තවත් රුපියල් ටි‍්‍රලියනයක් අච්චු ගහන්න ඔ්නෑ..- අගමැති

May 25, 2022 at 12:40 pm | lanka C news
තවත් රුපියල් ටි‍්‍රලියනයක් අච්චු ගහන්න ඔ්නෑ..- අගමැති

මෙරට රුපියල් ආදායම අඩුවී ගොස් ඇති නිසා තවත් රුපියල් ටි‍්‍රලියනයක මුදලක් මුද්‍රණය කරන්නට සිදුව ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මේ බව සදහන් කර ඇත.

ඉදිරි කාලය ජනතාවට තවත් දුෂ්කර වනු ඇති බවත් එම කාලය තුළ මෙරට උද්ධමනය 40% සීමාව ඉක්මවා යනු ඇති බවත් ඔහු එහිදී කියා සිටියි.

ඉදිරි සති හයක් ඇතුලත අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බවද පවසන අමාත්‍යවරයා එමගින් යටිතල පහසුකම් සංවර්ධනයට වෙන්කර ඇති මුදල් වෙනත් සහන වැඩසටහන් සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවද කියා තිබේ.

38,037 views

11 Comments to “තවත් රුපියල් ටි‍්‍රලියනයක් අච්චු ගහන්න ඔ්නෑ..- අගමැති”

  1. පාලිත තෙවරක්පෙරැම says:

    රනිල ආවෙ එක ගලෙන් කුරැල්ලො තුන්දෙනෙක් මරන්න බලාගෙන. සජිය විනාශකිරීම එකක්. අනෙක, ඉතුරැවෙලා තියෙන රටේ සම්පත් මොනව හරි විකුණලා ඩොලර් ටිකක් හොයාගෙන මොකක් හරි රෝලක් ගහල, තව ණයත් වැඩිකරල UNPය විනාශ කළේ මෑන් කියන එකේ අපවාදයෙන් ගැලවෙන්න පුළුවන්ද? කියල ට්‍රයි එකක් දෙන්න. අනිත් එක බැඳුම්කර කේස් එක යටගහගන්න. ඉතිං ඒකට තමයි ඔය වැල්පාලමේ කතාකියල වැල්වටාරම් ගහන්නෙ. රනිල නෙවෙයි මොකා ආවත් ලෝකයෙන් හිඟාකෑමයි, ණය ගැනීමයි හැර වෙනත් විකල්පයක් නෑ. රාජපක්ෂලාටත් එල්ලෙන වැලේ වැල් නැතුව ඉන්නෙ. උංට ෂුවර් රනිල විතරයි. වෙන එකෙකුට උන්දෙන්න බයයි. උං රනිලගෙ කේස් යටගහනවා.මූ උංගෙ කේස් ෂේප් කරනවා. මිනිස්සු ඉවසන්නෙ ඉතාම කෙටි කාලයයි. දැනටම පේන විදියට රනිලටත් යන්න වෙන්නෙ පුපෙං තමයි.

Main News