තහනම නොතකා යාපන සරසවිය තුල මහවිරුවන් සමරයි..

November 27, 2019 at 2:10 pm | lanka C news
තහනම නොතකා යාපන සරසවිය තුල මහවිරුවන් සමරයි..

යුද සමයේදී මිය ගිය මහවිරුවන් සිහිපත් කොට යාපනය විශ්වවිද්‍යාල භූමිය තුල කිසිදු සැමරීමක් සිදු නොකරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් පනවා තිබූ තහනම් නියෝගය නොසලකා හරිමින් එහි සිසුන් පිරිසක් අද (27) උදෑසන සරසවිය තුල මහවිරු සැමරීමක් සිදු කොට ඇත.

යාපනය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි යුද්දයෙන් මිය ගිය අය වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කය ඉදිරිපිටදී මෙම මහවිරු සැමරුම් සිදු කොට ඇති අතර ඒ සඳහා විශ්වවිද්‍යාලයේ සිසුන් 50 ක් පමණ දෙනා සහභාගී වී මහවිරුවන් සමරා පුෂාපෝපහාර දක්වා ඇත.

කෙසේ වෙතත් ඊයේ දින යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය  විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ 26, 27 හා 28 දිනයන්හි විශ්ව විදයාල භූමිය තුල මහවිරුවන් සැමරීමට කිසිදු සිසුවෙකුට ඇතුල්විය නොහැකි බවටත් එසේ ඇතුල් වී සැමරුම් සිදු කරන සිසුන් හට විනයානු කූල පරික්ෂණයක් සිදු කරනු බවටත්ය.

කෙසේ වෙතත් අද දින එම තහනම නොසලකා හරිමින් සිසුන් පිරිසක් සරසවියේ ස්මාර්කය ඉදිරිපිට මෙසේ මහවිරු සැමරුමක් සිදු කිරීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර මෙලෙසින් යපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සිසුන්ට මහවිරු සැමරුමක් තහනම් කරනු ලැබුවේ පළමු වතාවට වීමද විශේෂත්වයකි.

පසුගිය මහවිරු සැමරුම් දිනයන්හි යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සිසුන්ගේ කාර්යාල තුල තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානයේ පෝස්ටර් තිබී සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වීමද සිදු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

191 views

8 Comments to “තහනම නොතකා යාපන සරසවිය තුල මහවිරුවන් සමරයි..”

  1. deal dasa says:

    thaama gammanpila mahaththaya danne netiwa ati me gena …………….

  2. උපාලි says:

    උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්දන බුදිද, නිතිය ක්‍රියාත්මක කලාද? දන්නේ අත් අල්ලාගෙන සුද්දියෝ එක්ක බැංකොක් යන්න විතරද?

  3. kamal says:

    ජවිපෙ ජයග්‍රහණය සදහා ගත යුතු පියවර කමල් පැහදිලි කරයි
    1 කපටිකම කියන වාම වාදි දේශපාලනය හෝ අන්ත දුගි කම වන දක්ෂිණාංශ දේශපාලනය අතහැරිම
    2 බුදු දහම වැලද ගැනිම
    3 සිංහල මනුස්සකම තේරුම් ගැනිම හා මුස්ලිම් අන්තවාදය දෙමල අන්තවාදය තේරුම් ගැනිම
    4 කපටිකමට දේශපාලන න්‍යායන් හද හදා ඉන්නෙ නැතුව බුදුන් හදපු රාජ්ණ්ඩු පාලන ක්‍රමය හෝ ගණ තන්ත්‍ර පාලන ක්‍රමයට කැමති විම නමුත් කෘර ලෙස කපටි විදියට ඉන්න මිනිසුන් අඩුකිරිම
    5කිරිබත්ගොඩ ඤණානන්ද හිමි හමුවි වැඩිදුර කථා කිරිම පුතේ පුතාලාට ආදරේ යකෙක් නෙවෙයි හාමුදුරුවො
    6 කමල් අගමැති කිරිම ඒකල්ලා ලංකාව බේරා ගැනිමට ජනතා විමුක්ති පෙරමුණේ කැබිනට් මණ්ඩලයක් පිහිටවිම

  4. kamal says:

    දෙමල අන්තවාදය සැමරිම ගැන එකක් කියන්න ඔනේ කතෝලික මනෝ විද්‍යාවේදි ආතතිය පිට කිරිම තිබේ. නමුත් බෞද්ධ මනෝවිද්‍යාවේදි ආතතිය පිට කිරිමට ඉඩ නොදේ එය මැඩපැවත්විය යුතුයි.විර්යය ගත යුතුයි.

  5. Siri says:

    Mevani virodhatha paalanaya kala yuththe budhdhimathwayi. Pahu giya rajaya vage ahaka bala innawa nove. Saamayta badhawak nomathi nam, mevan dewal paalanaya kireema vishva vidyala adhikarinta baaradee iwasa indimu. Owunta barinam puluwant aya path karamu. Nathnam e aya rajaye udav illa sitiya yuthuyi.

  6. David Milli-banda says:

    Ohoma poddak hitu……. election iwara wena kam……… Onna podi somiya gaththawe.

Main News