තව දුරටත් සැගවී සිටින්නැයි සජිත්ට කියයි..

November 30, 2019 at 3:50 pm | lanka C news
තව දුරටත් සැගවී සිටින්නැයි සජිත්ට කියයි..

පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට තව දුරටත් සැඟවී සිටින්නැයි තමන් යෝජනා කරන බව වරාය හා මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද වන විට එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩී අවසන් යැයි ද ඒ මහතා සඳහන් කළේය.

ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු පැය 24 කින් රටම පිරිසුදු කර ඇති බවත් කී ඔහු මාර්ග තදබදය ද සැලකිය යුතු මට්ටමකින් පහත ගොස් ඇතැයිද සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කරන ලදී

236 views
Main News