තවත් 69කට කොරෝනා.. අද දින පමණක් 96යි..

May 26, 2020 at 7:02 pm | lanka C news
තවත් 69කට කොරෝනා.. අද දින පමණක් 96යි..

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 69 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙම සියළු දෙනාම කුවේටයේ සිට මෙරටට පැමිණ නිරෝධායන සඳහා යොමු කරන ලද පුද්ගලයන් වෙයි.

මෙම පිරිසක් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1278 දක්වා ඉහළ යයි.

අද දිනයේ හඳුනාගත් ප්‍රමාණය 96ක් වෙයි.

ඉන් 88ක්ම කුවේටයෙන් පැමිණි අය වන අතර ඉතිරි 08 දෙනා නාවුක හමුදාවේය.

253 views
Main News