තවත් 22ක් සුව වී ගෙදර යයි.. මෙරට සුව වීම් 91.1% තෙක් ඉහළට…

July 4, 2020 at 4:40 pm | lanka C news
තවත් 22ක් සුව වී ගෙදර යයි.. මෙරට සුව වීම් 91.1% තෙක් ඉහළට…

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 ක කාලය තුල පුද්ගලයන් 22 දෙනෙකු කොරෝනා ආසාදනය පූර්ණ වශයෙන් සුව වී නිවස බලා ගොස් ඇත.

එම කාලයේදී තවත් 03 දෙනෙකු කොරෝනා ආසදනය වීමෙන් රෝහල් ගත කර තිබේ.

තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ප්‍රමාණය 173කි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය 2069ක් වන අතර ඉන් 1885 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුව වීමේ ප්‍රතිශතය 91.1% දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති වාර්තාවේ මේ බව දැක්වෙයි.

278 views
Main News