තවත් වෙළදසැල් 22 නායයාම ආසන්නයේ.. ඉවත් නොවන වෙළදසැල් බලපත්‍ර අහොසියි..

July 20, 2019 at 5:30 pm | lanka C news
තවත් වෙළදසැල් 22 නායයාම ආසන්නයේ.. ඉවත් නොවන වෙළදසැල් බලපත්‍ර අහොසියි..

ගිනිගත්හේන නගරයේ නායයාමට ලක් වු වෙළදසැල් 10 අමතරව තවත් වෙළද 22 ක් නායයාමේ දැඩි අවධානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ගිනිගත්හේන නගරයේ පරික්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබා දි ඇති බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසිය.

අද (20) ගිනිගත්හේන අඹගමුව ප්‍රාදේශිය සභා කාර්යයාලයේදි විශේෂ මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් සභාපතිවරයා එ බැව් පැවසිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියේ මිට වසර 30 ට ප්‍රථම ගිනිගත්හේන නගරයේ වෙලදසැල් ඉදි කර ඇති බවයි.

නායයමට ලක් වු  වෙළදසැල් සහ නයයාමේ අවධානමට ලක් වි ඇති වෙළදසැල් ඉදි කිරිම සදහා අඹගුමවේ ප්‍රාදේශිය සභාවේ අනුමැතියක් ලබානොගෙන  එම වෙළදසැල් ඉදි කර ඇති බවද සභාපතිවරයා පැවසිය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හදුනාගෙන ඇති  නායයාමේ අවධානමකට ලක් විය හැකි වෙළදසැල් 22 ක වෙලදසැල් හිමියන්ට ඉන් ඉවත් වන ලෙස දැනුම් දුන් බවත්, එසේ  වෙළදසැල් හිමියන්  වෙළදසැල්වලින් ඉවත් නොවන්නේ නම් වෙළදසැල පවත්වාගෙන යාමට වෙළදුන් විසින්  අඹගමුව ප්‍රදේශිය සභාව වෙතින් ලබාගෙන ඇති වෙළද බලපත්‍රය අහොසි කිරිමට පියවර ගන්නා බවද සභාපතිවරයා මෙම මාධ්‍යය හමුවේදි පැවසිය.

නායයාමේ අවධානමට ලක් වි ඇති නගර මධ්‍යයේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසද  තවදුරටත් නායයාමේ අවධාමක් පවතින නිසා එම මාර්ගයද තවදුරටත් වසා දැමිමට සිදු වන බවත්, එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගයට පිවිස ගිනිගත්හේන බස් නැවතුම්පොල හරහා මහනුවර මාර්ගයට පිවිසෙන ලෙස සභාපතිවරයා ඉල්ලා සිටි.

පවතින තත්ත්වය මත ගිනිගත්හේන නගරයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවත්, බස් නැවතුම්පොල ඉදිරිපිටින් මාර්ගයේ අඩි කිහිපයක් පුළුල් කිරිමට මාර්ග සවංර්ධන අධිකාරිය නිලධාරින් සමග සාකච්ඡා කරන බවද සභාපතිවරයා පැවසිය.

නායයාමේ අවධානමට ලක් වි ඇති වෙළදසැල්  22 වෙනුවෙන් එම වෙළදසැල් හිමියන්ට ගිනිගත්හේන නගරයේ සුදුසු ස්ථානයක අලුතින් වෙළදසැල් ඉදිකිරිම කෙරෙහි තම අවධානය යොමු වි ඇති බවද සභාපතිවරයා මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,445 Viewers
Main News