තවත් 180කට කොරෝනා.. කොටුව පොලිසියත් වසා දමයි..

October 21, 2020 at 8:40 am | lanka C news
තවත් 180කට කොරෝනා.. කොටුව පොලිසියත් වසා දමයි..

ඊයේ දිනය තුළ දී පමණක් මිනුවන්ගොඩ පොකුරෙන් කොරෝනා ආසාදිතයන් 180ක් අලුතෙන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම පොකුරේ මුළු ආසාදිතයන් ප්‍රමාණය 2342 දක්වා ඉහළ ගොස් ඇත.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ තොරතුරු තහවුරු කලේය.

මේ අතර නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොටුව පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා ඇත.

ආසන්න පොලිස් ස්ථාන වෙතින් එහි වැඩ ආවරණය කිරීමට කටයුතු යොදා තිබේ.

29,724 views

3 Comments to “තවත් 180කට කොරෝනා.. කොටුව පොලිසියත් වසා දමයි..”

  1. Gota says:

    Ape sir and Dr. Silva na gannawa hodta.

  2. ක්‍රිමිනල් says:

    20 ගේන්න ඔනේ කියලා පක්ශාත් භාගය පොලෙවේ ගහගෙන කමෙන්ටු කොටන තැ.දා.පු.ප.සැ.ගැ.රි. බෛයි මහත්තුරු මේ වගේ පොස්ටූ අස්සේ මීක් සද්දයක් නැතිව ඉන්න හැටි.😂😂

    • kamal says:

      ඇත්ත මචන් එකත් හරියට ජවිපාවුන්ට වටකරලා දෙනකොට ඔහේ මීක් නැතුව ඉන්නවා වගේ

Main News