තවත් විශිෂ්ඨ තීන්දුවක්.. රටටම ඇණයක් වෙමින් දුරකතන සමාගම් බලහත්කාරයෙන් එවන ඇමතුම්, කෙටි පණිවුඩ තහනම්..

January 20, 2020 at 2:10 pm | lanka C news
තවත් විශිෂ්ඨ තීන්දුවක්.. රටටම ඇණයක් වෙමින් දුරකතන සමාගම් බලහත්කාරයෙන් එවන ඇමතුම්, කෙටි පණිවුඩ තහනම්..

මෙරට ජංගම දුරකථන පාරිභෝගිකයන් වෙත එම සමාගම් විසින් බලහත්කාරයෙන් එවන ලබන වෙළඳ දැන්වීම් කෙටිපණිවිඩ නතර කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇත.

එම පණිවිඩ නතර කිරීමට පියවර ගන්නා ලෙසත් නැතහොත් ඊට විකල්ප ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා විසින් සියලුම ජංගම දුරකථන සමාගම් වලට දන්වා ඇත.

මෙවන් පණිවුඩ බාධා කරන බවටත් සමහර පණිවුඩවලට මුදල් අය කිරීමක් සිදුවන බවටත් පාරිභෝගික ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගෙන ඇත.

පාරිභෝගිකයන්ගේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන මුදල් අය කරනු ලබන එවන් පණිවිඩද වහා නවතන ලෙස සභා කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

මෙම නියෝගය සඳහා මෙරට සියලු ජංගම දුරකථන කැමැත්ත පළකර ඇත.

73,518 Viewers

32 Comments to “තවත් විශිෂ්ඨ තීන්දුවක්.. රටටම ඇණයක් වෙමින් දුරකතන සමාගම් බලහත්කාරයෙන් එවන ඇමතුම්, කෙටි පණිවුඩ තහනම්..”

  1. WMRB Weerasekara says:

    Very good decition

    • නිමල් says:

      මෙය බොහෝ කාලයකට පෙර කළ යුතුව තිබු දෙයක්, පරක්කුවෙලා හරි මේ ගැන අවධානය යොමු වෙච්ච එක නම් වටිනවා. මේ සමාගම් වලින් එන පණිවිඩ කිසිම වැඩකට නැති ඒව්වා. අනිත් එක තමයි මේ “විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව” රටට තඹ සතයක ප්‍රයෝජනයක් ඇති ආයතනයක් නෙවෙයි! ඒක පාලනය කරන්නේ ටෙලිපෝන් සමාගම් විසින්. ඒක් පැහැදිලි වුනේ අර ගමරාලගේ මල්ලීට දිපු ලක්ෂ 20 පඩියෙන්. ටෙලිපෝන් සමාගම්වලට රටේ ජනතාව හුරගෙන කන්න දීලා “විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව” බලාගෙන ඉන්නවා – මේ සමාගම් හරියට නියාමනය වෙන්නේ නැ! සේවා හරියට ලැබෙන්නේ නැ, රටේ සමහර ප්‍රදේශ වල හරියට සිග්නල්වත් නැ, ඒත් ඩේටා කැපෙන්නේ රි ලෝඩ් එක දාන්නත් ඉස්සර වෙලා – 4 G කියලා කිව්වට 3G වත් නැ මේ රැවටීම් නවත්තලා මිනිස්සුන්ට සාධාරණ සේවාවක් සපයන්න!

    • Jayantha says:

      You can’t even spell decision.

    • sara says:

      Excellent decision. all those messages are utter nonsense.

    • හුරේ දාන්න කලබල වෙන්න එපා. මොකද හෙට කියයි එහෙම තීරණයක් නෑ, මේක බොරුවක් කියලා. සිංහල පමණක් ජාතික ගීය, රැජිනිකාන්ත් ගෙ වීසා, සෙමිලක්ෂරි බස් අහෝසිය ඇතුලුුුසේරටම උනේ ඕකනෙ.

