තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

January 25, 2021 at 11:20 am | lanka C news
තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

කොරෝනා මර්දනය ගැන කතා කරනකොට කොවිඩ් වැලදුණු, එහෙත් සංකූලතා පෙන්වන්නේ නැති පිරිස් සඳහා අදාළ පහසුකම් තිබේනම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්තල තරුණ බල මණ්ඩලය පිහිටුවමින් (24) දින වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“අපි මහජන නියෝජිතයෝ හැටියට ගම්වලට ගියාම ජනතාව අපෙන් ඉල්ලන දෙයක් තමා නිරෝධායන මධ්‍යස්ථානවල වගේම ගෙවල්වලත් නිරෝධායනය වෙන්න අවස්ථාව දෙන්න කියලා. ජනතාවගේ අදහස වෙලා තියෙන්නේ තැන් තැන්වල ගෙනිච්චට කමක් නැහැ. සංකූලතා නැතිනම්, රෝගාබාධ නැතිනම් නිවසේ නිරෝධායනයට අවස්ථාව දෙන්න කියලා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගෙන්, කොරෝනා මර්දන කමිටුවෙන් හා අදාළ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාවගේ එම ඉල්ලීම සලකා බලා නිරෝධායන ක්‍රියාවලිය නිවසේ සිට සිදු කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා.

රජයෙන් නොමිලේ ලබාදෙන නිරෝධායන වැඩපිළිවෙල තිබුනත් සියලු දෙනා එම ස්ථානවලට ගෙනියන්න බැහැ. හෝටල්වලට ගියාම විශාල මුදලක් අය කරනවා. මේක සමහර අයට දරා ගන්න බැහැ. ඒනිසා සමහර අය මේ සම්බන්ධයෙන් නොසතුට පළ කරනවා. අපි මේක තේරුම් ගන්න ඕනේ මහ ජනතාව සමඟ ඉන්න පුද්ගලයින් හැටියට.

කොරෝනා පාලනයට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ විශාල සේවාවක් ඉටුකළා. ඒයාලට අපේ ගෞරවය පුද කළ යුතුයි.

අපි දැක්කා විදෙස් ගතව සිටින ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ අපේ රටට ඔවුන්ව ගෙන්වා ගන්න කියලා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. අපි පැහැදිලිව කියනවා එම පිරිස් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. පසුගිය 21 වෙනිදා සිට ගුවන් තොටුපල විවෘත කිරීමත් සමග ඔවුනට ලංකාවට පැමිණීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා. අදාළ පීසීආර් පරීක්ෂණ කරලා සෞඛ්‍ය උපදෙස් මාලාවක් යටතේ නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු“ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– මාධ්‍ය ඒකකය

53,573 views

20 Comments to “තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…”

  1. රන්වල says:

    ගජමිතුරු දිලිතයියාට හා සේනාදිපට්තුමාට සිතේ හැටියට ගසා කෑමට අවස්තාව දීමෙන් පසු හෝ මෙවැනි තීරණේකට එනව නම් ලොකුදෙයක්.අනික ඉතින් ඩොලරයක් දෙසීයට ගිහින් රට නහුතෙට වැටිල බන්කොලොත් වෙලා ඉන්න වෙලාවක තව කන්න ඉතුරු වෙලා තියෙන්නෙ බිම විතරයි.ඒකත් චීනටයි ඉන්දියාවටයි විකුණන් කෑවට පස්සෙ ආයි ඉතින් සුම්ම.ගෑනු ටික පිටරට පටවල ඒ ආදායමින් කාල හෙලයො කියල උදම් අනන ජාතියකට ඕවයි වගක් තියේවිද

  2. ක්‍රිමිනල් says:

