තවම වෙසක් පෝය සද බැස ගිහින් නෑ.. කැබිනට් සංශෝධනය වෙනවාමයි..- ජනාධිපති

May 13, 2017 at 10:00 am | lanka C news
තවම වෙසක් පෝය සද බැස ගිහින් නෑ.. කැබිනට් සංශෝධනය වෙනවාමයි..- ජනාධිපති

කැබිනට් මණ්ඩල සංශෝධනය ස්ථිර වශයෙන්ම සිදු වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සති අන්ත ලංකාදීප පුවත්පතට සදහන් කර ඇත.

මේ සදහා අගමැතිවරයාද එකග වී ඇති බවත් මෙම සංහෝධනය සමග අමාත්‍යංශ ලේකම්වරුන්ගේද සංශෝධනයක් සිදු කරන බව ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

මෙම ඇමති මණ්ඩල සංශෝධනය කරන්නේ ආණ්ඩුවේ හා රටේ යහපත සදහා විවිද පාර්ශවයන්ගේ ඉල්ලීම මත යයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

වෙසක් පෝය සදහා තවම බැස ගොස් නැතැයිද එය තවම හොදට පායා ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

මෙම කැබිනට් සංශෝධනයේදී ප‍්‍රධාන පෙලේ ඇමති ධුරයක් වෙනස් වනු ඇතැයිද පුවත්පත වාර්තා කරයි.

23 views
Main News