තවත් 40ක් සුව වී පිටවෙයි.. මෙරට සුව විමේ ප‍්‍රතිශතය මුල්වරට 80% පනී..

June 25, 2020 at 1:20 pm | lanka C news
තවත්  40ක් සුව වී පිටවෙයි.. මෙරට සුව විමේ ප‍්‍රතිශතය මුල්වරට 80% පනී..

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිතව සිටි 40 දෙනකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

එම කාලයේ දී කොරෝනා ආසාදිත බව හදුනාගෙන තවත් 10 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත ප්‍රමාණය 388කි.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2001ක් වන අතර එයින් පූර්ණ වශයෙන් සුවපත් වූ ප්‍රමාණයක් 1602 කි.

ඒ අනුව මෙරට රෝගීන් සුවපත් වීමේ ප්‍රමාණය මුල්වරට 80% ඉක්මවා ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය අද නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.

126 views

4 Comments to “තවත් 40ක් සුව වී පිටවෙයි.. මෙරට සුව විමේ ප‍්‍රතිශතය මුල්වරට 80% පනී..”

  1. dev says:

    Jayen jaya gota sir.

  2. ලා තණකොලපෙත්තා says:

    වාසනාවන්, අවාසනාව නම් මිනිසුන්, ආයතන, ප්‍රවාහන මාධ්‍යය නිරෝධායන නීති පවත්වාගෙන නොයෑමයි.

    නැහැයි කියලා නැහැයි කියලා බැ
    නැහැ කියලා බැරිය මල‌ේ නැහැ කියලා බැරිය නගේ
    නැහැයි කියලා නැහැයි කියලා නෑ නෑ

    මතක තියාගන්න දෙවැනි රැල්ලක් ආවොත් දොස්තර හොඳහිත ලඟවත් බෙහෙත් නැහැ.

  3. Love nature says:

    මේ හැම දේටම ශක්තියක් වුණේ සම්බුදු දහමයි. බුදු සසුන බැබලේවා

  4. ශ්‍රියාණි මල්ලිකා දොඩම්ගස්ලන්ද says:

    කොරෝනා මර්දන කාර්ය සාධක බලකායට ජයවේවා!

Main News