ඇදිරි නීතිය තවත් දීර්ඝ කරනවාද.. තීරණාත්මක සාකච්චාවක්..

September 2, 2021 at 12:00 pm | lanka C news
ඇදිරි නීතිය තවත් දීර්ඝ කරනවාද.. තීරණාත්මක සාකච්චාවක්..

පවතින ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව හෙට දිනයේ තීරණයක් ගනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ දී මෙම තීරණය ගනු ඇති බවද ඔහු පැවසීය.

මේ අතර දැනට ක්‍රියාත්මක රට වසා දැමීමේ ප්‍රතිඵල ලබාගැනීමට නම් බීජෞෂණ සමයන් දෙකක්වත් ගත යුතු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

තවත් සති දෙකක්වත් සංචරණ සීමා පවත්වා ගැනීම හා අන්තර්පුද්ගල සබඳතා පැවැත්වීම වැළැක්වීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවද ඔහු පැවසීය.

යම් ලෙසකින් සදුදා දිනයේ සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් ප්‍රසිද්ධ ස්ථානයන්හි ජනතාව ඒකරාශී කිරීම පාලනය කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද ඊට අවශ්‍ය විධිවිධාන දැන්ම සැලසුම් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

එසේ සිදු නොකර නැවතත් සෞඛ්‍ය අංශවලට චෝදනා නොකරන්නැයි ඉල්ලීමක් කරන බවද ඒ මහතා කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වෛරසයෙන් ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වලට අනුගත නොවී රට වසා දැමීමෙන් පමණක් ප්‍රශ්නය විසඳා ගත නොහැකි බවත් ඔහු තවදුරටත් පැවසීය.

රට වසා දැමීමට වඩා වැදගත් වන්නේ රෝගය බෝවීම වළක්වා ගැනීමේ චර්යාධර්ම වලට ජනතාව හුරු වීම බවද ඔහු එහිදී අවධාරණය කළේය.

51,160 views

17 Comments to “ඇදිරි නීතිය තවත් දීර්ඝ කරනවාද.. තීරණාත්මක සාකච්චාවක්..”

  1. හේමන්ත says:

    පරණ එව්වෑ බීජෞෂන සමය දවස් 14ක් උනාට ඩෙල්ටා හැදිලා දවස් 5ක් යන කොට බඩු බනිස් කියලා හැදිච්ච ඈයො කියලා දේවි.

  2. Chathura Gunarathna says:

    rata me thiyena thtwe hatiyta me widiyta giyoth ithin iwarai. wahanna yanna epa dan athi wahan idiya dan aith rata wiurtha kramu, nthnm ithin pas thama kanna wenne kiynn kttiya katawal ul kranawa athi.

  3. Sagarika Alvis says:

    ane dan athi appa adiri nithiya epa wela inne.

  4. Golden Star says:

    කොරෝනා වර්ධන කාර්ය සාධක බලකාය නිදි මරාගෙන වැඩ. ඒකෙ ඉන්න U tube කාරයෝ, කොරෝනා විකුණන මාධ්‍ය කාරයෝ ගෙදර ඉඳන් පඩි ගන්න රජයේ සේවකයෝ, සවුත්තු අමත්‍යන්ශේ පිම්පියෝ, කොරෝනා බෝ කරන ඇමති ඔය ආදී කී නොකී කාලකන්ණි රැල අමුඩ ගහගෙන දඟලන්නේ ලොක් ඩවුන් එකකට යන්න. රට වහල ආර්ථිකයට කෙලවුණාම, ගෙවල්වල හිරවෙලා කන්න නැතිව ඉන්න මිනිස්සු ආණ්ඩුවට විරුද්ධ වුණාම තමුන්ට බලයට එන්න පුළුවන් කියන මෝඩ සජිතුයි, ලපයි කෙල හලන් බලන් ඉන්නවා. ආණ්ඩුව මුන්ගේ ලණු ක කාල රට වැහුවොත් උන්ගේ කරල පැහෙනවා.

  5. කුඹුක්කණ් says:

    මුං එකතු වෙලා හරි තීරණයක් ගනිද?

    මේ කොරෝනා වලට දෙන ප්‍රතිකාරයක් නැති ෆේල් වෙච්ච බටහිර ඇලොපති සේල්ස් රෙප් ලගෙ උපදෙස් අරං ගන්න තීරණ අල කන්නද?

    අර ඇරහං
    ලෙඩෙක්ට කැමති ප්‍රතිකාර ක්‍රමයක් තෝරගන්න නිදහස දීපං
    වැක්සීන් ගැහිල්ල නවත්තපං
    දේශීය ඖෂධ දීපං බටහිර ඉස්පිරිතාල වල ඉන්න උන්ටත් ලෙඩාගෙ කැමැත්ත අනුව.

    ඕවා නොකර , උඹලා කරන්නෙ මේ වා, ඒක හිංදා උඹලා ෆේල්

    එන්නත්කරණය දිගටම කරන්න
    අත දරුවටත් හදිසි භාවිතයේ එන්නත් ගහන්න
    2 මදි නං 3 ක් ගහන්න
    රට වහන්න
    ඩොලර් නෑ කියලා තෙල් මිල වැඩි කරන්න

    බටහිර උගතුන්ගේ මෝඩ උපදෙස් අනුව ක්‍රියාකර ෆේල් වූ විට, උගතුන් හිමිහිට මාරු වී , ජනාධිපති තුමාට අවසානයෙ කරුමය කරගහන්න සිදුවන බව පමණක් මතක තියාගන්න.

  6. හෙලයා says:

    ප්‍රශ්නය තමන්ගෙ වෙනකම් හරියන්නෙ නැහ. ඔය ලොක්ඩවුන් කරන්න කියල කෑ ගහන ගොමා සෙට් එකටයි ආචාරියන්ටයි වැටුප් සය සියලු දීමනා නොදී ඉන්න ලොක්ඩව්න් කාලෙදි.. මුන් ආදායම් උපයන ආයතන වලින් පඩි ගත්තට ඒවා ලැබෙන්නෙ කොහොම්ද කියල දන්නෙ නැහ. මුන් හිතන් ඉන්නෙ සල්ලි ලිදෙන් අදිනව කියල වෙන්න. ඇති. එක මාසයක් කන්නවත් සල්ලි නැතුව මුන්ට ඉන්න කියහoකො බලන්න.. මේ රටේ සාමානය මරන ප්‍රමානය කොහොමත් 400ක් විතර වෙනවා.. ඒ ඔක්කොම කොවොඩ් ගොඩට දාල් බිල්ලො මවනවා. මේවබටහිර මාෆියාවේ කොන්ත්‍රත්

Main News