම ගෙදර යන ලෙස’ බල කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජානිපෙ දේශපාලන මණ්ඩල සභික, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දුන්නේ අද රටේ ආර්ථිකය, විදේශ ප්‍රතිපත්ති හසුරවන්නේ කවුද යන්න ගැටළුකාරී බවත් මෙසේ රට ඉදිරියට ගියහොත් ජනතාවට සිදුවන්නේ මහමග මියයාමට බවත්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එදා විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුව ඉදිරිපත් කළ 11 වැදෑරුම් වැඩපිළිවෙළ අනුව සර්වපාක්ෂික ආණ්ඩුවක් නොපිහිටුවා ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කිරීමෙන් අද රටම අකර්මණ්‍ය කර ඇති බවට ද ඒ මහතා චෝදනා කළේය.

එසේම කිසිදු අමතර බදු පැනවීමකින් තොරව බදු වංචාකරුවන්ගෙන් රුපියල් බිලියන දෙසීයක් අයකර ගැනීමේ ක්‍රමවේදය සහිත යෝජනාවත් තමා ඇතුළු දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය, ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ඉදිරිපත් කළ ද එය ක්‍රියාත්මක කිරීම තබා ඒ පිළිබඳව සාකච්ඡාවක් හෝ ලබා දීමට ජනාධිපතිවරයා, අගමැති ඇතුළු ආණ්ඩුව කටයුතු නොකළ බවට චෝදනා කර ගාමිණී වලේබොඩ මහතා එසේ තිබියදී වත්මන් අගමැතිවරයා ඉදිරිපත් කට බදු සංශෝධන මගින් උපයාගත හැකි අතිරේක ආදායම රුපියල් බිලියන 125ක් පමණක් බව ද පෙන්වා දුන්නේය.

එසේම මැණික් කර්මාන්තයෙන් මාසිකව රටට උපයා දෙන ඩොලර් මිලියන 30ක ආදායම ඩොලර් මිලියන 100 දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් තමන් ඉදිරිපත් කළ යෝජනාව ද අදාළ බලධාරීන්ගේ අවධානයට යොමු නොවූ බවත් වත්මන් පාලකයන් මැණික් කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන, යන්ත්‍රසූත්‍ර අමතර කොටස් හිඟයෙන් කර්මාන්තයේ නියැලී පිරිස අන්ත අසරණභාවයට පත් කිරීම නම් යහමින් සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ආණ්ඩුව මෙම අර්බුදකාරී තත්ත්වය තුළ පවා උපයන ඩොලර් ප්‍රමාණය පිළිබඳව පවසන්නේ අසත්‍ය බවත් රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය සහ ඒවා වැය වන ආකාරය පිළිබඳව දැන්වත් සත්‍ය තොරතුරු රට හමුවේ තැබිය යුතු බවත් වලේබොඩ මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

38,008 views

8 Comments to “තවත් රටම ලොක්ඩවුන් එපා.. ජනතාවට සිදුවන්නේ මහමග මියයාමටයි…”

  1. සවාධීන says:

    තොපි ම රටට කෙලවලා තොපි ම කියහංකො…..
    විමල්, ගම්මන්පිල, වාසි වාසු, තමයි වගකියන්න ඕන….බලහංකෝ ලබන පාර ඡන්දේ දී අතුගෑවිලාම යන හැටි

  2. SL #gOhOMEgOTA says:

    THIS GVT FKS THE COUNTRY FROM EVERY SIDES. RANIL YOU TOO ARE FAILED. YOU HAVE NO ANSWERS TO THE ONGOING CRISIS.
    AT THE BEGINING , PEOPLE EXPECTED YOU COULD DO SOMETHING AND INVITE ,EXPLAIN THE PUBLIC REGARDING THE SITUATION WE ARE IN,
    YOU SECRETLY SCREWING UP EVERYTHING.

    GO HOME!