    • dilhara says:

      Should have done long back

  2. Dilshan says:

    Very good thing. It’s a nonsense getting these SMS. We don’t need their ads and tips. No need options just ban them
    Thank you Sir.
    Also please tell them to remove all these telephone towers that clutter our beautiful country side. If things goes on like this tourists will not come to Sri Lanka becuse of these towers

    • Raj Fernando says:

      A great nuisance is removed at last. Telephones (both mobile and fixed) ring and we hastily answer only listen to an uttely useles advertisement. We must thank the person or persons who made this complaint to TRC as well.

      • රසික සූරියාරච්චි says:

        Raja, do you know the meaning of ‘අවධානය යොමුව ඇත’. Does it mean it is already removed?
        Just asking.

        • gona says:

          කරුණාකර ඊලඟ ඡේදයත් කියවන්න​

          “ එම පණිවිඩ නතර කිරීමට පියවර ගන්නා ලෙසත් නැතහොත් ඊට විකල්ප ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා විසින් සියලුම ජංගම දුරකථන සමාගම් වලට දන්වා ඇත.”

          • රසික සූරියාරච්චි says:

            අඩේ අප්පා ඉංගිරිසියෙන් Raj සිංහලෙන් ගොනා. ඒක මරු.

            ගොනෝ ඒක තාම නතරකරලා නෑ. ඕක තේරෙන්න විදියක් නෑනේ උඹ ඉතිං ගොනා නේ.

  3. kamal says:

    තව යෝජනාවක් දියසේනගෙන්
    සිංහලෙන් විදුලි සංදේශ අරඹන්න ඔනේ එයට චිනයේ සිංහල ඉගෙනගත්ත අය හරහා චින තාක්ෂණය හා සහයෝගය ගෙන අප සිංහලයට යායුතුයි. ඉංග්‍රිසි පරිගණක සිංහල ඇප් නෙවෙයි. සිංහලෙන් සියලු දේ කර ඉංග්‍රිසි ඇප් කල යුතුයි. මුලික වශයෙන් මේ සදහා ඊවිස්ලාගේ හා මුද්‍රකාංග සිහංල නියෝජනයෙන් සහාය ගන්න. හෙට චින භාෂාව ලොව රජ වුනොත් ඉංග්‍රිසි වෙනුවට අප චිනයට යනවද ඉංග්‍රිසි හෝ ඡිනයට නෙවෙයි තැන දෙන්න ඔනේ සිංහල වෙලට . සිංහලෙන් හිතන මිනිහෙක් ගොඨාබයට හදන්න බැරි නම් දියසේනගෙන් සහයෝගය නැ මිට කමල් ඉංග්‍රිසි නෙවෙයි සිංහල රාජ්ය භාෂාව කරන තුරු ගිහි ජිවිතයේ ඉන්නවා මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි හා දියසෙන් කුමාරයා වන කමල් හෙවත් අජාසත්ත

    • වෙසමුණි says:

      මෝඩයො, අජාසත්ත තාම ලෝකුඹු නිරයේ. යට ගිලෙන්න පටන් ගෙන අවුරුදු 2500යි ගියෙ. පතුලටම ගිලෙන්න තව අවුරුදු 28,000ක් යනවා. උඩට එන්න 30,000යි. එහෙ ඉඳන්ද උඹ ඔය කතා කරන්නෙ ? 😄

