තවත් සද්දන්ත බිලිවෙයි.. මිය ගිය අලියාගේ සිරුරේ වෙඩි පහරවල්..
December 5, 2018 at 6:29 am | lanka C news
කිලිනොච්චිය මාන්කුලම් පණික්කන්කුලම් ප්රදේශයේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ දැරූ වල් අලියෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බවට මාන්කුලම් පොලීසිය කියා සිටියේය.
කොළඹ කොටුවේ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා ගමන් ගත් රාත්රී තැපල් දුම්රිය මාන්කුලම් දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි රක්ෂිතයේ සිටි වල් අලි රංචුවක් දුම්රිය මාර්ගය හරහා ගමන් කොට ඇති අතර එහිදී එක් වල් අලියෙකු දුම්රියේ ගැටීමෙන් එම වල් අලියා මිය ගොස් ඇත.
දුම්රියේ ගැටීමෙන් මිය ගොස් සිටි වල් අලියාගේ ශරීරය පුරා වෙඩි වැදුනු ස්ථාන රැසක් ඇති බවට අදාල ස්ථානයට පැමිණ පරික්ෂණ සිදු කල කිලිනොච්චිය වනජීවි නිලධාරීන් කියා සිටියහ.
මිය ගිය වල් අලියාගේ අවසන් කටයුතු කිලිනොච්චිය වනජීවි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