ත්‍රිපිටකය ජනාධිපති විසින් ජාතික උරුමයක් කරයි..

January 3, 2019 at 12:40 pm | lanka C news
ත්‍රිපිටකය ජනාධිපති විසින් ජාතික උරුමයක් කරයි..

ත‍්‍රිපිටකය ජාතික උරුමක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.

2000ක පමණ මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් මාතලේ අලුවිහාරයේ දී මෙම උත්සවය පැවැත්වෙන්නේ එළැඹෙන 05 වැනිදායි.

ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇත්තේ ත්‍රිපිටකය සම්බන්ධයෙන් මේ වන විට විවිධ කණ්ඩායම් හා පුද්ගලයින් විසින් සිදු කරන විකෘති විවරණ හේතුවෙන් බුදුදහම අවභාවිත වීම වැලැක්වීමටයි.

මෙරට සතු පාලි ත්‍රිපිටකය ලෝකයේ මේ වන විට ඇති මුල් බුදුදහම විශ්වාසනීවය නියෝජනය කරන්නක් යයි ශ‍්‍රාස්ත‍්‍රිය පර්යේෂණවලින් හෙලිව ඇත.

11,094 Viewers

14 Comments to “ත්‍රිපිටකය ජනාධිපති විසින් ජාතික උරුමයක් කරයි..”

  1. nikil manusha says:

    aththenma godak hoda wadak

    • "පිරිත ගයයිද මතු දෙමළ බසින්" says:

      ත්‍රිපිටකය ජාතික උරුමයක් රටේ කලාට
      පිරිත සිංහලෙන් ‘ගායන’ කරත් උදේ රෑට
      සජ්ජායන කලයුතු උරුම පැරණි ක්‍රමයට
      උරුමය රැකේ පිරිත බල බොදු මුතු රටට

      පිරිත් සජ්ජායනය මුලු ලොවම පාලි බසින්
      කරත් බොදු රටවල් උරුම රැක පාලි බසින්
      අප රටෙ සමහර සඝණ ගයති සිහළ බසින්
      බලා සිටිමු පිරිත ගයනව මතු දෙමළ බසින්

    • Kamal says:

      වස්ස වලාහක කියල සුත්‍රයක් තියෙනව ඕකෙ. වැස්ස වස්සන්නෙ දෙවි කෙනෙක්ලු. 😀 😀

      • කිරිබත් says:

        කිරිබත්ගොඩ පැත්තෙ හාදයෙක්ගෙන් නේද කොල්ලනේ ඔය ත්‍රිපිඨකය බේරාගන්න හදන්නේ

      • ceejay says:

        ඉතින් ඔය බයිබලයේත් කුරනයේත් තියෙන්නේ ඔහේව මවල තියෙන්නෙත් දෙයියෙක්නේ .

    • analyst says:

      vikaara. Thripitakaya Jaathika urumayak vela avurudu siya gananak pahu wela ivarayi.
      Now he tries to make the thripitaka a national treasure ?
      It has been a national treasure for hundreds of years.
      What stupidity.
      Just trying to get MARKS FROM THE PUBLIC

  2. Love nature says:

    අනිවාර්යෙන් මේ සමග 20 වෙනි සංසෝදනය හකුලා ගත යුතුය

  3. LION says:

    බුදු සසුන බැබලේවා

  4. Masjidul Abrar says:

    බුද්ධඝෝෂ හාමුදුරුවෝ මාතලේ අලුවිහාරේ ග්‍රන්ථාරූඪ කරපු ත්‍රිපිටකය දැන් ලන්ඩන් වල නේද තියෙන්නෙ?

  5. siri says:

    Budusasuna saha rata jathiya surakeemata pinwath obathumage avadhanaya yomuweema agaya karamu.

  6. නුවන් says:

