තවත් වරක් මෛත‍්‍රී ජනාධිපති කරවන්න ශ‍්‍රීලනිපය සටනේ.. මෛත‍්‍රී බෑමයි කියා පොරේලූ..

November 12, 2016 at 8:40 am | lanka C news
තවත් වරක් මෛත‍්‍රී ජනාධිපති කරවන්න ශ‍්‍රීලනිපය සටනේ.. මෛත‍්‍රී බෑමයි කියා පොරේලූ..

2020දී පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කරවීම වෙනවෙන් ඒ මහතාගෙන් කැමැත්ත ගැනීමේ වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

නැවතත් ජනාධිපතිවරණයකට තරග කරන ලෙස කිහිප විටෙකම ඉල්ලා සිටියද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට එකඟ නොවුණු බව පවසන ඇමති ඩිලාක් පෙරේරා කෙසේ හෝ ඔහු කැමැති කරවා ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයිද සදහන් කරයි.

චන්ද්‍රිකා කුමාරතුංගට හෝ මහින්ද රාජපක්‍ෂ මහතාට තවත් ජනාධිපතිවරණයකට තරග කිරීමට හැකියාවක් නැති නිසා ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට හැකියාව ඇති හොඳම සුදුස්සා වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා යයිද ඔහු වැඩි දුරටත්කියා සිටී.

14 views

12 Comments to “තවත් වරක් මෛත‍්‍රී ජනාධිපති කරවන්න ශ‍්‍රීලනිපය සටනේ.. මෛත‍්‍රී බෑමයි කියා පොරේලූ..”

  1. ඕස්ට්‍රේලියන් පගාමරුවා says:

    මට රජකම දෙන්න හදනවා,
    මම එපා, එපා බෑයි කියනවා//

Main News