තවත් 145කට කොරෝනා.. වෙන්කල රෝහල් ඇදන් පිරී යයි..?

October 13, 2020 at 9:53 pm | lanka C news
තවත් 145කට කොරෝනා.. වෙන්කල රෝහල් ඇදන් පිරී යයි..?

මිනුවන්ගොඩ කොරෝනා පුපුරා ආශ්‍රිතව තවත් ආසාදිතයන් 145 දෙනකු වාර්තා වූ බව බොහෝ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඔවුන්ගෙන් 48 දෙනෙකු නිරෝධන මධ්‍යස්ථානය තුළින් හඳුනාගත් අය වන අතර ඉතිරි 97 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන්ය.

ඒ අනුව අද දිනයේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 194 කි.

මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව පමණක් මේ වන විට ආසා ආසාධිතයන් 1591 වාර්තා වී තිබේ.

මේ අතර කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මීට පෙර සඳහන් කර තිබුණේ කොරෝනා ආසාදිතයන් සඳහා රෝහල් 12 ක වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව 1581 බවයි.

අද වාර්තා වූ මෙම නව රෝගීන් සංඛ්‍යාවක් සමඟම රෝහල්ගතව සිටින ආසාදිත ප‍්‍රමාණය 1697 දක්වා ඉහල යයි.

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ඇති ඇඳන් සංඛ්‍යාව 3000 දක්වා වර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසන්නේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් රෝහල් 14ක් සූදානම් කර ඇති බවත් ඒවායේ තවත් ඇදන් 250ක් පමණ ඉතිරිව ඇති බවත්ය.

37,152 views

5 Comments to “තවත් 145කට කොරෝනා.. වෙන්කල රෝහල් ඇදන් පිරී යයි..?”

  1. kolla says:

    pokuru pokuru gaga tawa waha waha hitapn 😀

  2. සිරා says:

    ඔහොම යන් කොහොම හරි ඉන්දියාව පරදා කරමු. බලන්න ගියාම ඕස්ට්‍රේලියාව හොඳ යි නෙ.

  3. සීතා ම්බර කුඩේ says:

    විකාර කතා කරනවා.
    රෝහල් වැඩක් නෑ වහාම ‘සුව ධරණි‘ දෙන්න.
    ඒලියන්ත තුමාගෙ කුණ්ඩලිණි ශක්තිය අල්ලන්න.

    සීත නෝනට කුඩයක් නොදුන්න එකේ සාපෙ.

  4. Alapaluwa says:

    කෝ මේ නිශ්ශංක සේනාධිපති හදනවා කියාපු Floating Hospital ටික??

  5. lotus says:

    WE ARE THE 2nd of world ………………………….Reeespect

Main News