ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරනවා…- ජනපති යුරෝපා සංගම් නියෝජිතයන් මිරිහානේ නිවසට කැදවා කියයි..

October 4, 2021 at 6:39 pm | lanka C news
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරනවා…- ජනපති යුරෝපා සංගම් නියෝජිතයන් මිරිහානේ නිවසට කැදවා කියයි..

ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ අද (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්‍රී ලංකාව සමග එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම මෙම සංචාරයෙන් දූත කණ්ඩායම අපේක්ෂා කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයන් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබීය. සංචාරයේ දී අධ්‍යයනය කළ කරුණු පදනම් කරගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට ඉඩ ප්‍රස්තාව හිමිවන බව පෙන්වා දුන් දූත පිරිස ශ්‍රී ලංකාව වෙනුවෙන් තම සහාය ලබාදෙන බව සඳහන් කළහ.

අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිතුමාටත් උපදෙස් ලබා දී ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය. එලෙසම වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බව ද ජනාධිපතිතුමා විසින් සඳහන් කරනු ලැබිණ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම සහ එමගින් රජය අපේක්ෂිත සම්පූර්ණ සැලසුම් ඉටු කර ගැනීමට එල්ල වූ බාධාවන් ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එසේ තිබිය දීත් දීර්ඝ කාලීන යුද්ධය නිසා ඇති වූ ගැටලු රැසකට විසඳුම් ලබාදීමටත් උතුරු – නැගෙනහිර පළාත් සංවර්ධනයට සේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිතුමා පැහැදිළි කළේය. විශේෂයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහන සැලසීමට සහ අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීමට පියවර ගත් බව පෙන්වා දෙනු ලැබීය.

රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට සහ රට ඉදිරියට ගෙන යාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස් පෝරාවේ සිටින පිරිස සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ දී ද තමා සඳහන් කළ බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

සිවිල් සංවිධාන සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් ක්‍රියාකරන අතර ඒවායේ සහාය රටේ සංහිඳියාවට සහ දියුණුවට ලබාගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

පසුගිය දෙවසර තුළ පැවති උද්ඝෝෂණවලට කිසිඳු අවස්ථාවක බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල නොකිරීමට උපදෙස් ලබාදුන් බවත් උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන්කළ බවත් පෙන්වා දෙනු ලැබිණ.

රජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ ද ඒවාට අවධානය යොමු නොවන අතර කුඩා සිදුවීමක් පාදක කරගනිමින් විවිධ පාර්ශ්ව සාවද්‍ය මතවාද ඇතිකිරීම කණගාටුදායක බව ජනාධිපතිතුමා පැවසීය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීමටත් පෞද්ගලික අංශය වැඩිදියුණු කර රටේ සංවර්ධනයට දායක කරගැනීමටත් ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා දියුණු රටවල තාක්ෂණ ක්‍රමෝපායන් අනුගත කිරීමටත් පියවර ගනිමින් සිටින බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෙරට ප්‍රධානතම ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් තාක්ෂණ සහ පුහුණු සහාය ලබාගැනීමෙන් රටේ ආර්ථික දියුණුව ළඟා කරගැනීමට ඇති හැකියාව ජනාධිපතිතුමා විසින් පැහැදිළි කර දෙනු ලැබිණ.

රට ඉදිරියට ගෙන යන රජයේ සැලැස්ම පිළිබඳ කළ දීර්ඝ පැහැදිළි කිරීම පිළිබඳව දූත පිරිස ජනාධිපතිතුමා වෙත සිය ප්‍රසාදය සහ ස්තූතිය පළ කළහ.

යුරෝපා කොමිසමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, වෙළෙඳ හා තිරසර සංවර්ධන, GSP සහ (Environment Action Programme) හි වෙළඳ කටයුතු සඳහා වූ අධ්‍යක්ෂ ජනරාල් නිකොලොස් සයිමිස් (Nikolaos Zaimis), යුරෝපා කොමිසමේ බාහිර ක්‍රියාකාරි සේවයේ දකුණු ආසියාවේ අංශ ප්‍රධානි, අඕනිස් ජියෝග්කරාකිස් ආර්ජිරොපොව්ලොස් (Ionnnis Giogkarakis Argyropoulos), කොළඹ පිහිටි යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ තානාපති, ඩෙනිස් චායිබි (Denis Chaibi), ජීඑස්පී වෙළඳ සහනය පිළිබඳ සම්බන්ධීකාරක ගයිඩෝ ඩොලාරා (Guido Dolara), රැකියා, සමාජ කටයුතු – කම්කරු, සංචලන – ජාත්‍යන්තර ගැටලු පිළිබඳ ඒකක ප්‍රධානි, අධ්‍යක්ෂ ජෙනරාල් ලුයී ප්‍රැට්ස් (Lluis Prats), ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රතිපත්ති නිලධාරි, මොනිකා බයිලේයිට් (Monika Bylaite), විදේශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

31,431 views

23 Comments to “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරනවා…- ජනපති යුරෝපා සංගම් නියෝජිතයන් මිරිහානේ නිවසට කැදවා කියයි..”

