තවත් 1734කට කොරෝනා…

May 18, 2021 at 6:26 pm | lanka C news

අද තවත් කොරෝනා ආසාදිතයන් 1734 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 146,913 දක්වා ඉහල යයි.

4,222 views

7 Comments to “තවත් 1734කට කොරෝනා…”

  1. නාත දේව මංඩලය says:

    තව වට කීයක් තියේද දවසේ රෝගීන් ගාන කියන්න.ඉලෙක්සන් කැම්පේන් දිනන්න අපේ හෙලුප් අරන් අපිව අමතක කරල දැම්ම.අපේ බෝඩ් මීටින් වලට ආපු චන්නල පාවඩදෙනිය ඩොකාල දැන් නිකමට හලෝ එකක් නෑ.අර කාලි නෝන එක්ක පැනි ගහල නෝන්ඩි උන වෙලේ අපි එක්ක ප්‍රොඩක්ට් එකක් ලෝන්ච් කලා නම් ගොඩ දාල දෙන්න තිබ්බ

    • SKF says:

      පලමු දෙවන රැල්ල ආපු වෙලේ නාථ දේව මණ්ඩලේ කියල දුන්නු දේසීය කැද දීපු නිසයි මිනිස්සු මැරුනේ.

      ඒවා සායනික පරීක්ශණ සමත් නැති නිසා පුල්ලෙ නෝනා තහනම් කරා කියලයි ආරන්චිය (සොයා බලා තහවුරු කරගන්න).

      දැන් ඉතින් සායනික පරීක්ශණ සමත් බටහිර බෙහෙත් පෙති විතරක් දෙන නිසා ලක්ශයක් පොසිටිවු උනත් අවුලක් නෑ. ඔක්කොම බේරෙනවා.

      ඇමෙරිකාවේ ලක්ශ ගණන් මැරෙන්නෙ උන් බටහිර බෙහෙත් නොබී, හෙල ඔසු බීපු නිසා.

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        මට දැන් පිස්සු අප්පා

    • රන්වල says:

      දෙයියො හිතන්නෙ මේ අද ලෙඩ උන ගාන කියලද නෑ මේ දවස් කීපෙකට කලින් වාර්තා උන ලෙඩ්ඩු කෑලි වලට කඩල නිව්ස් දෙන්නෙ.අද ලෙඩ්ඩු ගාන එන්නෙ තව සතියකින් .පී සී ආර් රිපෝට් එකක් දෙන්න දවස් පහ හයක් යන රටක අපි තමයි හොදටම කලේ කියල හැක හැක ගානව ඇර වෙන මොනව කරන්න්ද

  2. අනුරාධපුරේ නානක්කා says:

    සොරි අනේ පේන වලට වයිරස් සීන් එක අහු වෙන්නෙ නෑ කියල දැනන් උන්නෙ නෑ ඔක්කොම කියවුනා පේනෙට මෙහෙම කෙලවෙනව කියන එක ඇර.දැන් මම අතේ බදින්න දීපු රතු නූල් බෙල්ලෙ බැද ගන්න.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      මට දැන් පිස්සු අප්පා

  3. ආගමික ශබ්ද දූෂණයෙන් තොර රටක් වෙනුවෙන් says:

    සර්ව ආගමික පූජක පාර්ශවයේ සියල්ලන්ගේම අවධානය පිණිසයි,
    මේ වන විට කෝවිඩ් වසංගතය වෙනුවෙන් වසරකට අධික කාලයක් මුළුල්ලේ ඔබගේ විශ්වාසයන් සහ ඇදහීම් අනුව කොරෝනා මර්ධනය වෙනුවෙන් ලවුඩ්ස්පීකර් මඟින් උදේ සවස යාඤා , පිරිත් , කවිබණ , ස්තෝත්‍ර විකාශය කල බැව් ඔබත් අපත් රටත් දනිමු. එහෙත් පන්සල් අවටත් පල්ලි අවටත් කෝවිල් අවටත් ජීවත්වෙන මිනිසුන් දිගින් දිගටම කොරෝනා රෝගයට ගොදුරු වීමත් එයින් මියයාමත් සිදුවේ. එබැවින් එම ක්‍රමය අසාර්ථක බැව් කණගාටුවෙන් වුවත් කියන්නට කැමැත්තෙමු ! කරුණාකර තව දුරටත් උදේ සවස අහල පහල මිනිසුන්ගේ කන්බෙර පලමින් අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් භාවිතා කිරීම දැන්වත් නවත්වන්න ! එය ශබ්ද දූෂණයකි ! පරිසර දූෂණයකි !
    සංචරණ සීමා පණවා ඇති බැවින් මේ දිනවල බොහෝ දෙනෙක් තම තමන්ගේ නිවෙස්වල කල්ගත කරති. මේ මහා ශබ්ද දූෂණය ඔවුන්ට මහත් හිරිහැරයකි ! එවන් සරල දෙයක්වත් තේරුම් ගැනීමට තරමු බුද්ධියක් නැති පිරිසට නිවන මෙන්ම ස්වර්ගයද , මෝක්ෂයද බොහෝ දුර බැව් දැන්වත් තේරුම් ගන්නේ නම් මැනවි !

Main News