    මෙය දෙපැත්ත කැපෙන දැළි පිහියකින් කිරි කනවා වැනිය. ජනාධිපතිතුමා අතින් නිවන් මග වැහීමටත් ඉඩ ඇත. එහි ප්‍රතිවිපාක අති මහත්ය. උදාහරණයක් ලෙස කියතොත්, ලංකාවේ දැනට භාවිත වන බුද්ධ ජයන්තී ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය පිළිබඳව විවිධ මත ඇති බැවින් (අන් ත්‍රිපිටක වලටද සෛ්මය) යම් පරිවර්තන දෝෂයක් නිසා එම ග්‍රන්ථ තුළ දහම වැසී තිබිය දී එය ජාතික උරුමයක් කළොත් නෛතික තත්ත්වය නිසා කිසිම කෙනෙක් එය නිවැරදි නොකරාවි. සංවාදයට විවෘත නොමැති හේතුවෙන් එවිට බුදුදහම සදහටම වැළලී යාවි. එය මහා පාපකර්මයකි. බුදුදහමේ මළගම මෙය වේවි. බුදු දහම සැමදා පැවතුනේ සච්චවාද මතින් හා භාවිතාවෙනි. ජනාධිපතිතුමා මෙම පවෙන් බේරීමට කළයුතු වන්නේ පාළී පාඨ පමණක් ජාතික උරුමයක් කිරීමයි (එසේ කිරීමට හේතු ඇත්නම්). සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් හෝ දී ඇති අර්ථ පිළිගැනිම, නොපිළිගැනීම හෝ වෙනත් අර්ථ සැපයීම ඒ ඒ පුද්ගලයා ගේ දහම් අවබෝධය මත සිදුවිය යුතුය. තවද, මේ හරහා බෞද්ධයන්ට ප්‍රශ්න කිහිපයක් පැනනඟී. 1. භික්ෂූන් වහනසේ නමක් කී පරිදි දැනට ත්‍රිපිටක තුනක් ලෝකයේ පවතී. ටිබෙට්, චීන, ලංකා. ලංකාවේ ද විවිධ මණ්ඩල හා පුද්ගලයින් විසින් ත්‍රිපිටක ලියා ඇත. (උදා, නැදිමාලෙන් ප්‍රකාශිත කිරම විමලජෝති හිමි මූලිකත්කවය ගෙන තරන ලද ශ්‍රී සම්බද්ධ ජයන්ති ත්‍රිපිටකය, ද සොයිසා ශූරීන් පළ කළ සිංහල ත්‍රිපිටකය, මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ විසින් රචිත ත්‍රිපිටකය පරිවර්වෙථන හා වෙනත් පුස්කොළ පොත් ආදී වශයෙනි. මෙයින් කුමක් ජාතික උරුමයක් බවට පත්වන්නේ ද? 2. එය කුමක් වුවද ශ්‍රී ලංකා ජාතියට එහි ඇති උරුමය කුමක් ද යන්න තහවුරු කර ගැනීම (එය ඉන්දියාවේ හෝ වෙනත් රටක දෙයක් නම් ලංකාවේ උරුමයක් වන්නේ කෙසේ ද යන්න, විශේෂයෙන් බුදුන් උපන්නේ නේපාලයේ නම්) 3. වෙනත් රටක භික්ෂුවක් (උදා, තායිලන්ත, ඇමරිකා) ශ්‍රී සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකය (එය ජාතික උරුමයක් කරන්නේ නම්) ත්‍රිපිටක‍ය උපුටා දක්වමින් බණ කීමට ශ්‍රී ලංකණ්ඩුවේ අවසරය ලබා ගැනීමට අවශ්‍යවේ ද යන්න. 4. ජාතික උරුමයක් වීම සිදුකරනුයේ පාළී (බුද්ධ භාෂිතය) හා සිංහල පරිවර්ථනය යන දෙකටම අදාළ ද යන්න. බුදු දහමේ මළගම මෙය නොවේවා!

    • Nisal says:

      ඔබගේ අදහස ඉතාම නිවැරැදි බව මගේත් වැටහීම. මෙයින් වෙන්න පුළුවන් විනාශය මතුකල යුතුයි

  7. Ariyathilaka says:

    චිරං තිට්ඨතු ලොකස්මිං සම්මා සම්බුද්ධ සාසනං – පරවාද මථනය කර සම්බුදු දහම සුරක්ෂිත කිරීමට ගන්නා මෙම පියවර මහත් ආනිසංස දායකය. මේ සදහා නම් කළ යුත්තේ “බුද්ධ ජයන්ති ප්‍රකරණ ” ත්‍රිපිටකය ග්‍රන්ථයන් ය. වෙනත් ග්‍රන්ථ නම් කිරීම දෝෂ සහිතය. මෙහි තව පියවරක් ලෙස අටුවා (අට්ඨකථා) ජාතික උරුමයක් ලෙස නම් කරන්නේ නම් බුදුදහමේ චිරස්ථිතියට මහත් පිටුවහලක් වේ.

    • තරංගා says:

      බුද්ධ ජයන්ති ප්‍රකරණය සම්පාදනය කර ඇත්තේ 50 දශකයේ බැවින් එය ජාතික උරුමයක් කල හැකි නම් ආසන්න කාලයේ ලියා ඇති වෙනත් ධර්ම පොත් ද එසේ කළ හැකිය. මා සිතන්නේ අළුවිහාරේ දී කරන ලද පුස්කොළපොත් පමණක් (මූලාශ)මේ සඳහා භාවිතා කළ යුතුය

Main News