තව ටික දිනකින් ආසාදිතයන් පාරේ මැරේවි..

August 19, 2021 at 2:10 pm | lanka C news
තව ටික දිනකින් ආසාදිතයන් පාරේ මැරේවි..

තවත් සති කිහිපයක් යන විට කොරෝනා ආසාදිතයන් මහමග මැරී වැටෙන තත්ත්වයට රට පත්වුණු ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ආණ්ඩුව සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ගණන් නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වනු ඇතැයි ද එම සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පැවසීය.

කොරෝනා වෛරසය ත්‍රස්තවාදයක් හෝ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හෝ සතුරු උපද‍්‍රවයක් නොවන නිසා හමුදාවට සියලු වගකීම් පැවරිය නොහැකි බවද ඒ සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් ගත යුතු බවද ඔහු කියා සිටියේය.

රට පුරා සියලු රෝහල් මේ වන විට කොරෝනා ආසාදිතයින් පිරිහී යමින් ඇති බවත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට දරා ගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඔහු පවසයි.

මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ රටම ටික කාලයකට වසා දැමීම බවත් දැනට ක්‍රියාත්මක සංචාරණ සීමා පැනවීම් ප‍්‍රයෝජනවත් නැති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

49,320 views

23 Comments to “තව ටික දිනකින් ආසාදිතයන් පාරේ මැරේවි..”

  1. dev says:

    ennath tikak tiyanawa pawle aya ewanna gahala dennam

  2. Silva says:

    ජෝසප් ස්ටාලින් සහ ගුරුවරුන් විදුහල්පතිවරුන් , ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් මුලුරටම කොවිඩ් මලගෙයක් කලා. උන් පසුගිය දවස්වල රටපුරාම උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා .

  3. Senevi says:

    Dear Silva,
    You all are henchmen of this failed government.
    This is the end of Rajapakass regime,
    Pisso raja unamai rajun pisso unamai me wage dewal wenawa

  4. 3% ට බය බයියා. says:

    එකා පිට එකා මැරුණත් 🌷 ප්‍රශ්නයක් නැත. අනම් මනම් වානා ඩොලර් තමයි ඕනා.

  5. කුඹුක්කණ් says:

    මේ වෛද්‍යවරුන් කියන උන්ට වැඩ නැද්ද බං, මාධ්‍ය හමු තිය තිය කොරෝනා වලින් මැරෙයි මැරෙයි ගාන්න විතරයි දන්නෙ.

    වැඩ නෑ තමයි, කොරෝනා වලට දෙන්න බෙහෙතක් තාම ඖෂධ සමාගම් වලින් ලියලා දීලා නෑනෙ, ඉතිං ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලාට තියෙන්නෙ , වාචාල කට කියව කියව ඉන්න එක තමා

  6. මකබාවා says:

    හැබෑවටම තොපි ඔය තරම් ජනතාවට ආදරෙයි නම් එදා ගුරු පාහරයො JVP ය පිරිවරාගෙන පෙලපාලි යද්දි ඇයි අඩු තරමින් තොපේ සංගම් අවවාදාත්මකවවත් ප්‍රකාශයක් නිකුත් නොකලෙ. තොපේ දේශපාලනය හිතේ හංගගෙන එදා හිනාවෙවි ඉන්න ඇති ඔෆිස් ඇතුලෙ. දැං තොපිට අවිවේකීව තත්වයට මුහුණ දෙන්නට සිදුවෙලා තියෙන නිසා අහිංසක ජනතාව මතක්වෙලා. පාහර වේ- බල්ලො. කිරි දෙවූ සැනින් මිදෙන්නෙ නැතිලු ඒ වගේ ඔය හිතා මතා කරන අපරාධ වැල් පොලී වෙවී තොපේ පසු පස්සෙ ඒවි. එදාට තොපි වැලපෙන මළ අඳෝනාව අපිට ඇහෙන එකක් නැති උනත් අද අපේ පැතුම එ‍ය වහා වහා ඉක්මන් වී ඒ අහිංසක මිනිසුන් මිය යනවිට විඳි වේදනාව තොපිටද මර ළතෝනියක් වේවාම යන්නයි.

  7. UPUL says:

    කී දෙනෙක් දන්නවද මේක ජේවීපී එකේ වෙද්‍ය සංගමය කියල.

  8. මහරජැනෝ says:

    තමන් විසින්ම සවයං නිරෝධායනය වීම තමයි හොදම විසදුම. ඒත් ඵදා වේල හොයා ගන්න මිනිස්සු කොහොමද කන්නේ.

  9. ප ච ආර් 43 says:

    සංගමේ දොස්තර සභාපති කිවුවට මු ඔර්ජිනල් ජප්පොන්ගේ කුරුටුගාමී සාමාජිකයෙක් මුහුණු පොතෙන් බලාගන්න පුළුවන්. මුන්ම පෙළපාලි තියල දැන් ආණ්ඩුවට බනිනවා.

  10. Saman says:

    Meyala neda Rajithage passa lewa kana mahathwaru. Rata gini tiyanne meyala

Main News