තවත් 36ක් සුව වී පිටවේ.. සුව වීමේ ප‍්‍රතිශතය 90% පනී..

July 3, 2020 at 12:40 pm | lanka C news
තවත් 36ක් සුව වී පිටවේ.. සුව වීමේ ප‍්‍රතිශතය 90% පනී..

අද පෙරවරු 10.00 ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිත ව සිටි පුද්ගලයන් 36 දෙනෙකු පූර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

එම කාලයේ දී රෝහල්ගත කර ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 12 දෙනෙකි.

ඒ අනුව දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබා ආසාදිතයන් ප්‍රමාණය 192කි.

මෙරටින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිත ප්‍රමාණයක් 2066 වන අතර ඉන් 1863 දෙනෙකු පූර්ණ ලෙස සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

ඒත් සමගම මෙරට කොරෝනා සුව වීමේ ප්‍රතිශතය 90.1% දක්වා ඉහළ ගොස් ඇත.

294 views
Main News