තහනම නොතකා වැල ඔ්පන්.. තවත් එජාප ඇමතිවරුන් තිදෙනෙකු ගෝටා පාමුල.. දෙදෙනෙක්ම සජිත් පිලේ..

August 10, 2019 at 10:40 am | lanka C news
තහනම නොතකා වැල ඔ්පන්.. තවත් එජාප ඇමතිවරුන් තිදෙනෙකු ගෝටා පාමුල.. දෙදෙනෙක්ම සජිත් පිලේ..

එක්සත් ජාතික පක්ෂය ප්‍රබල ඇමතිවරුන් තිදෙනකු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීම සඳහා වේලාව ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම හමුවූ ඉදිරි සතියෙන් පසු දිනෙක පැවැත්වෙනු ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ඉදිරි සතිය පුරා ගෝටාභය රාජපක්‍ෂ මහතා රට පුරා ආගමික ස්ථාන වැද පුදා ගැනීමට යොදා ගෙන තිබීම නිසා හමුවීම් සතියකින් ප‍්‍රමාද වීමට සිදුව ඇත.

එම ඇමතිවරුන් අවස්ථාව ඉල්ලා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා යයි කියමිනි.

එජාප ඇමතිවරුන් වන කබීර් හෂීම් සහ සාගල රත්නායක යන මහත්වරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට ගොස් තිබීම හේතුවෙන් එම පක්ෂය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම තහනම් කර ඇත.

මින් දෙදෙනෙකුම සජිත් පිලට සහාය දක්වන අය බවත් ඉහත ප‍්‍රකාශකයා කියා සිටියේය.

මෙවන් තත්ත්වය මතද මෙම ඇමතිවරුන් තිදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට අවස්ථාවක් ඉල්ලා තිබීම විශේශත්වයක් දරයි.

72 views

13 Comments to “තහනම නොතකා වැල ඔ්පන්.. තවත් එජාප ඇමතිවරුන් තිදෙනෙකු ගෝටා පාමුල.. දෙදෙනෙක්ම සජිත් පිලේ..”

  1. සිංහලයා says:

    සිංහල ජාතියේ අවාසනාවකට ආපු මේ කාලකණ්ණි යහපාලන ආණ්ඩුව නිසා ගරාවැටුණු රට නැවත ගොඩගැනීමට,ගෝඨාභය රාජපක්ෂ වැනි අතිවිශිෂ්ට නායකයෙකුගේ ආගමනය අවැසිම කාලයක් මේ.එමනිසා එතුමා වටා ඒකරාශි වීම දේශප්‍රේමි මිනිසුන්ගේ ජාතික යුතුකමකි.සිංහල ජාතියට ජයවේවා…

  2. sunimal says:

    රට විකුනන්න සහයදුන් අයගෙන් ප්‍රවේසම් වන්න

  3. 77 UNP says:

    UNP යනු ශ්‍රී ලංකාවේ උගත් සහ හරවත් මිනිසුන්ගෙන් යුක්ත පක්ෂයක් ලෙස 1950 ගණන්වල සිට සම්භාවනාවට පාත්‍ර වී තිබුණා. එහි නායකයන් සාතිශය බහුතරය උගතුන් වූ අතර රටේ බහුතරයක් ජනතාවට සම්භාවනීය නායකත්වයක් ලබා දුන්නා.JR දක්වා සියලු නායකයන්ද ලලිත්, ගාමිණී ආදී දෙවන පෙලද පාක්ෂිකයන්ට ගෙනදුන්නේ ගෞරවනීය පක්ෂයක සාමාජිකයන් අපි වෙමු යන සතුටයි. රනිල් මොනතරම් විවාදාත්මක තීරණ ගත්තත් පාදඩයන්ගේ නායකයෙක් නොවීය. නමුත් 1993 පාදඩ සංස්කෘතියෙන් ගැලවුන UNP ය ආපසු හැරවිය නොහැකි පාදඩ අන්තයක් කරා ගමන්කරණ ලකුණු පෙනේ. එසේ UNP නායකත්වය උගත් සහ පෞද්ගලිකව ගරුත්වයක් සහිත පුද්ගලයකුගෙන් ගැලවුනොත් කියන්න වෙන්නේ, අහෝ දුකකි යන්න පමණය. UNP යේ උගත් සහ හරවත් මිනිසුන් පාදඩයන්ගෙන් වෙන්වී අදත් පක්ෂයේ සිටින උගත් සහ හරවත් මිනිසුන් හට නායකත්වය දීමය. SLFP යට එරෙහිව පොහොට්ටුව කලේ එයමය.

    • බම්බුව තමයි.. රනිල් යනු පාදඩ බවේ උච්චතම සංඛේතයයි.. උනෑම කුපාඩි වැඩක් හොරකමක් සිදුකර කිසිත් නොකලා සේ කපටි සිනාවකින් කැලේ යන උත්තරයක් කිසිත් අසු නොවන සාක්කුවේ අත දාගෙන කීමට රනිල්ට ඇත්තේ උපන් හපන් කමකි. එය ජේආර් සහ ප්‍රේමදාස තුල නොතිබුණ ඒකතු කල හැකියාවකි. මෙය නොදකින රටවැසියෙක් වෙ නම් හේ අමුතුම කුහකයෙකි.

    • Susil says:

      “අදත් පක්ෂයේ සිටින උගත් හරවත් ” එහෙම කවුරුත් දැන් නෑ නේද ?

  4. Karu says:

    මට ලොකු බයක් තියනවා පළමුව මහ බැංකුවත් ඊ ළඟට රටත්;
    කා කම්මුතු කළ;(already terminated)
    පාදඩ නරි ටික ගෝඨාට මොකක් හරි ලෙඩක් දායි කියල.

  5. රටවැසියා says:

    මොකටද ලංකාව රැකගන්න ඇමරිකන් පුරවැසියෝ………. ආයෙත් නම් පවුල් පාලනයක් එපා…..
    මිනිස්සු අතුරුදන් කරපු එකා නේද ගොඨා………. මොකා ගෙනාවත් මූට නම් රට බාර දෙන්න එපා…..

  6. 225ම එපා says:

    225ම එපා කියන්නෙ ගෝටාභය ඕනේ. ජය වේවා!!

  7. Asoka says:

    සාගල ගියේ රනිල්ගේ පණිවිඩයක් අරගෙන. මොකා ආවත් රනිලා විපක්ෂ නායක

  8. oyakiyana sabhaaavaneeya unp eka dudlyth ekkama malaa. upanne JRJWARDEEN THAMBI MUDIYANSE KIYANA sarpayaa ugen bo une horu dushithain

Main News