තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

January 25, 2021 at 11:20 am | lanka C news
තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

කොරෝනා මර්දනය ගැන කතා කරනකොට කොවිඩ් වැලදුණු, එහෙත් සංකූලතා පෙන්වන්නේ නැති පිරිස් සඳහා අදාළ පහසුකම් තිබේනම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්තල තරුණ බල මණ්ඩලය පිහිටුවමින් (24) දින වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“අපි මහජන නියෝජිතයෝ හැටියට ගම්වලට ගියාම ජනතාව අපෙන් ඉල්ලන දෙයක් තමා නිරෝධායන මධ්‍යස්ථානවල වගේම ගෙවල්වලත් නිරෝධායනය වෙන්න අවස්ථාව දෙන්න කියලා. ජනතාවගේ අදහස වෙලා තියෙන්නේ තැන් තැන්වල ගෙනිච්චට කමක් නැහැ. සංකූලතා නැතිනම්, රෝගාබාධ නැතිනම් නිවසේ නිරෝධායනයට අවස්ථාව දෙන්න කියලා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගෙන්, කොරෝනා මර්දන කමිටුවෙන් හා අදාළ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාවගේ එම ඉල්ලීම සලකා බලා නිරෝධායන ක්‍රියාවලිය නිවසේ සිට සිදු කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා.

රජයෙන් නොමිලේ ලබාදෙන නිරෝධායන වැඩපිළිවෙල තිබුනත් සියලු දෙනා එම ස්ථානවලට ගෙනියන්න බැහැ. හෝටල්වලට ගියාම විශාල මුදලක් අය කරනවා. මේක සමහර අයට දරා ගන්න බැහැ. ඒනිසා සමහර අය මේ සම්බන්ධයෙන් නොසතුට පළ කරනවා. අපි මේක තේරුම් ගන්න ඕනේ මහ ජනතාව සමඟ ඉන්න පුද්ගලයින් හැටියට.

කොරෝනා පාලනයට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ විශාල සේවාවක් ඉටුකළා. ඒයාලට අපේ ගෞරවය පුද කළ යුතුයි.

අපි දැක්කා විදෙස් ගතව සිටින ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ අපේ රටට ඔවුන්ව ගෙන්වා ගන්න කියලා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. අපි පැහැදිලිව කියනවා එම පිරිස් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. පසුගිය 21 වෙනිදා සිට ගුවන් තොටුපල විවෘත කිරීමත් සමග ඔවුනට ලංකාවට පැමිණීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා. අදාළ පීසීආර් පරීක්ෂණ කරලා සෞඛ්‍ය උපදෙස් මාලාවක් යටතේ නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු“ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– මාධ්‍ය ඒකකය

53,570 views

20 Comments to “තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…”

  1. Chamath says:

    හොද අදහසක් අපට දේශීය බෙහෙත් අත්හ්හහදාබලන්න පුලුවන්

  2. Chamath says:

    හොද අදහසක් අපට දේශීය බෙහෙත් අත්හදා බලන්න පුලුවන් .

    • Alapaluwa says:

      ධනපාල බාස් වගේ හොරුන්ට හම්බු කර ගැනීමට අවස්ථාවක්

    • LION says:

      කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා …ඉතා හොද අදහසක් ..ගෙදර සිටියානම් මෙලෙකටත් හෙළ වෙද කම් වලින් ජනතාව සුව පත් වෙලා ….බොරු වට ජනතාව බයකරමින් බටහිර බෙහෙත් දීමෙන් කොරෝනා සුව කිරීමට නොහැකියි ..එන්නත් වලට මුදල් යෙදවීමට පුලුවන් නම් ඇයි කොරෝනා සුව කළහැකි ,හෙළ වෛද්‍යවරුන්ට එයට අවස්තාවක් නොදෙන්නේ ? සෑම විටම අපේ හෙළ වෙදකම් වලට ගරහන කළු සුද්දෝ ,පිටරටින් ගෙන ඕනෑම කුණු ගොඩක් විවේචනය නොකර පරික්ෂා නොකර අගය කරනවා ..එය ජාතියේ අවාසනාවක්

  3. Chami says:

    මහජනයා ඡන්දය දුන්නේ මේ ආකාරයේ දේවලට සවන් දීමට නොවේද? ඔයාලට දැන් සතුටුද?

  4. malraj says:

    ඔයාලට දැන් සතුටුද? hitan

  5. Ravana parapura says:

    මේ අයට නිවසටම නොමිලේ හෙළ ඔසු ලබා දුන්නානම් මේදේට මුණ දෙන්න උවමනා නැහැ

  6. Jagath says:

    ඔබට සතුටුයි ද දැන්???

  7. dr says:

    මොකෝ වැනෙන්නේ , ජනතාවගේ ඉල්ලීමක් නොවෙයි මෙයා මුට්ටිය දැමීමේ රජය වෙනුවෙන් ද ?!!

Main News