    ලංකාවේ එදා මෙදා තුර පැවතියේ නිදහස් අධ්‍යාපනයක් සහ නිදහස් සෞඛ්‍ය සේවාවක් , දැන් මේ පාණ්ඩුව , මේ වියසන අවස්ථාවේ රටේ ප්‍රමුඛතාවය දෙන්න ඔනේ සෞඛ්‍ය අංශයට ,අයවැයෙන් සෞඛ්‍යට ලැබිය යුතු මුදල් කප්පාදු කරන ගමන් පාරවල් කාර්පට් කරන්න මුදල් දෙගුන ,තෙගුන කලා , එන්නතක් ගේන්න සල්ලී නැහැ, පී.සී.ආර් කරන්න සල්ලී නෑ ,වීදේශ ශ්‍රමිකය්න් ගේන්න සල්ලී නැහැ , රොගීන් බලාගන්න සල්ලී නැහැ , කිසි දේකට සල්ලී නැහැ , ප්‍රතිපත්තියක් නෑ ,හැබැයි ගමේ ලිදලග සංගම් තියන්න සල්ලී ඔසේට ,පාරවල් කාර්පට් කරන්න ,කුළුනු ගහන්න සල්ලී ගජරාමෙට .
    මේ පාණ්ඩුවත් ,මහින්ද රාජපක්ශ ගේ සුදු අලි පාණ්ඩුව වගේමයි ,යහපාලනේට ඉතුරුකරලා ගියේ , නැව් එන්නැති වරායවල් , අලි,මීහරක් ලගින පත කාර්පට් පාරවල් , මැස්සො වහල සම්මන්ත්‍රණ ශාලා , ප්ලේන් නොඑන ගුවන් තොටුපොලවල් , පාඩු ලබන නෙලුම් කුළුනු , එත් යහපාලනෙන් මේ පාණ්ඩුවට දුන්නේ , ටයර් කර්මාන්ත ශාලා , ජල පිරිපහදු ,ක්‍රමවත් කසල අංගන , ආර්ථික මර්මස්ථාන , ඉදිරියට වාහන එකලස් කිරීමේ අංගන , තවත් රට ණය නොකර ,අඩුම ගානේ නිකං දෙන සෞඛ්‍ය රටට දීහල්ලා .එච්චරයි .

    • Alapaluwa says:

      මෝඩයො කියවපන් ධම්මික මහතා කීව දේ. අද වෙනකොට ලක්ෂ 40කට එතුමා විසින් සොයාගන්නා ලද මහාර්ඝ පැනිය දීලා. ජනගහනයෙන් 18%ක්. ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුලු මුලුමහත් රජයම එතුමාගේ මෙම පින්වත් සත්කාරය අගය කරනවා. එතමාගෙ ධන පරිත්‍යාගයෙන් තනිවම මෙම සත්කාරය දිගටම කරගෙන යනවා. ලෝකයේ දේශීය වෙදකමින් වසංගතයක් නැතිකරන එකම රට ලංකාව. උඹලගෙ කුහකකමට ඒ උතුම් මිනිහට ගරහනවා. මෙතන කොටන්නෙ නැතිව චන්ඩියනම් කෑගලු පලයං. දොස්තර වගේ කාලිට කියල කන පලාගෙන තමයි එන්න වෙන්නෙ. පිස්සා.

  3. Darshana abayakoon says:

    ලෙඩ්ඩු ටික නෙලුම් කුලුනට යවමුද? නිකන් තියෙන එකෙ වැඩක් ගන්න පුලුවන් නේ.

  4. Ranasinghe says:

    yako me “KUDDA” monada danne corona gena Muu hadanne minissunwa maranna corona wala complications lansa dannawada danne KUDU genna witarai. Gewal wala quarantine kalot gedara inna anik unta mokada wenne Muge mole P….ke da tiyenne

  5. Ranasinghe says:

    Yako what he knows about Corona. He only knows to bring KUDU and distribute. Does he knows about the corona complications, and corona +VE patients are quarantined at home what will happen to the other people those who are staying with him, where is his brain. I think its is in back side of him

  6. කපිල රාජපක්ෂ says:

    මේ යෝජනාව තමයි ඉත+රැ වෙලා තියෙන්නෙ. රෝගීන් කරගන්න හැකි දේශීය වෙදකම් වත් හරියට කර ගනීවි. හැබැයි සංක+ලතා පෙන්වන රෝගීන් හැකි ඉක්මනින් රෝහල් ගත කරන විදියක් හදල මේ තීරණය ගන්න ඔ්න. නැතිනම් අමාරැ වෙන දුප්පපත.+න් ගෙදරම අවසන් ගමන ගිහින් තියේවි.

  7. Srimal says:

    මරුවට තියේ යි…
    අපේ උන් ගෙදරට වෙලා ම ඉදිවී… 😁😂

  8. Jepi buster says:

    නිමල් ලාන්සා මැතිඳුනි කුඩු ගැහුවම ප්‍රතිශක්තිය වැඩිවෙලා කොරෝනා වලින් බේරෙන්න පුලුවන් කියල ප්‍රචාරයක් යැවොත්. බිස්නස් නගී නේද?

  9. Namal says:

    Athi danwath munta mole paduna. Asrana minisungen gasakanaeka werdei

  10. දීපාල් says:

    කොරොනා හැදුනට උනත් සංකූලතා නැතිනම් සෟවුක්‍ය නීති අනුගමනය කරමින ගෙදර සිට සුවවන පිලිවෙත තමයි කල යුත්තේ

Main News