ත්‍රස්තවාදය පෝෂණය කළ ගම්මිරිස් ජාවාරම නවත්වන ආකාරය…

June 20, 2019 at 8:40 am | lanka C news
ත්‍රස්තවාදය පෝෂණය කළ ගම්මිරිස් ජාවාරම නවත්වන ආකාරය…

රිෂාඩ් බදුර්දීන් මහතාගෙන් ඉවත් කළ කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශය ලබා ගත් බුද්ධික පතිරණ මහතා වෙත ලිපියක් යොමු කරමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) ඉල්ලා සිටින්නේ, ගම්මිරිස්, කරුංකා, කුරුදු, සියලබලා ඇතුළු කුළුබඩු ජාවාරමට තිත තැබීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ගම්මිරිස්, පුවක්, කරුංකා, කරාබු නැටි වැනි ද්‍රව්‍ය වෙනත් රටවලින් ආනයනය කර ඒවා ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ ලෙස ව්‍යාජ ලෙස සහතික කර, නිදහස් වෙළඳ ගිවිසුම් මඟින් ලබා ගන්නා බදු සහන යටතේ ඉන්දියාව ඇතුලු වෙනත් රටවලට අපනයනය කිරීමේ ජාවාරක් රට තුළ ක්‍රියාත්මක වේ.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් කැදවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු එහි ජාතික සංවිධායක ලසන්ත වික්‍රමසිංහ මහතා පවසා සිටියේ දේශපාලන බලඅධිකාරියට සම්බන්ධ නිලධාරීන් රේගුව, ආයෝජන මණ්ඩලය වැනි තැන්වල ස්ථානගත කරමින් මෙම ජාවාරම කරගෙන ගිය බවයි.

දේශීය ගොවියාට හිමි අවස්ථාව කොල්ල කමින් කරගෙන ගිය මේ ජාවාරමෙන් ඉපයූ මුදල් අවසානයේ ත්‍රස්තවාදී කල්ලි නඩත්තුව සඳහා ද යොදාගෙන ඇති බව දැන් පැහැඳිළි වී ඇතැයි ඔහු පැවසීය. දේශීය ගොවීන්ට හිමි අවස්ථාව මෙමගින් අහිමි වී ඇති අතර, ඔවුනට සාධාරන මිලක් නොලැබීමට ද මෙම ජාවාරම හේතු වී ඇත. මෙලෙස අයථා ලෙස යෙදවු මුදල් ත්‍රස්තවාදය පෝෂණය කිරීම සඳහා ද යොදා ගත් බව පැහැදිළිය.

බදුර්දීන් මහතාට කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශය අහිමිව ඇති මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රටට කරන විශාල සේවයක් ලෙස සළකා මෙම කුළුබඩු ආනයන කිරීමේදී ආනයනික බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කරන ලෙස වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඉල්ලා සිටියි.

“මෙම ජාවාරම නැවැත්වීම සඳහා, මෙම භාණ්ඩ ආනයනය කිරීමට ප්‍රථම ආනයනික බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කළ යුතු බව අපි යෝජනා කරමු. එවැන්නක් හඳූන්වාදීම තුළින් ඒ සඳහා රජයේ වගකිව යුතු ආයතනයක අවසරය ලබාගත යුතු වේ. එහිදී ඒ සඳහා අවසර දෙන නිලධාරීන්ද වගකිවයුතු තත්වයට පත්වන නිසා, මෙම අයථා ක්‍රියාව සඳහා අවසර ලබා ගැනීම ඉතාම දුෂ්කර වනු ඇත.

ඒ නිසා මේ භෝග ආනයනය සඳහා, වහාම ක්‍රියත්මක වන පරිදි ආනයනික බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ඔබතුමාගෙන් ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටිමු.” යනුවෙන් අමාත්‍ය බුද්ධික පතිරණ මහතා වෙත වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) විසින් යොමු කළ ලිපියේ සඳහන් වේ.

