තවත් හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට ගනී..

March 21, 2017 at 8:40 am | lanka C news
තවත් හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට ගනී..

පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

34 හැවිරිදි මෙම බුද්ධි නිලධාරියා ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 2008 වසරේ මැයි 22 දින මාධ්‍යවේදී කීත් නොයර්ට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිටයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්‍ෂණ මත මෙම බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාල සිදුවීම සම්බන්ධයෙන් මින් පෙර හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

81 views
Main News