තවත් 553කට කොරෝනා.. මෙරට 22,000 පනී…

November 27, 2020 at 8:02 am | lanka C news
තවත් 553කට කොරෝනා.. මෙරට 22,000 පනී…

අද (27) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 559 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් දේශියව පුද්ගලයින් 553 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 05 දෙනෙකු සහ ග්‍රීසීයේ සිට මෙරටට පැමිණි මුහුදු ආරක්‍ෂකයෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 253 ක්, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 65 ක් සහ කලුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 ක් වශයෙන් වේ.

අද (27) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 18,487 ක් වේ. ඉන් පුද්ගලයින් 12,437 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර           –             3,059
කොළඹ මාළු වෙළඳපලේ පොකුර                   –           15,428

ඊයේ (26) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 22,027 ක් වන අතර ඉන් පුද්ගලයින් 15,815 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (26) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,113 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (27) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 369 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (27) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 ක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් පෑලියගොඩ, බම්බලපිටිය සහ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (27) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 99 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (27) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 50 ක්, UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 52 ක්, UL 607 දරණ මගී ගුවන් යානය මගින් ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 191 ක්   සහ UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට පුද්ගලයින් 12 ක්  මෙරටට පැමි‍ණ ඇත. එසේම, අද (27) දින උදෑසන UL 1208 දරණ මගී ගුවන් යානය මගින් ඉතාලියේ සිට පුද්ගලයින් 75 දෙනෙකු මෙරටට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (27) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 47 ක් තුළ පුද්ගලයින් 5,114 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (26) දිනය තුල PCR පරික්‍ෂණ 12,105 ක් සිදුකර ඇත.

– කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

9,441 views

3 Comments to “තවත් 553කට කොරෝනා.. මෙරට 22,000 පනී…”

  1. ආගමික ශබ්ද දූෂණය එපා says:

    ඇතැම් විහාරාධිකාරීන් අහල පහල මිනිස්සුන්ට හිරිහැර පීඩා වෙන ආකාරයට අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර උදේ සවස ක්‍රියාත්මක කරනවා. කුඩා දරුවන්ට , වියපත් වැඩිහිටියන්ට එම අධික ශබ්දය දරන්න අමරුයි. විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන්ද එම නිවාසවල වාසය කරනවා. හෘදයාබාධ සහ අධික රුධිර පීඩනය , ආඝාතය වැනි රෝගවලට ප්‍රතිකාර ගන්නා අයට මේ මහා ශබ්දය හොඳ නෑ.

  2. Sanka says:

    අපි තමයි හොඳටම කරලා තියෙන්නේ!!!!

  3. කඩවත වීරමුණි says:

    අපි දියුණු රට වල වගේ නෙමේ.. ඕස්ට්‍රේලියා වල වගේ නෙම්.. කොරෝනා පාලනය කරලා තියෙන්නේ..හෙට අනිද්දා වෙනකොට දියුණු ර ටවල් පහුකරන් යන සීන් එකක් තියෙන්නේ. ..ඒත් සමාජ පැතිරීම ක් නැහැ. තාම තුන්වන අධියරේ තියෙන්නේ. මල්ලි අපි හරි වෙනස් මල්ලි

Main News