ත්‍රිපිටකාභිවන්දනා පිණ්ඩපත චාරිකා සහ දානමය පින්කම් රට පුරා අතිසාර්ථකව…
March 17, 2019 at 8:02 am | lanka C news
ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාව විසින් රැකගෙන ආ නිර්මල බුදු දහම අන්තර්ගත වූ උතුම් ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙසට යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කෙරෙන යෝජනාවට පූර්වගාමීව ප්‍රකාශයට පත් කර ඇති ,ත්‍රිපිටකාභිවන්දනා, සතිය ඊයේ (16) දිනයෙන් ආරම්භ විය.
උතුම් ත්‍රිපිටක ධර්ම දායාදය ලෝක උරුමයක් බවට පත්කර සංරක්ෂණය කරවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් පියවර අනුව 16 සිට ලබන 23 වන දින දක්වා වන සතිය ත්‍රිපිටකාභිවන්දනා සතිය ලෙසින් ප්‍රකාශයට පත් කෙරිණි.
එහි පළමු දිනය වන ඊයේ දින පොලිස් වසම් මට්ටමින් දීප ව්‍යාප්තව පිණ්ඩපාත දානමය පිංකම් සංවිධානය කර තිබුණි. ඒ වෙනුවෙන් ජාතික මට්ටමේ ප්‍රධාන වැඩසටහන ලෙස 07, කුරුඳුවත්ත පොලිස් ස්ථානය සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව, ස්වාමීන් වහන්සේලා 67 නමකගේ සභභාගිත්වයෙන් ඊයේ පෙරවරුවේ නිදහස් චතුරඝ්‍ර පරිශ්‍රයේ සිට විපස්සනා භාවනා මධ්‍යස්ථානය දක්වා වැඩම කෙරිණි.
මග දෙපස රැඳී සිටි සැහැදැවත්හු පිණ්ඩපාත පින්කම සඳහා එක්වූ අතර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ප්රමුඛ පොලිස් නිලධාරීන් විසින් ස්වාමීන් වහන්සේලා උදෙසා දානය පිළිගැන්වීය.
අනතුරුව පිරිකර සහ සෙසු දානමය වස්තූන් උන්වහන්සේලා උදෙසා පූජා කිරීම සිදු වූ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍රකර ගනිමින් ප්‍රධාන පොලිස් ස්ථානයක් විසින් සංවිධානය කෙරෙන මෙවැනි පිණ්ඩපාත දානමය පින්කම් ඊයේ දිනයේ පැවැත්වීන.
ත්‍රිපිටකාභිවන්දනා සතියේ දෙවන දින වන අද (17) දිනයේ සියලු දහම්පාසල් කේන්ද්‍රකර ගනිමින් විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබේ.
ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත්කරන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් මාර්තු 23 වනදා ඓතිහාසික දළදා මාලිගාවේ මහම`ථවේ දී සිදු කෙරේ.
– PMD
sadu…. sadu…. sadu….
මේකත් සිංහළ බෞද්ධයන් ඇන්දවීමේ. එක් පැත්ක්කඩක්
සිංහළ බෞද්ධයන් හැම අතින්ම දේශීයවත් වීදේශීයවත් අසරන කරලා භික්සූන්වහන්සේලා හිරගතකරලා ත්රීපිටකයක් අරන් සිංහළ භෞද්දයින්ව අන්දවනවා. අදෝමැයි
Rawanaa, attha attha,ae ehenam apey galabada haaamuduruwanwa nidahas nokarannnney.