තහනම් කර තිබියදී හොරෙන් FB ගියොත් අත්අඩංගුවට..?
March 13, 2018 at 12:02 am | lanka C news
පිවිතුරු හෙල උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
මහනුවර ඇති වුණු ගැටුම ඉවරයි. ඇඳිරි නීතියත් ඉවරයි. හදිසි නීතියත් අනිද්දායින් ඉවරයි. නමුත් ෆේස්බුක් තහනම තවම ඉවර නෑ. ආණ්ඩුව මේ හදන්නේ දඹුළු ගිහින් තලගොයි මරන්නයි. වෛරී ප්‍රකාශ පාලනයට මුවා වෙලා ආණ්ඩු විරෝධය මර්ධනය කරන්නයි. පසුගිය කාලයේ ආණ්ඩු විරෝධයේ උල්පත වී තිබුනේ සමාජ ජාලාවන්. ඒ නිසා මේ ඇති වු කලබලයට මුවා වෙලා සමාජ ජාලා මර්ධනය කිරීමේ වෑයමක යහ පාලනය සහ ප්රාකාෂණ නිදහස පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුව මේ මොහොතේ යෙදී සිටින බව ඉතාම කණගාටුවෙන් උනත් සිහිපත් කරන්න අවශ්‍යයි. ඊට අපි ඉඩ දෙන්නේ නෑ කියන එකත් ජනතාවට අවධාරණයෙන් සිහිපත් කරනවා.
මේ තහනම පැන වූ දවසේම මෙය ප්‍රායෝගික නැති බවත් ෆේස්බුක් ගොඩ විය හැකි තාක්ෂණික මෙවලම් තිබෙන බවත් මම ප්‍රකාශ කළා. මේ දවස්වල කහ ඉර පනින විට අපේ එක කකුලක් ඉරෙන් එළියට පැන්නත් අපිව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබෙන නිසා අපිත් මේ දිනවල ෆේස්බුක් යාම නවතා දැමුවා. නමුත් අපේ තරුණයෝ හොරෙන් ෆේස්බුක් ඇවිත් බලන විට මෙන්න බොලේ ජනාධිපතිතුමායි අගමැතිතුමායි හොරෙන් ෆේස්බුක් ඇවිත්. තහනම තිබෙන අතරේ ඒ අයත් ෆේස්බුක් එකට තොරතුරු ඇතුළු කරලා. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන නිසා ජනපතිතුමන්ටයි අගමැතිතුමන්ටයි හොඳනම් රටේ සාමාන්‍ය ජනතාවට නරක වෙන්නේ ඇයි කියන ප්රශ්නය ඇතිවෙනවා. ඒ නිසා දැන්වත් මේ විහිලුව නතර කරන්න.
වෛරය පැතිරීමට ෆේස්බුක් යොදා ගන්නවා යන පදනමින් එය තහනම් කිරීම විහිළුවක්. මිනීමැරුම් සදහා පිහිය පාවිච්චි කරන නිසා පිහියත් තහනම් කල යුතුයි. ලෝකයේ විශාල පිරිසක් කෑම විස වීමෙන් මිය යනවා. ඒකයි කියලා කන එක තහනම් කරනවාද? ඊට වඩා පිරිසක් මිය යනවා වාහන වලින් ගමන් කරන විට සිදුවන අනතුරු නිසා. ඒකයි කියලා වාහන වල යන එක තහනම් කරනවාද? ලෝකයේ වැඩිම පිරිසක් මිය ගිහින් තිබෙන්නේ ඇඳක නිදා ගෙන සිටිය දී. ඒකයි කියලා ඇඳේ නිදා ගැනීමත් තහනම් කරනවා ද? ඒ නිසා ලෝකයට විහිළු සපයන්නේ නැතුව ෆේස්බුක් තහනම ඉවත් කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.
– අරවින්ද අතුකෝරල
Ehenan ithin pathola thumai waitakolu thumai issellama ganna wenawa.
Must be the stupidest ppl to govern …ever !
Munta hondata FB eke wadinna hinda me mehema kyanawa. Mu wage evun desapalanayen elawala danna oni.