  3. rattu says:

    ජාතිවාදය වපුරා රට ඉතා විනාශකාරී සමාජ තත්ත්වයක් නිර්මාණය කිරීම, අන්තර්ජාතික බිල්ලන් නිර්මාණය කර මිනිසුන්ගේ සබැ ප්‍රශ්න යටපත්කර දැමීම. MCC ගිවිසුම පිලිබඳ බොරු කීම. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයකු වන සිරිසේන සමඟ සිටීමින් පාස්කු ප්‍රහාරයේ සත්‍ය වසන් කිරීමට තැත්කිරීම, මේ විනාශකාරී ආණ්ඩුව බලයට පත් කිරීමට වැඩ බැරි ටාසන් කෙනෙකු වූ ගොටභය යනු – ලීක්වා යු, මහතීර් මොහොමඩ්, පුටින්, වැනි ශ්‍රේෂ්ට නායකයකු යයි බොරු කීම. PB ජයසුන්දර වසර දෙකක් තිස්සේ පිස්සූකෙලපු අවස්ථාවේ බලා සිටීම. සිනි හොරකම, සුදු ලුණු හොරකම වැනි විශාල හොරකම් වල දී නැසූ කන් ව සිටීම. බලය තිබු කාලයේ තම නෑදෑයන්ට ගෙවල් ලබාදීම සහ හොර පාස්පෝර්ට්, හැඳුනුම් පත් සකස් කිරීම. ආණ්ඩුවට යන එනමන් නැති වූ පසු ගීලෙන් නැවෙන් පැන ආණ්ඩුවට නඩු දැමීම වැනි ක්‍රියා වලින් ඔබ ඔබවම රවටා ගනී. නමුත් දැන් සිටින සබුද්ධික තරුණයන් ඇඳීම අපහසුය. එබැවින් ඔබ ස්වයං විවේචනයක් කර නැවත දේශපාලනය අරඹන්න. ඔබ දක්ෂයෙකි. ඔබට හොඳ අනාගතයක් ඇත.

  4. VADC says:

    කොච්චර කලත් ගෝටාබයට යන්න කියන්න මුන්ගෙ දිව නැමෙන්නෙ නැති එකනෙ පුදුමෙ කියන්නෙ විමල්ගෙ නඩේ මුලින්ම පිබී ජයසුන්දරට යන්න කීවා ඊට පස්සේ බැසිල්ට යන්න කිව්වා මහින්දයට යන්න කිව්වා දැන් රනිලට යන්න කියනවා කලින් ගියපු එකෙක්වත් ගියා කියලා ප්‍රශ්න විසඳුනේ නෑ ගෝටාබය රටේ මුල් පුටුවෙ මොන විශ්වාසයක්වත් දෙන්නෑ

  5. Jayantha says:

    දැනුත් ඉතින් සර්වපාක්ශිකයිනෙ බං. Unp රනිලා, සජබේ හරීන්,මනූශ,ඩයනා වගෙ එවුන් ඉන්නවා. Slfp එකේ අමරවීර,සුසිල්,සිරිපාලයා වගේ එවුන් ඉන්නවා. පොහොට්ටුවේ කාන්චන,GL,බන්දුල ඉන්නවා.මුස්ලිම් පක්ශ වල එවුන් ටිකක් ඉන්නවා. හොදම දේ චන්දයකට යන එක

  6. Nuwan says:

    අන්ඩුවෙ ඉන්නකොට හෑම ලබ්බම කරලා , අති වෙනකම් හොරාකාල, දෑන් කන්න නෑති උනාම තමා බෞ බෞ ගාන්නෙ.

  7. Kabba says:

    උබලා දැන් ඉවරයි, යන එන මන් නැහැ. ඊලග පාර ගෙදර, අපිත් තොපිලට කබරපු කාලයක් තිබුන, බැසිල් ව පෙන්නලා රට විකුණන ගොඩට වැටුනා

  8. Mahinda says:

    මූ සම් මිල් ට තාමත් තොප්පියේ ඉදිරිපස හොයාගන්ට බැරුව ද්ගලනවා.

Main News