තව වැඩි කලක් ඇමතිකමේ ඉන්න අදහසක් නෑ..- දයාසිරි
April 11, 2018 at 6:48 pm | lanka C news
යහපාලන ආණ්ඩුව තුල ඉන්නවාද නැද්ද යන්න ගැන ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්චාවෙන් පසු අවසන් තීරණයක් ගන්නා බව ඇමති දයාසිරි ජයසේකර සදහන් කරයි.
ආණ්ඩුව එජාපයේ පමණක් යයි පිරිසක් සිතා සිටියද එය එසේ නොවන බවත් ඔහු කටුවායක පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත කීය.
ශ්රීලනිපය සමග සිටින එජාප මන්ත්‍රීවරු විශ්වාසභංගයේ දී පසුපසට ගියා පමණක් බවත් එම පිරිස ඉදිරියේදී ශ්රීලනිපය සමග එක් වනු ඇති බවත් ඒ මහතා සදහන් කලේය.
ආණ්ඩුවේ බෙදීමක් තිබෙන්නේ යයි ශ්රීලනිපය පිලි ගත්තද එජාපය පිළිනොගන්නා බව ද කී ඔහු ඇමතිධුරවලින් අස්වෙන්නැයි කිසිවෙකු දන්වා නැතත් වැඩිකල් ඇමති ධූරයේ රැදෙන්න අදහසක් නැතියිද පැවසීය.
ආ…හිටියත් ඉන්නවෙන්නෙ තව පෝය 16යි…
2020 දී පොහොට්ටුවේ චන්ද කඩා හංසයා දිනවන්නන් ඉන්නේ ඒකාබඩ්ඩයේ ද?
රට ඉදිරියට යන්න නම් සිරිසේන මහින්ද සමග එක්වී රජයක් ගෙන ආ යුතුය
My3 wishwasa karanna puluwan manussayek newai.
Ayei Mahinda nathuwa ratta edireyata yanne nadda
eliwena jaameta honda honda selllann…
Aie oei ELAWAKAN ENNE