තව දුරටත් වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා.. නීතිය මෙන්න..
July 5, 2017 at 6:36 am | lanka C news
පිවිතුරු හෙල උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෙසේ අදහස් පල කලේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය පුරප්පාඩු වටයි තියෙන්නේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිහිටුවන්නේ 1927 අංක 26 දරණ වෛද්‍ය වෘර්තිකයන් ඖෂධ වේදීන් සාත්තු සේවිකාවන් හා හෙදියන් පිලිබද ආඥා පනත යටතේ. ඒ පනතේ 14 වන වගන්තියේ ඉතා වැදගත් කාරණයක් කියවෙනවා. වෛද්‍ය සභාවට පත් කරන අයෙකුගේ දූර කාලය වසර පහකි. එහෙමනම් මේ පනතින් රාජිත සේනාරත්න ඇමතිතුමන්ට බෑ තාවකාලිකව මාස කීපයකට සභාපතිලා පත් කරන්න. පත් කලොත් ඒ පත්වීම වසර පහකට අදාලයි.
මේ පනතේ කියනවා පත්කල අයෙකු නැවත වරක් පත් කිරීමට බලය තියෙනවා. ඒ අනුව කාලෝ ෆොන්සේකා මැතිතුමන්ගේ පස් වසරක සේවා කාලයෙන් පසුව එතුමන්ව රාජිත සේනාරත්න ඇමතිතුමන් විසින් නැවත පත් කිරීම නීත්‍යානුකූලයි. නමුත් ඒ පත්වීම ජූනි 30 දක්වා මාස 6 කටයි කියන කෑල්ල නීත්‍යානුකූල නෑ. ඇයි නීතියේ ඉඩ තියෙන්නේ වසර පහකට පත් කරන්න පමණයි. ඒ නිසා මේ මොහොතෙත් මේ රටේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති දූරයේ ඉන්නේ අපි හැමෝම ගෞරවනීය ලෙස සලකන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමන්.
පක්ෂ භේදයකින් තොරව වෛද්‍ය වෘර්ථිකයන් එකසේ ගරු කරන තවත් කාලෝ ෆොන්සේකා කෙනෙක් මේ මිහිතලය මත නැත. මේ තනතුර කාලෝ ෆොන්සේකා මැතිතුමන් නිසා බැබළුනා මිසක මෙතුමා මේ තනතුර නිසා බැබළුනා නෙමෙයි. කාලෝ ෆොන්සේකා මැතිතුමනි හෙට උදෑසන ඔබ සුපුරුදු පරිදි වෛද්‍ය සභාවේ වැඩට යන්න. මක් නිසාද යත් මේ මොහොතේත් වෛද්‍ය සභාවේ සභාපති ධුරය දරන්නේ ඔබතුමාමයි.
– අරවින්ද අතුකෝරල