තවුහිද් ජමාද් නායකයා සහරාන් නොවේ.. සෞදියේ සිටින නවුෆර් මවුලවි…- රෝහලේ සිටින සහරාන්ගේ බිරිදගේ ප‍්‍රකාශයෙන් හෙලිවේ..

May 6, 2019 at 2:10 pm | lanka C news
තවුහිද් ජමාද් නායකයා සහරාන් නොවේ.. සෞදියේ සිටින නවුෆර් මවුලවි…- රෝහලේ සිටින සහරාන්ගේ බිරිදගේ ප‍්‍රකාශයෙන් හෙලිවේ..

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා සහරාන් නෂීම් නොව සෞදි අරාබියේ වෙසෙන නවුෆර් මවුලවිද යන්න සම්බන්ධයෙන් පොලිසියට බලවත් සැකයක් මතුවී තිබේ.

මෙම සැකය මතුවී ඇත්තේ සහ සහරාන්ගේ බිරිද විසින් කරන ලද ප්‍රකාශයන් අනුව යි.

අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන සහ සහරාන්ගේ බිරිඳගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තම සැමියා වන සහරාන් තව්හීද් ජමාත් සංවිධානයට බඳවා ගත්තේ නවුෆර් මවුලවි නම් සෞදි අරාබිය සිටින පුද්ගලයෙක් විසින් බවයි.

තම සැමියා සියලු දේ කළේ ඔහුගේ උපදෙස් මත බවද සඳහන් කර ඇති අය නවුෆර් සෞදි අරාබියේ සිට වරින් වර ශ්‍රී ලංකාවට එන බවද සඳහන් කර තිබේ.

මේ අනුව තවුෆික් ජමාත් සංවිධානයේ නායකයා සහරාන් නොව මෙම මව්ලවි වරයා බවට බලවත් සැකයක් පවතින බව පොලීසිය සඳහන් කරයි.

සහරාන් මරාගෙන මැරුණු ත්‍රස්ත කණ්ඩායමේ නායකයා පමණක් විය හැකි යැයිද පොලිසිය කියා සිටී.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමර්ශනය කරමින් පවතී.

48 views

8 Comments to “තවුහිද් ජමාද් නායකයා සහරාන් නොවේ.. සෞදියේ සිටින නවුෆර් මවුලවි…- රෝහලේ සිටින සහරාන්ගේ බිරිදගේ ප‍්‍රකාශයෙන් හෙලිවේ..”

  1. sathya says:

    Find out soon……..!

  2. විස්කි මැඩම් says:

    මවුලවි ත්‍රස්තයෙක් නිසා මවුලවිටත් ආගමක් නෑ කියලා කියයි මුන්.
    අපිට ත්‍රස්ත ක්‍රියාකාරකමක් උනාට උන්ට මේක ජිහාඩ් නමැති ශුද්ධ වූ ආගමික යුද්ධයක්.
    කුරාණය සමග භාවිතා කරණ හදිත් නමැති පොත් කියවා ඕක තේරුම් ගන්න.

  3. RAYMOND says:

    ඇයි මේවා මධ්‍ය වල දාන්නේ
    නායකයා නැවත ලංකාවට එනවා මයි එ වෙලාවට අල්ලගන්න පුලුවන්

  4. Mahasona says:

    සැම වසරකම මක්කම යන අයගේ මොල සෝදලා නැවත එන්නේ එම නිසා අපේ රටේ අය මක්කම යෑම තහනම් කල යුතුය

  5. sinha le says:

    මුස්ලිම්වරුන්ට මුන පුරා කෙස් වැවීම තහනම් කල යුතුය මෙය කුඩා දරුවන් බයවිමට හේතුවක් වී ඇත

  6. Dushantha says:

    මෑරුනෙ සහරාන් කියලා ෂුවර්ද? ඒකත් ෂුවර් නෑනෙ. අර බෑග්දෑදිද කොහොද කියන මිනිහා අවුරුදු 5 කට පස්සෙ මතු උනේ. මෑරුනා කියලා ෂුවර් කරගෙනනෙ හිටියෙ.

  7. David Milli-banda says:

    There is no ‘Confidentiality” on investigation findings. WHY ??
    This is very Amateurish by Police. Who is the Senior Officer in charge of the interrogation?

  8. Mohammed says:

    Ade appa………. Shaharan innawada appa……………Allah-hu-akbar…………..Alla-hu-akbar

Main News