ත්‍රිපිටකාභිවන්දනා – ථෙරවාද ත්‍රිපිටකය ජාතික උරුමයෙන් ලෝක උරුමයට…
March 16, 2019 at 8:02 am | lanka C news
ජාතික උරුමයක් ලෙස පසුගිය ජනවාරි 5 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රකාශයට පත් කරන ලද ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් කිරීමේ අරමුණ පෙරදැරිව සිදුකෙරෙන ‘ත්‍රිපිටකාභිවන්දන සතිය’ පදනම් කරගත් ජාතික වැඩසටහන් මාලාවක් මාර්තු 16 සිට 23 දක්වා කාලය තුළ රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයේ දායකත්වයෙන් සංවිධානය කර ඇත.
එම සතිය සාර්ථක කර ගැනීම සදහා ශ්‍රද්ධාසම්පන්නව ජනතා දායකත්වය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එකී ‘ත්‍රිපිටකාභිවන්දනා සතිය’ පුරා සිදු කිරීමට යෝජිත වැඩසටහන සහ එයට දායකත්වය දැක්විය හැකි අයුරු පහත පරිදි වේ.
- ⁃ එම සතිය පුරා තම නිවෙස්වල, කාර්යාලයේ, වාහන වල බෞද්ධ කොඩි ඔසවා දායකත්වය ලබා දීම.
- ⁃ එම සතිය පුරා ශ්‍රීලංකාවේ සියළු විහාරස්ථාන වල දිනපතා පස්වරු 6 සිට 6.15 දක්වා පැවත්වෙන ශබ්ද පූජා පිංකම්වලට සහ ආශීර්වාද පිංකම් සිදු කිරීමට දායක වීම.
- ⁃ මාර්තු 16 (සෙනසුරාදා) සහ 17 (ඉරිදා) විදේශයන්හි ශ්‍රී ලාංකික විහාරස්ථානවල සිදු කරන ආගමික වැඩසටහන් සහ ශ්‍රී ලාංකික මහ කොමසාරිස් හා තානාපති කාර්යාල මුල් කරගෙන සිදු කරන විශේෂ ආගමික වැඩසටහන් වලට දායක වීම.
- ⁃ මාර්තු 16 (සෙනසුරාදා) – දීප ව්‍යාප්ත පිණ්ඩපාත දානමය පිංකම සෑම පොලිස් බල ප්‍රදේශයකම ප්‍රධාන නගරයක් ආශ්‍රිතව සිදු කෙරේ. මේ සදහා අදාල නගර වල සුදුසු දානමය පූජා සිදු කිරීම සහ එකී පිංකම්වලට දායක වීම.
- ⁃ මාර්තු 17 (ඉරිදා) – දීප ව්‍යාප්තව දහම් පාසල් ආශ්‍රිතව සිදු කෙරෙන විශේෂ වැඩසටහන් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මැතිතුමාගේ සංකල්පයකට අනුව දහම් පාසල් දෙසියයකට වැඩි ප්‍රමාණයකට නව දහම් පාසල් ගොඩනැගිල්ල බැගින් ලබාදීමට මුල් ගල් තැබීම.
- ⁃ මාර්තු 18 (සදුදා) දීප ව්‍යාප්තව පාසල සහ පිරිවෙන් පදනම් කර සිදු කරන ආගමික වැඩසටහන්.
- ⁃ මාර්තු 19 (අගහාරුවාදා) රාජ්‍ය නොවන අංශයේ මූලිකත්වයෙන් දීප ව්‍යාප්තව සිදු කෙරෙන ආගමික වැඩසටහන්වලට දායක වීම.
- ⁃ මාර්තු 20 (බදාදා – පොහොය දින) සදහම් යාත්‍රා ධර්ම දේශනා වැඩසටහන සහ දීප ව්‍යාප්තව සිදු කෙරෙන ශීල වැඩසටහන්වලට දායකත්වය ලබා දීම.
- ⁃ මාර්තු 21 (බ්‍රහස්පතින්දා) – රට පුරා පළාත් ආණ්ඩුකාර කාර්යාලවල සිදු කෙරෙන මහා සාංඝික දානමය පිංකම්වලට දායක වීම.
- ⁃ මාර්තු 22 (සිකුරාදා) – රාජ්‍ය අංශයේ ආයතනවල දීප ව්‍යාප්තව සිදු කරන ආගමික වැඩසටහන්වලට දායක වීම.
- ⁃ මාර්තු 23 (සෙනසුරාදා) ප.ව. 2 ට මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ පැවැත්වෙන ‘ත්‍රිපිටකාභිවන්දනා’ මහෝත්සවය.
– PMD
දැන් ඉතින් බුද්ධාගමත් පාලියෙන් නැතිව ඉංග්‍රීසියෙන් ම ඉගෙන ගනිල්ලා..සුද්දට සහ සුද්දගෙ නීතියට සහ බටහිර ආගමට අනුව බුද්ධාගමත් ඉගෙන ගනිල්ලා..අන්තිමට වෙන්නේ ථේරවාදී බුදු දහම ලංකාවෙන් ඈත් වෙලා මියන්මාරය ට පමණක් සීමා වෙන එකයි. ඒකට කමක් නෑ නායක හාමුදුරුවන් ට නිතරම යුනෙස්කෝ යන්න ලැබෙනවා නේ..
අනිවා..…. කටපාඩමෙන් ගෙන ආ පාලි ත්‍රිපිටකය ඉංගිරිසියට පරිවර්තනය කරද්දී හරියටම පරිවර්තනය කරලා තිබුනොත් හොදයි. නැත්නම් බඩුම තමා.
කරනවා නම් ලෝක උරුමයක් කල යුත්තේ ඔරිජිනල් පාලි ත්රිපිටකයයි.
Religion is the last fortress of any scoundrel.
Sirisena is not an exception.
Mahanayaka hamuduruvarun gen ratata vadak naha
Mokatada me mahanayaka kam ?
Budu hamuduruvange kaale mahanayaka la hitiye naha.