ලංකාවේ ආගමික සංහිඳියාව ඇති කිරීමට ඉතා සුළු ක්‍රියාවක් ප්‍රමාණවත් වේ
එනම් රජයට වගකියන ආගමික වගකියන්නෝ හතරදෙනෙක් පත්කළ යුතුය
පන්සල් පල්ලි කෝවිල් වලට තම තමන්ගේ නායකයා පත්කරගැනීමට අවස්තාව දියයුතුය
ඔවුන් හට එකම මන්දිරයක තම කාරිය සිදුකිරීමට සියලු වරප්‍රසාද දිය යුතුය
එම මන්දිරය සහ ආගම් හතරට අයත් නායකින් හතර දෙනා ලංකාවේ විශේෂිත සලකුණක් වියයුතුය
අවසානයේ මෙම හතරදෙනා විසින් ආගම සම්බන්ද සමාජීය ව්යකුලතාවයකදී එකම තීරණයක් රජයට දියයුතු වේ එය අනිවාරයෙන්ම මිනිස් අයතිවාසිකම් වලට පටහැනි වන්නේ නැත
ජනාදිපතිගේද අනුමැතිය හිමිවීමෙන් එය සමාජ ගතවිය යුතුය
මෙම නායකින් හතරදෙනා පත්කරගැනීම ජාතික ආගමික මංගල්ලයක් යක් වියයුතුය
මෙසේ සිදුඋවහොත් සියලු ආගම් නාමයෙන් ඇතිවන අන්තවාදී කල්ලි නැතිවී යනු ඇත
ඔය මහත්තයත් මේක ගැන පොට වරද්ද ගත්ත කෙනෙක්. මේ වගේ ප්‍රශ්න නැති කිරීමේ මූලික ක්‍රමය තමයි ජනවර්ග අතර තියන තියුණු බෙදීම් රේඛා මකා දමල එක රටක ජාතියක් විදිහට, රටේ ජාතික අනන්‍යතාවයට අනුව හිතන්න හැඩ ගැහෙන්න සැලැස්වීමෙන්. ඒක තමයි දියුණු හැම රටකම සාර්ථකව කරපු ක්‍රමය. නමුත් අපිට ජාත්‍යන්තරෙන් දිගටම කරන්න කියන්නෙ ඕකෙ අනිත් පැත්ත. එනම් ඒගොල්ලන්ගෙ DIVIDE AND RULE න්‍යායට අනුව සුළු ජන වර්ග වල අනන්‍යතා වෙන වෙනම උපරිම ප්‍රවර්ධනය වෙන වැඩ කරන්න කියල. එහෙම තමයි ජන වාර්ගික ප්‍රශ්න කියන කාල බෝම්බ සෙට් කරල තියෙන්නෙ, එක ජාතියක් විදිහට රටට ඉස්සරහට යන්න බැරි තත්වයක් ඇති කරල තියෙන්නෙ. සුද්දන්ගෙ කාලෙ ඉඳල අපිව යැව්වෙ, අපි තාම යන්නත් කැමති ඔය වැරදි පාරේ. නිවැරදි පාරේ යනවනම් ජාති, ආගම් වාදී ලෙස පාසල් වලට ළමයි ඇතුලත් කිරීමේ, ළමයින් පොඩි කාලෙ ඉඳල ජන වාර්ගික මානසිකත්ව වලට පුහුණු කිරීමේ වැරදි ප්‍රතිපත්ති ඉඳල ගොඩක් දේවල් වෙනස් විය යුතුයි. නිවැරදි විය යුතු දේවල් තව දිගට කිව හැකියි. කාලය නැති නිසා නවතිමි.
THEN , PRECEDENT AND PRIME MINISTER SHOULD BE ARRESTED FIRST, BECAUSE ALL MUST RESPECT TO GENERAL LAW.
How stupid our people are! So few appreciate politicians who are educated, well informed and honest like Gammanpila. A national tragedy.
Onna mama giya puluwan nam allapan.Bageta andum andina nisa ganu andum andina ekath thahanam karapalla.
Bolage prshna wisadunama rate prashna wisadeida?