තව පොඩ්ඩෙන් මත්පැන් හිගයක්…

December 30, 2021 at 12:40 pm | lanka C news
තව පොඩ්ඩෙන් මත්පැන් හිගයක්…

‘එතනෝල්’ ආනයනය තහනම් කර දේශීය එතනෝල් භාවිත කරන ලෙසට මත්පැන් සමාගම්වලට නියෝග නොකළේ නම් මේ වන විට ගෑස් හිඟවී තිබෙන ආකාරයටම ‘මත්පැන්’වල හිඟයක්ද නිර්මාණය වන්නට ඉඩ තිබිණැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙරට වැඩිම බදු ආදායමක් ලැබෙන ප‍්‍රධානම අංශ දෙක වන්නේ සුරාබදු හා රේගු බදුය. ‘සුරාබදු’ යටතේ වාර්ෂිකව රජයට ලැබෙන බදු මුදල රුපියල් කෝටි 15,000 කි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා දේශීය කර්මාන්ත නඟාසිටුවීමේ අරමුණින් මත්පැන් නිෂ්පාදනයට ගන්නා එතනෝල් ආනයනය තහනම් කළේය.

ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් හා එතනෝල් ව්‍යාපාරිකයන් එම තීරණයට එරෙහිව කතා කළත් මේ වන විට දේශීයව නිපදවන එතනෝල් භාවිත කර මත්පැන් නිෂ්පාදනය කිරීමට සමත්ව සිටී.

ඩොලර් හිඟය නිසා මේ වන විට වෙළෙඳ පොළේ පවතින ගෑස්, කිරිපිටි, සිමෙන්ති මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හිඟය මෙන්ම මත්පැන් බෝතල්වල හිඟයක්ද ඇතිවන්නට ඉඩ තිබූ බවද ඔවුහු සඳහන් කළහ.

වත්මන් පාලනයට පෙර මෙරටට අවශ්‍ය එතනෝල්වලින් සියයට අසූවකට වඩා මෙරටට ගෙන ආවේ විදේශ රටවලිනි.

ශිරාන් රණසිංහ
– divaina

48,619 views

9 Comments to “තව පොඩ්ඩෙන් මත්පැන් හිගයක්…”

  1. Buwa says:

    රට බේරගත්ත විරැවො ටික. තව පොඩ්ඩෙන් ඉලරයි

  2. sunimal says:

    මත්පැන් නිෂ්පාදනය නතර කර කංසා වගාකර අපනය කර විසාල විදේශික මුදලක් ලබාගැනීමට පුලුවන.

  3. චන්ද දායක says:

    ජොනියා දෙයි අරක්කු හිගවෙන්න.

  4. sajith පුතා says:

    දැන් තමයි ඇඟට ලේ ඩිංගක් ඉනුවෙ

  5. ජොනියා says:

    එතනෝල් හදන්නේ උක් ගස්වලින්, දැන් සීනි හදන එක පැත්තකින් තියලා හිඟුරාන, පැලවත්ත ඇතුළු සියලු ලාංකික සීනි කර්මාන්තශාලා එතනෝල් නිෂ්පාදනයට යොමුවී ඇත. දැනට සීනී 90% පමණ පිටරටින් ආනයනය කරයි. කොහොමඩ් ටිකිරි මොලේ. සීනි වලට කෙලවලා අරක්කු බිස්නේස් රැකගත් විරුවා.

  6. LalithM says:

    එතකොට කවුද එතනෝල් හදන්නේ.ජොනී ශෂින්ද්‍ර එහෙම……

  7. Saleem says:

    කවදාවත් මේ රටේ අරක්කු හිගයක් නම් ඇති වෙන්නෙ නෑ නෑ නෑ මයි. බලමුද? ඇයි කිව්වොත් ජනාධිපති පටන් පියන් දක්වා සහ ගිහියො පටන් භික්ෂූන් ඇතුළු ගැහැණු පිරිමි තරුණ මහලු සෑම සිංහලයෙකුටම අනිවා අරක්කු ඕනමයි.

  8. මෝ says:

    ඔන්න බලන්න නන්දසේන උන්නැහෙගෙ දුර දක්නා නුවන.රටම ගොඩ ගියා.බඩු නැති උනානම් මෙලහකට කැරරිත් ගහල.මෑම වගේද මත්න්පැන්.

Main News