තවත් රාජ්ය ඇමති 06ක් යෝජනා කර ජනපතිට යවයි.. ලයිස්තුව මෙන්න..
April 6, 2019 at 3:00 pm | lanka C news
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 06 දෙනෙකුට රාජ්ය ඇමති ධූර සඳහා නිර්දේශ කරමින් එක්සත් ජාතික පක්ෂ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
එසේ යෝජනා කර ඇති නම් වන්නේ ඒඑච්එම් ෆවුසි, පියසේන ගමගේ, විජිත් විජිතමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න යන ශ්රීලනිප මන්ත්රීවරුන් හා පාලිත රංගේ බණ්ඩාර, සරත් ෆොන්සේකා යන එජාප මන්ත්රීවරුන් පිරිසයි.
ජාතික ආණ්ඩුවක් නොවන විටදී කැබිනට් ඇමතිවරුන් ප්රමාණය 30ත් විය යුතු අතර කැබිනට් නොවන ඇමතිවරුන් ගණන හතළිහක් වෙයි.
දැනට ආණ්ඩුවේ කැබිනට් නොවන හා රාජ්ය ඇමතිව සිටින්නේ තිස් දෙනෙකු පමණි.
කෙසේ වෙතත් මෙම යෝජිත නම් සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් තුටුදායක ප්රතිචාරයක් ලැබී නැත.