  1. Sorry.com says:

    ෆේස්බුක් බයියන්ගේ හීන මාලිගා එකින් එක බිඳවැටෙනවා ඩේටා කාඩ් දෙවියනේ….

    • Love nature says:

      ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත් සංශෝධනය කිරීමත් දෙමල කොටි ඩයස් පෝරාව සමග එක්වීමත් අපේ රටට ජාතියට කල හැකි ලොකුම අපරාධයයි …වසර 30 ත්‍රස්තවාදයෙන් බැටකෑ රටක් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත් යුරොපියන්ගේ ඉල්ලීමට සංශෝධනය අපේ ජාතියට කරන වින්නැහියක් .ජනපති තුමෙනි .69 ලක්ෂ යක් ජන්දේ දුන්නේ දෙමළ ඩයස් පෝරාවගේ ඉල්ලීම් ඉටුකිරීමටද? කරුණාකර රට ජාතියට ද්‍රෝහී කම් නොකරන මෙන් ඉල්ලමි ..

      • Boris Vanculenberg says:

        Hey love nature, the country is going to be on the beggar’s mat very soon. What will happen talking to Diaspora? It was Gota who wants to talk, not the Diaspora that came forward! Think of your country’s future you rubbish bloody donkey

        • Love nature says:

          Boris, Nothing to think about our MOTHERLAND .Our Motherland safe without tamil Diaspora terrorists ..Who need to talk with Tamil diaspora racist terrorists….Don’t write bullshit you bloody tamil idiot ..For the past quarter-century the Tamil diaspora has shaped the Sri Lankan political landscape through its financial and ideological support to the military struggle for an independent Tamil state. Although the May 2009 defeat of the Liberation Tigers of Tamil Eelam (LTTE) has dra-matically reduced the diaspora’s influence, the majority of Tamils outside Sri Lanka continue to support a separate state, and the diaspora’s money can ensure it plays a role .ONCE A TERRORIST ALWAYS TERRORIST .. We always think about our Motherland that’s why we need not want to talk with bloody Tiger Tamil Diaspora..Go to South India your homeland .

    • පැන්ඩෝරා පේපර්ස් says:

      Baiya’s left the chat !

    • බයියා says:

      අන්නේකයි. ටොයි හීන බිඳවැටුනෙ මීට අවුරුදු 7කට කලින්. පවු උන්. උන් දැන් ‌ලතෝනි දෙන්නෙ බයියො වෙනුවෙන්.

      • harsha says:

        ලංකාව ලෝකයේ කොටසක් බව තේරුම් අරන් ඉන්න අයට මේක අරුමයක් නෙවෙයි. හැබැයි ලෝකය ලංකාවේ කොටසක් කියලා හිතාගෙන හිටපු අයගේ හීන බිඳ වැටෙනවා.

        • CAT says:

          උබ අනුර වගේම දෙමළ කොටි ඩයස් පෝරාවේ ඉත්තෙක් නේද ? උබේ මොලේ පරික්ෂා කරගනින් බූරුවෝ

    • ජගත් says:

      තියෙන එකම වෙනස් විදියකට ලියන එකත් සංශෝදනයක් තමයී. එකම දේ කොරන්න විදි කීපයක් තියෙනවා. ඔලුගෙඩිය පුකේ ඔබන් ඉන්න මැටි උත්තලට මේක තේරෙන්නේ නැහැ.

  2. harsha says:

    ලංකාව ලෝකයේ කොටසක් මිස ලෝකය ලංකාවේ කොටසක් නෙවෙයි කියලා පහුවෙලා හරි තේරුම් ගත්ත එක හොඳයි.

    • අනුර කුමාර දිසානායක says:

      ලෝකයේ කොටසක් තමයී හැබැයී ස්වාධීන රටක්. තෝ බූරුවෙක් කියල ලෝකෙට පෙන්නපන් මේ වගේ බූරු කොමෙන්ට් දාලා.

      • harsha says:

        එහෙනම් කියපන් ලොක්කාට GSP එපා කියලා EU නියෝජිතයන් පන්නන්න කියලා.

