තවත් සුළි සුලගක් ලංකාව ඉදිරියේ.. හෙට සිට දැඩි සුලං-වර්ෂා.. අනතුරු ඇගවේ..
December 4, 2017 at 2:10 pm | lanka C news
කිලෝමීටර 1200ක් පමණ දුරින් ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් ඇති අඩු පීඩන කලාපය ඉදිරියේදී පීඩන අවපාතයක් තෙක් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ නිසා හෙට දිනයේදී ශ්‍රී ලංකාවේ උතුර, නගෙනහිර, දකුණු පළාත් හරහා දැඩි සුලං තත්වයක් බලපනු ඇති බවද ඔවුන් කියා සිටී.
උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම පළාත් හා හම්බන්තොට දිස්ත්රික්කකයට දැඩි වර්ෂාපතනයක් ඇත හැලෙනු ඇති බවත් දෙපාර්තමේන්තුව පුරෝකතනය කරයි.
බස්නාහිර, සබරගමු, ඌව පළාත්වලද තද සුලං හමු යනු ඇති බවද සදහන්ය.
කෙසේ වෙතත් මෙම කැළඹිලි සහගත තත්වය 06 වැනිදා පමණ වන විට ශ්‍රී ලංකාවට උතුරු දෙසින් ඉන්දියාවට ඇතුළු වනු ඇති බවද දෙපාර්තමේන්තුව කියයි.
මේ අතර ශ්‍රී ලංකාවේ බස්නාහිර හා දකුණු මුහුදු තීරයන් ආශ්‍රිතව පසුගලියදා බලපෑ ඔකී සුලි කුණාටුව මේ වන විට ශ්‍රී ලංකාවට ඇති කල බලපෑම මුළුමනින්ම ඉවත්ව ගොස් ඇත.
කවදාවත් නැති විදිහට මහා වැසි, ගංවතුර, නායයාම්.. රජු ධාර්මික නොවුනාම ස්වභාව ධර්මය කැළඹෙනව.. මේකයි වෙලා තියෙන්නෙ..- මෛත්‍රී
කවදාවත් නැති විදිහට මහා වැසි, ගංවතුර, නායයාම්.. රජු ධාර්මික නොවුනාම ස්වභාව ධර්මය කැළඹෙනව.. මේකයි වෙලා තියෙන්නෙ..- මෛත්‍රී
දිට්ට දම්ම වේදනීය කම්ම
පුදුමයි මේ දේ වෙන්නේත් රාජපක්ෂලා නිසා කිව්වෙ නැ තවම
Tsunami awe koi kaleda..
Tsunami awe Chandrikage kale. mama hithanne e kaletath adalai me kathawa.
Ayi? Chandrikage kale neda..?