තවත් 503කට කොරෝනා.. ආසාදිතයන් 24,000 ආසන්නයේ..

December 1, 2020 at 8:02 am | lanka C news
තවත් 503කට කොරෝනා.. ආසාදිතයන් 24,000 ආසන්නයේ..

අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 503 දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් අතරින් දේශීයව හඳුනාගත් පුද්ගලයින් 496 දෙනෙක්, විදේශගතව සිට මෙරටට පැමිණි දේශිය පුද්ගලයින් 06 දෙනෙක් (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 03 ක්, කාටාර් සිට මෙරටට පැමිණි එක් පුද්ගලයෙක්, උගන්ඩාවේ සිට මෙරටට පැමිණි එක් පුද්ගලයෙක් සහ එක් මුහුදු ආරක්‍ෂක නිලධාරියෙක්) සහ විදේශගතව සිට මෙරටට පැමිණි එක් මුහුදු ආරක්‍ෂක නිලධාරියෙකු ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්ථා වන්නේ, කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 147 ක්, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 130 ක් සහ මහනුවර ප්‍රදේශයෙන් ආසාදිතයින් 41 ක් ලෙස වේ.

අද (01) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 20,438 ක් වේ. ඉන් පුද්ගලයින් 14,152 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

ඊයේ (30) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 23,986 ක් වන අතර ඉන් පුද්ගලයින් 17,559 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (30) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,309 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (01) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 558 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (01) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 02 ක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් ගලහා සහ අටළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (01) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 118 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (01) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් 49 ක්, UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජර්මනියේ සිට පුද්ගලයින් 05 ක්, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 36 ක් සහ UL 218 දරණ මගී ගුවන් යානය මගින් දෝහා සිට පුද්ගලයින් 59  මෙරටට පැමි‍ණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (01) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 58 ක් තුළ පුද්ගලයින් 6,204 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (30) දිනය තුල PCR පරික්‍ෂණ 12,031 ක් සිදුකර ඇත.

– කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

8,347 views

One Comment to “තවත් 503කට කොරෝනා.. ආසාදිතයන් 24,000 ආසන්නයේ..”

  1. Saradiel says:

    සියලුදෙනාට නව හෙළ ඔසුවෙන් ඉක්මන් සුවය පතමු බුදු සරණයි.