      • Spirit says:

        දෙමළ කොටි ඩයස්පෝරා සමග මොන සාකච්චාද ? ලැජ්ජයි ජනපතිතුමෙනි ,ඔබ මෙවැනි .අනුවන ක්‍රියා කිරීම ගැන ….දෙමළ කොටි ඩයස් පෝරා වල යටුකුට්ටු උගුල් වලට අසුනොවන්න.. විදේශ ගතවී සිටින සිංහල ඩයස්පෝරා සමග සාකච්චා කරන්න .අපේ රට ජාතිය රැක ගැනීමට දෙමළ කොටි අවශ්‍ය නැත .
        අපි සිංහලයින්ට අපේ සිංහල මව් බිම ආරක්ෂා කරගන්න පුළුවනි

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    බෛයො කුජීත කරනවා කියලා ඔහොම කුජීත කරන්න නරකයි , යූ.එන් එකට ගිහිල්ලා කොටි ඩයස්පෝරාව එක්ක සාකාච්චා කරන්න සුදානම් කිව්වා , දැන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කරන්න යනවලු , යකො මාර නැවිල්ලක්නේ නැවෙන්නේ , අර පහලම ස්ථරයේ ඉන්න පැන්ඩෝරා බොක්ස් බෛයො කියන විදියට වියයුතුදේ වෙමින් පවතී ! ද ? එහෙං මෙහෙං උම්බෑ ගාන බෛයෙක් දෙන්නේක් ඇරෙන්න දන නමලා වහල්ස්වාමීන්ට දෙන හාර්ඩ්කො බෛයෙක් දෙන්නෙක් පේන්නවත් නෑ. ගොං බෛයො හෑව් ලෙෆ්ට් ද චැට්. 😂😂😂 !! දන නමලා දෙන්නේ ,නමලා !! 😂😂😂

    • අනුර කුමාර දිසානායක says:

      තොගේ මාමාගේ දරුවෝ කොරන හැම උත්තටම තෝද වග කියන්නේ? නැත්තන් තොගේ මාමාත් තෝ වගේම දරුවෝ නැති වඳ පොන්නයෙක්ද? මෝඩ මූසලයා.

  4. බිංකුණ්ඩා says:

    දැන් බයි පුතාල රචනා පොත් අතට ගන්න

  5. අනේ පව් says:

    කැරකිලා දෙකට නැමිලා අපේ මැතිතුමා,
    බයියන්ට පොර ටෝක් දුන්නේ මං..
    අද වෙනකොට ඇපත් නෑනේ බං..

  6. Hitan says:

    Excellent speech

  7. සම්පත් says:

    ඔය පනතේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැතුව ඕක ගැන මොකුත් කියන්න බෑ, නමුත් පනත සංශෝදනය කරලා, ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙනවා නම් මේ ආණ්ඩුවෙන් වැඩක් නෑ. මොක උනත් අරයා මෙයා කියන පදේට නටලා අපි රට විනාශ කරගන්න නරකයි. යුරෝපෙට තියෙන්නේ නාසි කොඩි, නාසි පක්ෂ වලට ඉඩ දෙන්න කියන්නයි. GSP+ එක දීලා, උන්ට ඕන කරන දේවල් අපි කරන්න බැදිලා නෑ. අපේ රටේ ආර්ථිකය තනිකරම දුවන්නේ රෙදි පිළි, සංචාරක කර්මාන්තය වගේ බොහෝම කේෂත්‍ර පොඩ්ඩක් මත. අපි හරිනම් රටේ ආර්ථිකය diversify කරන්න ඕනේ.

    • harsha says:

      අකමැති නම් GSP+ නොගෙන ඉන්න පුළුවන්. බලෙන් දෙන්නේ නෑ.

    • OLU says:

      GSP+ ලබාගැනීමට දෙමළ කොටි ඩයස් පෝරාවට අවශ්‍ය ලෙස ත්‍රස්තවාදී පනත් වෙනස් නොකරන්න එය අපේ රට ජාතිය බේරාගැනීමට දිවි දුන් රණවිරුවන්ට කරන නිගාවක්.. මහා අපරාධයක් එයට අපේ විරුද්ධතාවය පල කරමු

  8. 3% ට බය බයියා. says:

    විරුවා හොදටම භය වෙලා වගෙයි .

  9. කුමාර says:

    අන්තිමේදී උතුර විතරක් නොවේ මුලු රටම ඩයස් පෝරාවට බාරදීලා තමා නවතින්නේ. නටාපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.
    මේක තමා ලන්කාවෙ දේශපාලන භූමිකාවේ යතාර්තය. බොරු කියලා බලයට ඇවිත් බටහිර බලවත් රටවල් වල පදයට නටනවා. මේක එක පක්ෂයකට විතරක් නොවේ, ජේවීපී ආවත් ඕකම තමා වෙන්නේ.