– යටියන ප්‍රදීප් කුමාර

29,348 Viewers

9 Comments to “ත්‍රස්තවාදය පෝෂණය කළ ගම්මිරිස් ජාවාරම නවත්වන ආකාරය…”

  1. Gayantha says:

    ප්‍රතිඅපනායනය කරන එවුන් නවත්තන්නේ නැත්තම් එවුන්ව ප්‍රසිද්ධියේ එල්ලන්න තියෙන්නේ. මේ වගේ කාකන්නි තමයි රට කන්නේ.

  2. SL says:

    බෝම්බ පුපුරවාගත් ඉබ්‍රහිම්ට ගේ පවුලට වාසි වෙන්න බදියුදීන් කල වැඩෙන් පාඩු වුනේ සාමාන්‍ය ගම්මිරිස් වගාකරුවන්ට.හොර වැඩෙන් හම්බ කරපුව ගියේ සහරාන් ලට මේ ගැන පාර්ලිමේන්තුවේ කතාවෙන්නේ නැහැ.කොටින්ම තේරීම් කාරක සභාවේ කතා උනෙත් නැහැ.

  3. බන්ඩා says:

    රිෂාඩ් යහපාලන/යූඑන්පී ඇමතියෙක්. ඉන්දියන්/ලංකා වෙළඳ ගිවිසුමෙන් ගම්මිරිස් ගොවියාට ලැබිය යුතු මුදල රිෂාඩ් සහ කල්ලිය ගසා කෑවා. අද මා වැනි ගම්මිරිස් ගොවියා අනාතය්. ගම්මිරිස් වගා කැලෑ වැවිලා.

  4. Pal says:

    It is surprising to note that they have imported without any permit.
    But according to our quarantine law, any agricultural product need to be imported after obtaining permit from the Srilanka plant quarantine.
    If they have not taken a permit , it is clear that the importer has gone against the rule.
    Why don’t they take action.

    • විස්කි මැඩම් says:

      රට ඇතුලට ආනයනය නොකර වරායෙන්ම ප්‍රති අපනයණය කරලා තියෙන්නේ. මේක නවත්වන්නැයි නීති ගෙන්න ඕනේ.
      සමහර විට නැවෙන් බාන්නේ නැතුවත් ඇති. නැව ගම්මිරිස් තොගයක් සමග ලංකාවේ වරායට එනවා. සමහර විට ලංකාවෙන් තෙල් ගහ ගන්නවා ඇති. නැත්නම් ගම්මිරිස් පොඩ්ඩක් පටවා ගන්නවා ඇති.
      ඉන්පසු ලංකාවේ ගම්මිරිස් බවට සියලුම කන්ටේනර් වල සදහන් කරලා ඉන්දියාවට ගිහින් ගොඩ බානවා.

      ලංකාවේ වරායෙන් ගම්මිරිස් මෙට්‍රික් ටොන් මෙච්චරක් අහවල් නැවට පැටෙවුවා , කියලා සහතිකයක් දීම සහ ඉන්දියාවෙන් එම සහතිකය නැතුව රට ඇතුලට ගම්මිරිස් ගන්න එක තහනම් වෙන ක්‍රමවේදයක් හැදුවොත් තමා මේක නවත්වන්න පුළුවන්.

  5. sathya says:

    Ibrahim’s Spice business also was this type

  6. Kirigoviya says:

    Dan Ara Oooru thel daapu Pitikiri wala prashne Evarada ?

  7. Saradiel says:

    මේ කාලකන්නි රජයට දේශීය ගොවියා වස වගේ මුන්ට චන්දය දීමෙන් වළකිමු මහින්ද අගමැති කරවමු

  8. 77 UNP says:

    රනිල් විරුධයි බුද්ධික රිෂාර්ඩ්දැගේ හොරකම් එලිකරනවට. ඒනිසා බුද්ධික හට උපරිම සම්බාධක නියතයි. මොකද රිෂාර්ඩ් තමයි රනිල්ට අවශ්‍ය පරිදි වහාබ් වාදීන් සහ එහිම දිගුවක්වන ISIS කාරයන්ව USA සහ රනිල්ගේ වාසියට ක්‍රියාත්මකවන්න නඩත්තු කරන්නේ.

Main News