තහනම ඉවත් කිරීම සතුටින් පිලිගන්නවා.. ශ‍්‍රී ලංකාව ගොඩදාන්න සූදානම්..- ගෝලීය ද‍්‍රවිඩ සංසද ප‍්‍රධානී එමානුවෙල්

August 16, 2022 at 9:20 am | lanka C news
තහනම ඉවත් කිරීම සතුටින් පිලිගන්නවා.. ශ‍්‍රී ලංකාව ගොඩදාන්න සූදානම්..- ගෝලීය ද‍්‍රවිඩ සංසද ප‍්‍රධානී එමානුවෙල්

ජාත්‍යන්තර දෙමළ සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ පියවර කෙරෙහි ප්‍රසාදය පළ කරන බව ගෝලීය ද්‍රවිඩ සංසදය සඳහන් කරයි.

එම සංවිධානයේ සභාපති මහාචාර්ය එස්.ජේ. එමානුවෙල් පියතුමන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ව්‍යාජ බිය සහ සැකය යන චෝදනාවට පදනම් වූ පනවා තිබූ තහනම ඉවත් කිරීම සතුටින් පිළිගන්නා බවද හෙතෙම එම පණිවිඩ මගින් කියා සිටියි.

එක්ව රට ගොඩනැඟීමට සියළු ශ්‍රී ලාංකිකයන් එක්වන ලෙසද ඉල්ලා සිටින ඔහු වාර්ගික හා ආගමික වෙනස්කම් පිළිබඳව ලාංකිකයන්ගේ ආකල්ප වෙනස් විය යුතු බවද කියා සිටී.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා රජය විසින් මෙම තහනම ඉවත් කිරීමේ පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට දිර්ඝ කාලීන විසඳුම් සෙවීමේ අරමුණින් බවයි.

දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇති බවත් විදේශ සංචිත ඉහළ නැංවීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයාගේ අදහස වී ඇති බවද එම මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වෙයි.

90,808 views

49 Comments to “තහනම ඉවත් කිරීම සතුටින් පිලිගන්නවා.. ශ‍්‍රී ලංකාව ගොඩදාන්න සූදානම්..- ගෝලීය ද‍්‍රවිඩ සංසද ප‍්‍රධානී එමානුවෙල්”

  1. JR says:

    ඔන්න, අරගල ගායට රනිල්ගෙ බේත ලංකාවට වහක් වුනා. ඒක අරං උන් අකුලගෙන ගියා.. මොකද ජාත්‍යන්තරේ උන්ට තිබුන තහනම ලංකාවෙන් ඉවත් කිරීම ඊළම දුන්නටත් වඩා උන්ට වටිනවා. දැන් ලංකා රජයේ අනුමැතිය ඇතුවම රට ඉන්න කොටින්ට ඕන දෙයක් කලහැකියි. රනිල්ට චන්දෙකින් කවදාවත් ජනාධිපති වෙන්න බැරි හේතුව රනිල්ගෙ ඔය කොටි වලිගයයි. රනිල්ගෝගම පටන්ගන්කොට ජනාධිපති අගමැති දෙන්නම එකවර යාම හොඳ නෑ කියල හිටං විනගේස්සරන් කිව්වෙ ඕක නිසයි. 2015-2020 නතර කරපු තැනින් එහාට රනිල් එක්ක යන්න ඇහැකි බව මෑන්ල දන්නවා. හැබැයි ඔය විදිහට රනිල්ගෙ ජනාධිපති කමත් ගෝටාබය ඉතුර කරපු කාලයට සීමා වෙනවා. යුද්දෙ කාලෙත් රනිල්ල කලේ කොටි පැරදීගෙන යනකොට සාමසාකච්චා තියතියා නැවත ඔවුන්ට සංවිධානය වීමට හැරීමයි. යුද්දෙ පාවල දීපු සුදුකොඩි පොන්සේකට නම් ඉතිං MR සහ GR බිල්ලට දීල කොටින්ගෙ පැත්තම ගන්න එක සුලු දෙයක්නෙ. හැබැයි මරගලේට මුක්කු ගහපු සහ නොගහපු හිටපු හමුදා නිලයන්ට මොනව වෙයිද දන්නෑ. US, UK, UN එහෙම දඟලන්නෙ ඉරාකෙ, ලිබියාවෙ, සිරියාවේ වගෙ වැඩක් ලංකාවටත් දෙන්නයි. උන් ඔක්කොම U.. U.. කියල හිටං United වෙලා දුර්වල රටවල් බේද කරල උන්ගෙ නරුම අවශ්‍යතා සපුරා ගන්නව.. මේ වගත් එසේමයි!

Main News