තහවුරු වූ කොරෝනා රෝගීන්ගේ සබදතා 42,000ක් රට පුරා.. ලක්‍ෂයක් තෙක් ඉහල යාමේ අවදානමක්..

April 5, 2020 at 10:12 pm | lanka C news
තහවුරු වූ කොරෝනා රෝගීන්ගේ සබදතා 42,000ක් රට පුරා.. ලක්‍ෂයක් තෙක් ඉහල යාමේ අවදානමක්..

මෙරට හමු මේ වනවිටත් තහවුරු කරගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය සමඟ ගැටුණු 42,000ක පමණ පිරිසක් රට පුරා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා එම පිරිස වහාම කොරෝනා පරීක්ෂණයට භාජනය කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයාට දැනුම් දුන් බව බව එම සංගමයේ උප ලේකම් නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද පැවසූ ඔහු තවදුරටත් බලා සිටින්නේ පරික්ෂා කලයුතු සංඛ්‍යාව ලක්ෂයක් දක්වා ඉහළ යන තුරුදැයි ප්‍රශ්න කළේය.

දැනට මේ සඳහා සිදුකරන පරීක්ෂණ ක්‍රමවේදය දීර්ඝ වේලාවක් යන එකක් බවත් ඒ වෙනුවට වෙනත් පරීක්ෂණ ක්‍රමවේදයක් යෝජනා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

329 views

26 Comments to “තහවුරු වූ කොරෝනා රෝගීන්ගේ සබදතා 42,000ක් රට පුරා.. ලක්‍ෂයක් තෙක් ඉහල යාමේ අවදානමක්..”

  1. Dicky says:

    GOMA is continuing its dirty politics. Doctors are doing their best while Gobba GOMA crooks behaving this way.

  2. ධනා says:

    ප්‍රස්තාර ඇඳලා මාධ්‍යහමු තියන්නනං කියාපු කට්ටිය 😂😂

  3. AJ says:

    ආනේ කරුනාකරල GMOA එකේ ඉන්න මෙන්න මේ කට්ටියගේ telephone නොම්මරයක් දෙන්නකෝ පුලුවන්නම්. හරිත අලුත්ගමගේ,ආනුරුද්ද පාදෙනිය​,ජයරුවන් බන්ඩාර හෝ නවින් ද සොයිසා.
    මේ අය සිතා සිටින්නේ එගොල්ලො සියලුම දේ දන්නවා කියායි.මහතුනි ප්‍රස්තාර වලට දත්ත වලට​
    Sri lanka රෝගින් ගනන පිලිබද අනාවකි කිම හරි යන්නේ නොමෙත​. ඔබ විසින් කල් සියලුම ප්‍රකස ,දත්ත හා දින වකවානු මා සටහන් කරගෙන තිබේ. කරුනාකර තනකොල කන සතුන් නොවි මාධය්‍ය ප්‍රකාස වලින් වලකී ඉන්න​.

Main News