තවත් කොරෝනා මරණයක්… 551කට කොරෝනා.. ආසාදිතයන් 40,000 ආසන්නයේ..

December 26, 2020 at 8:02 am | lanka C news
තවත් කොරෝනා මරණයක්… 551කට කොරෝනා.. ආසාදිතයන් 40,000 ආසන්නයේ..

කොරෝනා ආසාදනයෙන් තවත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සමඟම මෙරට කොරෝනා ආසාදිත මරණ 186 දක්වා ඉහළ යයි.

මියගිය පුද්ගලයා 54 හැවිරිදි අක්කරපත්තු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මේ අතර ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 551කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 39782 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

4,750 views
Main News