  4. SL says:

    මේකේ තියෙන දුක්කිතම තත්වේ තමයි “ACCEPTED ” OR “REJECTED ” කියල OPTION මුත් එක්ක එන පණිවිඩ . ලංකාවේ බහුතරයක් නොදැනුවත්වම “ACCEPTED ” ඔබනවා .එතනින් පස්සේ රීලෝඩ් කරන ගානේ සල්ලි කැපෙනවා. බහුතරයක් කැපෙන්නේ මොනවටද කියල දන්නෙත් නැහැ. .මම මේක හොඳටම දන්නේ මගේ මවගේ දුරකතනයටත් මේවගේ අකරතැබ්බක් වෙලා තියෙන නිසා. .මොනවා උනත් දුරට්කතන සමාගම මේවගේ බලු විදියට සල්ලි හොයන එක හරියට බස් හෝල්ට් වල ඉන්න කප්පම් කාරයෝ කරන වැඩක් වගේ මයි

  5. B4 UNP now Gota says:

    Well done sir

  6. kamal says:

    ආත්මාර්ථ කාමි වෙන්න එපා සිංහලය ගැන හිතන්න
    අපේ ලමයිනුත් ඉන්නෙ පිටරට තමයි මම කියන්නෙ උන් ගැනවත් හිතන්න එපා සිංහලයෙන් වැඩ පටන් ගන්න. පරිගණක ඔපරේටින් සිස්ටම් ඔක්කොම සිංහලෙන් කරන්න මේ සදහා චිනේ සහයෝගය ගන්න. උඹලට ඉංග්‍රිසි ඔනෙ උඹලා නිවටයි. සිංහලෙන් වැඩ පටන් ගන්න. ඉන්දියාවටත් කියන්න හින්දියෙන් වැඩ පටන් ගන්න කියලා මිට අජාසත්ත මගධයේ රජු

    • hadagasma says:

      English must be. The biggest mistake is done by SDW Bandaranayake. He destroys Sinhalese. Tamils and Muslim community learn English to survive in Sri Lanka. Sinhalese learn only Sinhala. Now, most of us facing problems find a job and communicate with our own Sri Lankan Tamils and Muslims. That’s the problem we face in-country call UNITY.

  7. Sunil says:

    Very Good. Thank you so much.

  8. Jagath says:

    While we are driving, while doctors doing operations and so on …telephone harassment continues..
    Extremely good decision !

  9. sarath bandara says:

    good

  10. VERY Very good decition

  11. සාධාරණ මිනිසා says:

    මාරයි ! මෙහෙම තියනවානම් හාල් කිලෝ 01 රූ.250/= උනත් මොකද ?
    මහා විශාල ප්‍රශ්නයක්නේ විසදලා තියෙන්නේ.
    ඔහොම යන් !

  12. gemunu kaggoda says:

    එහෙම නැතිනම් එම පනිවිඩ ලැබෙන අයටත් යම්කිසි මුදලක් ලැබුනන් ඉතා අගෙයි සමාගම් විතරක් තනියෙන් කන් නැතිව

  13. බන්ඩා says:

    Thank you Thank you. මට මුන් බ්ලොක් කරන්න විදිහක් නැතුවය් හිටියෙ.

  14. upul says:

    What you should do is send back one single message to sender STOP
    Then they have to stop send you this kind of SMS.
    If they send it agin take them court ……..

  15. ඉරාන් says:

    Ban Telemarketing as well.
    අර බැංකුව මේ බැංකුව, අර රක්ෂණය මේ රක්ෂණය, අර ප්‍රමෝෂන් මේ ප්‍රමෝෂන් කියල දෙන අනවසර call ඔක්⁣කොමත් තහනම් කරන්න.

  16. අගුණූකොලේ කිරි මහත්තයා says:

    excellent

  17. Chinthana says:

    Very Good .

  18. Suraj says:

    very good decision, sir. Thank you very much!

  19. ruwan says:

    Mobil flexTV , Hunama fun story kiyala hema masema Mobitel Rs 300k kapanawa. kochchara epa kiwwath active karanawa

  20. Ayotallah says:

    An excellent decision Reloading my Dialog connection the money flies away in 2 days. I checked with Dialog who informed me that that fees are deducted for Insurance, Lottery alert news alert for which I have never given permission. Promptly I stopped all.

Main News