තවත් රට වහන්න බෑ.. ආර්ථිකය කම්පාවෙන්.. රට විවෘත කල යුතුයි..- මුදල් රාජ්‍ය ඇමති..

August 28, 2021 at 12:00 pm | lanka C news
තවත් රට වහන්න බෑ.. ආර්ථිකය කම්පාවෙන්.. රට විවෘත කල යුතුයි..- මුදල් රාජ්‍ය ඇමති..

රට වසා තැබීම ශ්‍රී ලංකාවටත් තවදුරටත් ඔරොත්තු නොදෙන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

මෙම රට වසා දැමීමේ විපාකවලට ජනගහනයෙන් අඩකට මුහුණ දීගත නොහැකි බවද සුළු සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ලක්ෂ 45කට පමණ මේ නිසා ඇති වන පීඩාව තවදුරටත් දරා ගත නොහැකි බවත් ඒ මහතා කියා සිටියි.

මෙමගින් රටේ සාර්ව ආර්ථික සාධක කම්පාවට පත්වන බවත් දිගුකාලීන ආර්ථික හානිය දැවැන්ත බවත් ඔහු පෙන්වා දේ.

දැඩි සෞඛ්‍ය රීති ක්‍රියාත්මක කරනාවත් සමගම රට විවෘත කළ යුතු බවද පවසන ඒ මහතා රාජකාරි ව්‍යාපාරික සහ අනිකුත් කටයුතු ද අඛණ්ඩව සිදු කල යුතු බවද කියා සිටී.

තමන් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

28,176 views

29 Comments to “තවත් රට වහන්න බෑ.. ආර්ථිකය කම්පාවෙන්.. රට විවෘත කල යුතුයි..- මුදල් රාජ්‍ය ඇමති..”

  1. Karunarathna says:

    බඩු මිල වැඩි කිය කිය රට වහන්නත් කියනවා.. දෙකෙන් එකක් කියපල්ලා.. දෙකම එකපාර කරන්න බෑ.. කොරෝනා කිය කිය මාස 3කට සැරයක් නිවාඩු දාලා නිකන් පඩි අරගෙන ගෙවල් ඇතුලට වෙලා බුදියගන්න පුරුදු උනාම රටේ ආර්තිකේට කෙල වෙලා බඩු මිල වැඩි වෙනවා තමා..

  2. ks says:

    රට අරින්න ඔනෑ තමයි. හැබැයි කලින්ම කොරෝනා ව්‍යාප්ති සීමාකරල ජාත්‍යන්තර green certificate අරන්. නැතිව කොරෝනා වපුරපු රටක් සමග ආනයන අපනයන වෙලදාමට වෙනත් රටවල් ඉදිරිපත් වෙන ඒකක් නැහැ. ඒ් නිසා රට ඇරිය කියල ඩොලර් අර්බුධයට විසඳුමක් ලැබෙනේනෙ නැහැ.

  3. nimal says:

    මන් පොහොට්ටුවෙ එකෙක් නෙමේ.. ඒ උනාට මේ වෙලාවෙ රට වහල තියෙන සතියක් ගානෙ රටට ඩොලර් බිලියන 1.5ක් නැති වෙනවා (ඩොලර් බිලියන 80ක් වන දළ ජාතික නිශ්පාදනයෙන්).

    මේක ඒඩ්ස්, පිළිකාව වගෙ මරණය නියත ලෙඩක් නෙමේනෙ.. 100කට හැදුනොත් 99ක්ම බේරෙනවා.. මැරෙන්නෙත් නිදන්ගත රෝග තියෙන හෝ කොහොමත් මැරෙන මිනිස්සු..

    රට බංකොලොත් උනොත් මිනිස්සු ව්දින අපා දුක මීට වැඩි.. උදාහරණ ඕන නම් වෙනිසුවෙලාව, ලෙබනන්, සිම්බාබ්වෙ, ඉරාන් බලන්න..

