තවත් 29කට කොරෝනා.. මිනුවන්ගොඩ පොකුර තවත් ඉහලට..

October 9, 2020 at 8:40 am | lanka C news
තවත් 29කට කොරෝනා.. මිනුවන්ගොඩ පොකුර තවත් ඉහලට..

අද පෙරවරු 05.30 දක්වා පැය 24ක කාලය තුළ රෝනා ආසාදිත පුද්ගලයන් 29 දෙනකු මෙරටෙන් හඳුනාගෙන ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එම 29 දෙනා අතරින් 10 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන්ය.

ඉතිරි 19 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන්ය.

මේ වන විට මිනුවන්ගොඩ පොකුරේ සම්පූර්ණ ආසාදිත ප්‍රමාණය 1053 දක්වා ඉහළ ගොස් තිබේ.

31,388 views

5 Comments to “තවත් 29කට කොරෝනා.. මිනුවන්ගොඩ පොකුර තවත් ඉහලට..”

  1. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    ගිය වතාවේ වගේ මෙවර , පෙරුම්කායම් ගුලි බැඳගැනීම නෑ , රතන සුතුර ඇතුළු තුන් සුතුර මහා හයියෙන් පීකර් වලින් දැමීම හරි අඩුයි , අරව මෙව්වා තම්බා බොන කථා නෑ. මිත්‍යා දේවල් පසුපස ගිය වතාවේ වගේ මේ වතාවේ නොයන එකෙන් පෙනෙන්නේ මේ රටේ මිනිස්සු ටිකක් හරි බුද්ධිමත් කියලයි. ( කොත්තමල්ලි , ඉඟුරු , පත්පාඩගම් , වෙනිවැල් ටිකක් තම්බගෙන බීලා පරිස්සමින් ගෙට වෙලා ඉන්න තමා තියෙන්නෙ. )

  2. කාන්තාර පළඟැටියා says:

    මඤ්ඤොක්කා දඬු ටිකක් හොයාගෙන කම්මැලි නැතිව හිටවන්නලා …. මාස හත අටකින් වගේ අස්වැන්න ගන්න පුලුවන්. එක මහන්සියයි වෙන්න ඕනෑ. පොහොර තෙල් මොකුත් ඕනෑ නෑ. මාසෙකට දෙකකට සැරයක් පස් පොඩ්ඩක් ගොඩ කරන්නයි තියෙන්නෙ ගහ මුලට. අතරින් පතර කලවම් පලා මැල්ලුමට දළු ටිකක් උනත් කඩා ගන්න පුලුවනි. ඉඩ නැති අයට පොහොර ගෝනි බාගෙකට පස් පුරවලා උනත් හදාගන්න පුලුවනි. මේක දකින අය පොඩ්ඩක් හිතලා , ගස් තුන හතරක්වත් අඩුම ගානේ හදාගන්න.

  3. lotus says:

    කෝ මේ අපේ රටේ ස්වාධීනත්වය ගැන පොරටෝක් දීපු බයියො?
    චීනා මේ හදිස්සියේ එන්නෙ ලංකාවෙ උගස් ඔප්පුව ලියාගෙන යන්න.
    දේශප්‍රේමීයො කසාය බීපු ගොලුවො වගේ.

    • Nimal says:

      අපිට එහෙම කිසි දෙයක් වෙලා නෑ බන් , හොදින් ඉන්නවා,උබලානේ අධෝ වාතෙ වෙඩිල්ල කරන් දගලන්නේ, අපේ ආන්ඩුව උබලගේ පාන්ඩුව වගේ නෙමේ හරි දේ හරි වෙලාවට , අපිට කලබලයක් නෑ , උබල රට ගිනි තියන්නේ නැතුව, වට්ටිඅම්මල වගේ හැසිරෙන්නේ නැතුව, පාඩුවේ හිටපල්ලා