පිරිසකට තවත් කොරෝනා..

July 8, 2020 at 3:50 pm | lanka C news
පිරිසකට තවත් කොරෝනා..

තවත් පුද්ගලයන් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඉන් දෙදෙනෙක් බංග්ලාදේශයෙන් හා අනෙක් පුද්ගලයා පිලිපීනයෙන් පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර තිබූ අයයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2084 දක්වා ඉහළ යයි.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ අද වාර්තාව අනුව

ඊයේ පෙරවරු 10.00 සිට අද පෙරවරු 10.00 දක්වා වූ කාලයේ දී පුද්ගලයන් 12 දෙනකු කොරෝනා ආසාදනයෙන් පූර්ණ ලෙස සුවපත් වී නිවෙස් බලා ගොස් ඇත.

එම කාලය තුළ අලුතෙන් හමුවූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 04කි.

ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ පුද්ගලයන් 103 දෙනෙකු පමණි.

ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 2084ක් හමු වී ඇති අතර ඉන් 1967ක් පූර්ණ වශයෙන් සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සුවපත්වීමේ ප්‍රතිශතය 94% ඉක්මවා ඇත.

26,774 Viewers