    පොඩි මිනිහට හාල් සේරුවක් වත් ගන්න බැරි වෙනවා උද්දමනය වැඩි වෙලා.. එතකොට 100න් එකෙක් නෙම් 50ක් විතර අන්ත දුප්පත් කාණ්ඩයට වැටෙනවා. මද්‍යම පන්තියක් නෑ එතකොට.. ඉන්නෙ දුප්පත් සහ පෝසත් විතරයි..

    වහන්න කියලා කෑ ගහන අය සංසන්දනය කරලා බලන්න

    නවසීලන්තෙ, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව වගේ වහන් ඉන්න මේක පළමු ඕකෙ රටක් නෙමේ..

    බංකොලොත් වෙන්න නියමිත රටක්..

    • කො​රෝ says:

      කොරෝනා වාට්ටුවකට එබිලා බලපන්. එතකොට පෙනෙයි 100 ට 1ක් මැරෙන හැටි. ඩෙල්ටා එක්ක සෙල්ලම් බෑ ලොක්​කෝ. මම හිටපු තැන ගොඩක් තරුණ අය ම​ලා

    • Gorilla says:

      හරියට හරි මැරුණ අයගෙන් 90% නිදන්ගත රෝග තියෙන, 60ට වැඩි අයවලුන්. ඉතින් ඒ අයගෙන් ආර්තිකයට ලැබෙන සේවය ගොඩක් අඩුයි. ඒ අයට ගෙදර ඉදන් වැඩකරන්න කියලා, සෙසු අයට වැඩ කරන්න දිය යුතුයි.

      • Hi says:

        කොහොමද එහෙම කියන්නෙ හරියටම 60 වැඩි අය මැරෙනවා කියලා.මොකෝ කොරෝනා identity card බලලා නෙවෙයි වැඩේ දෙන්නෙ.
        දැන් හැමෝම කියන්නෙ සෞඛ්‍ය අංශ වලට තේරෙන්නෙ නෑ කියලනෙ.
        ඉතින් තියෙන්නෙ රට ඇරගෙන ඉදලා ලෙඩ්ඩු වැඩිවුනාම ඒ මිනිස්සුන්ට රෝහලට යන්නෙ නැතුව මේ තේරෙන මිනිස්සු ලගට යන්න බෙහෙත් ගන්න.
        රට අරින්න කියලා සිත කාමර වල ඉදන් උපදෙස් දෙන අය පොදු ප්‍රවාහන සේවයකවත් යන අයද?
        අනික රට අරින්න කියලා උපදෙස් දෙන අයට හෝ ඔවුන්ගේ පවුල් වලටත් මේක හැදුනා ම තේරෙයි මේ ලෙඩේ හැටි.

  4. Hedgin says:

    Mungta hamba karaganna awastha nathiweema saha aduweemagana, aarthikaya kesewethath, mung kampa wenawa/wela athi.

  5. Tintin says:

    Me yakatai, bandula waimatai mukuth karaganna baha, kate kaiwaruwa thamai. Unp arnduwa Rs. 10,000/- wadikarala rajaye sewakayanta badu mila vishala lesa adu karala mukuth kiyuwe naha.

  6. 3% ට බය බයියා. says:

    මේගොල්ලන් ගේ සාක්කු කම්පාවෙන්.

    • පුංචි අම්මා says:

      කැට හොලවලා පිනට කාලා පුංචම්මා එක්ක නිදිවදින එව්වන්ට ඕව තේරෙන්නේ නෑ

  7. sira says:

    මූ අන්තවාදියෙක්, මූට ඕන කොහොම හරි රට අරින්න, ජාතිය නැති කරන්න.

  8. N.Wimaladasa says:

    All economics challenges in the currently situation ,which we are undergoing surrounding conditions is complex. By and larger an uncertainties around Economy and balancing of budget before our nation since Covid 19 having unending crisis in every field of Economy. But we have overcome difficulties by ours OWN efforts and managing national resources by vision of Economic Philosophy.