තවත් 75ක් සුව වී ගෙදර යයි.. මෙරට සුව වීම් ප්‍රතිශතය 89% පනී..
August 2, 2020 at 5:30 pm | lanka C news
අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළදී පුද්ගලයන් 75 දෙනෙකු කොරෝනා ආසාදනයෙන් පූර්ණ වශයෙන් සුවපත් වී රෝහල් වලින් බැහැරව ගොස් තිබේ.
එම කාලයේ දී මෙරටින් කිසිදු කොරෝනා නව ආසාදිත වී නැත.
ඒ අනුව මේ වනවිට මෙරට රෝහල් ගතකර සිටින ආසාදිතයන් සංඛ්‍යාව 290 ක් දක්වා පහළ යැයි.
මෙරටින් වාර්තාවන මුළු ආසාදිතයන් ගණන 2815ක් වන අතර ඉන් 2514 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුව වීමේ ප්‍රතිශතය 89.3% දක්වා ඉහළ ගොස් ඇත.
පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය
පණ ඇති මහා සමුදුර පවුරින් වටය
හෙළ දිවයින මගෙයි මා ඉපදුන රටය
ලොව අන් සියළු දිවයින් මේකට යටය
බුදු සම්ඳුගේ පා පහසින් පිදුනු රට
මා ඉපදුනු මා දැඩිවුණු මගේ රට
ලෝ බලවතුන් ඉදිරියෙ දණ නොනැමු රට
සදා දිනේවා අපගේ උතුම් රට
මල් තුරු ලතාවෙන් හැඩවුණු මගෙ රට
ගං ඔයවලින් තෙත්වුණු සරුසාර රට
කඳු හෙල් දිය ඇළින් පණ නල ගැහෙණ රට
සදා දිනේවා අපගේ උතුම් රට
මිණි මුතු වලින් පොහොසත්වූ මගේ රට
හෙළ සිරිතෙන් ඔප නැංවූ පුංචි රට
ගුණ නැණ බෙලෙන් අවදි කරමු අපේ රට
සදා දිනේවා අපගේ උතුම් රට
අපගේ ජනාධිපතිතුමාට දීර්ඝායු වේවා!
We live almost 30 yrs in USA
Sinhala people have no idea what a great country and leaders they have.