තවත් 37ක් සුව වී පිටවේ.. මෙරට සුවවීම් ප‍්‍රතිශතය 85% පනී..

July 1, 2020 at 4:40 pm | lanka C news
තවත් 37ක් සුව වී පිටවේ.. මෙරට සුවවීම් ප‍්‍රතිශතය 85% පනී..

අද පෙරවරු දහයෙන් අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිත ව සිටි 37 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

එමෙන්ම එම කාලයේ දී කොරෝනා ආසාදනය වී යැයි තහවුරු වී රෝහල් ගත කර ඇත්තේ හතර දෙනෙකි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී ඇති සංඛ්‍යාව 2047 ක් වන අතර ඉන් 1748 පූර්ණව සුවපත් වී රෝහල් වලින් පිටව ගොස් ඇත.

මෙරට සුව වීමේ ප්‍රතිශතය අද දිනයේ 85% ඉක්මවා ගොස් තිබේ.

294 views
Main News