තව දුරටත් ආනයන තහනම එපා.. වෙලදාම යනු ඔබේ බඩු අපට විකිණීම පමණක් නොවේ.. යුරෝපා සංගමය ලක් රජයට විරෝධය දක්වයි…

November 19, 2020 at 11:20 am | lanka C news
තව දුරටත් ආනයන තහනම එපා.. වෙලදාම යනු ඔබේ බඩු අපට විකිණීම පමණක් නොවේ.. යුරෝපා සංගමය ලක් රජයට විරෝධය දක්වයි…

ශ්‍රී ලංකා රජය විසින් ආනයනය තහනම දිගින් දිගටම සිදු කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය කනස්සල්ල පළ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ වෙළඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවයි.

ශ‍්‍රී ලංකාවේ පනවා ඇති ආනයන තහනම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපයේ ව්‍යාපාර වලට සෘණාත්මක බලපෑමක් ඇති වී තිබෙන බවද නිවේදනයේ දැක්වේ.

දිගින් දිගටම ආනයනය සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියාමයන්ට විරුද්ධ බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

මෙය ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල සමඟ එක්ව කරනු ලැබූ නිවේදනයකි.

පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ ඇති අභියෝග ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, යුරෝපා සංගමය හා එහි සාමාජික රටවල් නියෝජනය කරන තානාපතිවරුන් අංශ අවස්ථා ගණනාවනක දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඉහළ පෙළේ පාර්ශිව රැසක් හමුවිය. යුරෝපා සංගමය, දිගු ලාකයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මිතුරෙකු බවත් ගෙවුණු වසර 25ක කාලය පුරාවට යුරෝ බිලියනයකට වැඩි ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පුදානය කර ඇති බවත් එහිදී අවධාරණය කෙරිණි. ඊට අමතරව යුරෝපා සංගමයේ සාමාජික රටවල් ද්විපාර්ශ්වික මට්ටමින් ද ශ්‍රී ලංකාවට විවිධ ආධාර ලබා දී තිබේ.

එම සැලකිය යුතු සංවර්ධන සහයෝගයට අමතව ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා ද සුවිශේෂී සහයෝගයක් ලබාදීමට යුරෝපා සංගමය ක්‍රියාකාර ඇත. ප්‍රධාන වශයෙන් GSP plus පහසුකම හේතුකොටගෙන තීරු බදු සහ කෝටා ගාස්තු නොමැතිව යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. මෙය ශ්‍රී ලංකාව මානව හිමිකම්, ශ්‍රමය, පරිසරය, දේශගුණ විපර්යාස හා යමපාලනය සම්බන්ධයෙන් අන්තර්ජාතික සම්මුතීන් 27ක් අඛණ්ඩව පවත්වාගෙන යෑම පාදක කරගැනීමෙන් අත්කරගත් පහසුකමකි. මෙවැනි ඒකපාර්ශවික වෙළෙඳ වාසි නිසා ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජාත්‍යන්තර අපනයන වෙලෙඳපොළ බවට ද යුරෝපා සංගමය පත්ව සිටී. 2018 සහ 2019 යන වර්ෂ දෙකෙහිදීම යුරෝපය හා ගනුදෙනු කිරීමෙන් යුරෝ බිලියනයකට (රු. බිලියන 220කට) වැඩි ධනාත්මක වෙළෙඳ ශේෂයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවීම ඒ බව මැනවින් තහවුරු කරයි.

කෙසේ නමුත් වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවේ. වර්තමානයේ දී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදේශ ආයෝජනය වෙත ද සෘණාත්මක බලපෑමක් සිදුව තිබේ. කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අරමුණු සාක්ෂාත් කරගැනීමට ද එය බාධාවකි. එමෙන්ම අමුද්‍රව්‍ය හා යන්ත්‍රසූත්‍ර ආනයනයට බාධා මතුවීම තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ද අහිතකර බලපෑමක් එල්ල වේ. තවද දිගින් දිගටම ආනයන සීමා පැනවීම, ලෝක වෙළෙඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූල නොවන බව ද මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමු.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට සහාය දැක්වීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ද අවධානයට යොමුව තිබේ. ශ්‍රී ලංකාවේ විවිධ ජනවර්ග අගර සංහිඳියාව, සාධාරණත්වය හා සාමකාමී පැවැත්ම උදෙසා අඛණ්ඩව කැපවෙන බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබේ. ඒ බව යුරෝපා සංගමය වෙත ද ශ්‍රී ලංකාව තහවුරු කර ඇත. රජය ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමට ද යුරෝපා සංගමය නිරතුරුව සූදානමින් සිටී. විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍ය හා ක්‍රියාශීලී සිවිල් සමාජයක් පවත්වා ගැනීම එහිලා අත්‍යාවශ්‍ය වේ.

අවසාන වශයෙන්, තවදුරටත් ජාත්‍යන්තර බැඳියාවන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අපි මෙසේ නිවේදනය කරන්නෙමු.

– Eu

130,947 views

67 Comments to “තව දුරටත් ආනයන තහනම එපා.. වෙලදාම යනු ඔබේ බඩු අපට විකිණීම පමණක් නොවේ.. යුරෝපා සංගමය ලක් රජයට විරෝධය දක්වයි…”

  1. උක්කුං මල්ලී says:

    මේ ඩිංගිරි කියලා මේකේ කොමන්ට් දාන කෙනා ඉරාජ් ගෙන් පඩි ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අය සර් ෆේල් නෑ කියලා කැම්පේන් එකක් කරනවා. සර් ෆේල් නෑ. කූජිතයි….

    • ඩිංගිරි says:

      හීන බලන ගොන් පොන්නයෝ මම තෝ වගේ එක එකාගේ දෙක සූප්පු කොර කොර පුක ලොවලා එදා වෙල හම්බු කොරන් කන එකෙක් නෙමෙයී. එක එකාට ඕනේ දේවල් කියන්නේ තොපි වගේ පොන්න පුක් වෙසියෝ තමයී. හැම එකාම ඌ වගේ කියල හීන දකින්නේ තෝ වගේ ගොන් පුක් වීසියෝ විතරයී. පිටරට උන්ගේ ගූ කන පොන්න වසල පුක් වේසි. මේ රටේ උන්ට තොපිව තුච්චම වෙලා කුණු කූඩෙට දමලා ඉවරයී. දැන් බොලයී සුදු හාම්පුත්තුන්ගෙන් විසා එකක් ඉල්ලන් උන්ගේ රටටම ගහින් උන්ගේ ගූ වලක් ඉහගෙන කාපන් නැතුව වෙන කොරන්න දෙයක් නැහැ ගොන් පොන්නයා.

  2. Amarabandu says:

    Hari Dan Deepallaa ..Lockdown Karagena Noka nobi Ithurukarapu $$$$$

  3. Shameera Mahawattage says:

    USA is going down. EU is coming up and trying to control the World. UN also. We have a right to do our own business unless it is not diminishing human issues.

  4. දුටුගැමුණු says:

    තොපේ බඩු තොපිම තියා ගනියව් අපිට එපා

Leave a Comment

Main News