තවත් වෛද්‍ය විද්‍යල දෙකක් අරඹනවා.. ආණ්ඩුවට විරුද්ව පෙලපාලි යන්නේ වධකයෝ..
March 7, 2017 at 6:48 pm | lanka C news
‘සයිටම් විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් අද රටේ විශාල ප්‍රශ්ණයක් ඇති කර ගෙන තිබෙනවා. සයිටම් විශ්ව විද්‍යාලය ආරම්භ කලේ අපේ රජය නොවෙයි. සයිටම් විශ්ව විද්‍යාලය ආරම්භ කලේ පසුගිය රජයයි. නමුත් අපේ රජය කාලයේ තමයි සයිටම් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන පලමු කණ්ඩායම අවසන් විභාගය සමත් වුනේ. අද අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා, සයිටම් විශ්ව විද්‍යාලය පිලිගන්න කියලා.පසුගිය රජය කාලයේ පෙළපාලි ගියේ අධිකරණ තීන්දුව පිළිගන්න කියලා. අද පෙළපාලි යන්නේ අධිකරණ තීන්දුව එපා කියලා. රජයට අධිකරණ තීන්දු වෙනස් කරන්න බැහැ. සයිටම් විශ්ව විද්‍යාලය පටන් ගන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මිලියන 600 ක් ලබා දුන්නා. එදා කවුරුත් සයිටම් විශ්ව විද්‍යාලයට විරුද්ධ වුනේ නැහැ. එදා විරුද්ධ වුනා නම් සුදු වෑන් එකේ යන්න වෙනවට බයේ’ යයි ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කලේ දින හෝමාගම – දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ නව ගොඩනැගිල්ලේ අවසන් අදියරේ ඉදිකිරීම් පිළිබඳව සොයාබැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් බිලියන 10.2 වියදමින් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදි කෙරේ. ශිෂ්‍ය සහ ගුරු නේවාසිකාගාරයක් , දේශනශාලා , විද්‍යාගාර , ආසන 1400කින් සමන්විත දේශනශාලාවක් ඇතුළු සියළුම පහසුකම් වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතියට අනුව නිර්මාණය වෙමින් පවතී. නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ වසර තුල නිම කිරීමට සැලසුම් කර ඇත.
‘මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරම්භ කලේ එක්සත් ජාතික පක්ෂයයි. එම නිසා නිදහස් අධ්‍යාපනය අපි ආරක්ෂා කරනවා. මුලින්ම පෙළපොත් සහ නිල ඇදුම් නොමිලේ සිසු දරුවන්ට ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි. අපේ රජය වයඹ සහ රත්නපුර ප්‍රදේශ වල අලූතින් වෛද්‍ය විද්‍යාල දෙකක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. මේවා රාජ්‍ය විශ්ව විද්‍යාල , පෞද්ගලික විශ්ව විද්‍යාල නොවේ.
විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා පංති වර්ජනය අවසන් කර නැවත අධ්‍යාපන කටයුතු වලට සහභාගී වන ලෙස. යම් යම් පිරිස් තමන්ගේ දේශපාලන වාසියට මේ විශ්ව විද්‍යාල සිසුන්ව මෙහෙයවනවා. දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ වටිනා කාලය අපතේ නොයවා දේශන වලට සහභාගී වන්න කියලා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වධාකාගාරයක් තිබුණා. මේ විවිධ වධකාගාර පවත්වාගෙන යන වධකයෝ තමයි මේ ආණ්ඩුට බලපෑම් ඇති කරන්නේ. මේ වධකයෝ තමයි ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යන්නේ. අපේ රජය ජනතාව කියනදේ අහන්න සූදානම්, නමුත් වධකයෝ කියන දේ අහන්න සූදානම් නැහැ. මේ ආරම්භ කර තිබෙන විරෝධතා වලින් වෛද්‍ය වෘත්තියේ දියුණුවට සෙතක් සැලසෙන්නේ නැහැ. මේ පෙළපාලි , විරෝධතා කි‍්‍රියාත්මක කරන්නේ දේශපාලන අරමුණක් වෙනුවෙන්. මේ කූඨ උපක්‍රම වලට අසුවෙන්න එපා . අධිකරණයක් ලබා දෙන තීන්දු ආණ්ඩුවට වෙනස් කරන්න බැහැ. වධකාගාර පවත්වාගෙන යන අයට රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හෝ සෞඛ්‍ය ප්‍රතිපත්තිය හෝ තීරණය කරන්න බැහැ’
– රජිත සමරසූරිය
කය්ය පැත්තකින් තියල ඇරපන් දෙකක් නෙවෙයි තුන හතරක් කිරි අල්ලේ. මගේ චන්දේත් දෙනවා.කොමිස් එක කියද මාමේ??
මේ අයට අංගොඩ වගේ තව දෙකක් හදමු
උසස් අධ්‍යාපනේට මහා මාර්ගෙත් ඈඳල හොඳම ගොනෙකුගෙ කරේ බැන්දාම ඒ ගොනා කියයි ඕනම ගොනෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් කියල.
ethamathh hoda deyakk , wadi wediyen rajaye medical college patan ganna ,
දස ලක්ෂ ගනන් මිනිස්සු යන අත්‍යාවශ්‍ය කොච්චියය් කෝච්චි පාරය් නඩත්තු කොරගන්න සල්ලි නැති දිවි නැගුමත් කපන රජය කොහොම තව තව වෙෙද්‍ය විද්‍යාල අරින්න සල්ලි හොයා ගන්නෙ. මෝඩ බලාපොරොත්තු.
very good decision.the latest news we know what happen dabulla hospital.that doctor is not a saitam doctor.
මට කියන්න තියෙන්න ඕන ගොනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්..ඒවගේම යූ.එන්.පී අසමජාති,අවජාතක සාපලත් කුනු බල්ලන්ට, පාර්ශවිකයො කියන උන්ට මෙිවගේ උන් පාර්ලිමන්ට් යවල ඕන තිරිසනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන් බවත් පේනව කියල…
මේ වගේ ජඩ වැඩ කරන්නේ ජෙප්පෝ තමයි. ඔය වගේ වධකාගාර තියාගෙන අහිංසක ළමයින්ට නවක වදය දෙන්නේ උන් තමයි.
වැඩිවැඩියෙන් රජයේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඔබතුමාට යෝධබල යෝධශක්තිය ලැබේවා